බලපත‍්‍ර කොන්දේසි උල්ලංඝනය කරමින් හොරෙන් වැලි ගොඩදැමීම්, කළුගල් කැඞීම් හා බොරළු කැපීම් ආදිය වැටලීම සඳහා භූ විද්‍යා සමීක්‍ෂණ හා පතල් කාර්යාංශයට අනුබද්ධ විශේෂ පොලිස් ඒකකයක් ස්ථාපිත කරයි.
පොලිසියේ හා පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ගේද සහභාගීත්වයෙන් මෙම ඒකකය ඇරඹු බව කාර්යාංශයේ සභාපති ආචාර්ය කිත්සිරි දිසානායක මහතා පැවසීය.
මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යවරයා ද වන ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ඍජු අධීක්‍ෂණය යටතේ ආරම්භ කර ඇති මෙම ඒකකය දවසේ පැය 24 පුරා ක‍්‍රියාත්මක බවත්, අනවසර හා නීතිවිරෝධී වැලි ගොඩදැමීම්, කළුගල් කැඞීම්, පස් කැපීම් ආදී සිදුවීම් වේ නම් ඒ සම්බන්ධ පැමිණිලි 011 2862862 දුරකථන අංකයෙන් මෙම ඒකකය වෙත හෝ තමාගේ ජංගම දුරකථන අංකය වන 077 3305157 වෙත ලබාදිය හැකි බවත් සභාපති කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අයට ස්වාදීනව වැඩ කරන්න බලය දෙන්න ඔය දේශපාලන ඇගිලි ගැසීම් නැතුව. (ම)