කන්තලේ පැත්තේ පාරවලට පස් හා බොරළු සොයා ගැනීමට කන්තලේ වැව් පිටිය ද හරා මහා විනාශයක් කර ඇත.
ඒ පිළිබඳ අවධානය යොමු කරන ලෙස ත්‍රිකුණාමලය දිසාපති මේජර් ජනරාල් මී මී රංජිත් ද ස්ල්වා මහතා ලිපියකින් ත්‍රිකුණාමලය වාරිමාර්ග අධ්‍යක්ෂ වෙත දන්වා තිබේ.
මෙම ව්‍යාපෘතිය යටතේ මාර්ග සංවර්ධනය කිරීමේ කටයුතු පසුගිය මස 25 වැනි දා උත්සවාකාරයෙන් ආරම්භ කැරිණි.
මෙම කටයුතු ආරම්භ කිරීමත් සමග අනවසරයෙන් කන්තලේ වැව් පිටියෙන් පස් හා බොරළු කැපීම සිදු විය.
ඉකුත් 23 වැනි දා මෙසේ හොර රහසේ පස් කැපීමේ යෙදුණු තිදෙනකු බැකෝ යන්ත්‍රයක්, ටිපර් රථ තුනක් ද සමග පොලිසියෙන් අත්අඩංගුවට ගෙන නඩු පැවැරීය.
වැව් පිටියේ පස් කැපීම ඇන හිටියේය.
.
ඉකුත් 12 වැනි දාතමින් දිසාපතිවරයා නියෝජ්‍ය වාරිමාර්ග අධ්‍යක්ෂවරයාට ලිපියක් යවා ඇත.
මෙම ව්‍යාපෘතිය සඳහා පස් හා බොරළු කන්තලේ වැව් පිටියෙන් ලබා ගැනීමට හැකියාව ඇති බැවින් තමන් ඒ පිළිබඳ විමසා බැලුව ද ඉදිරියේ වැසි සහිත කාලගුණය ආරම්භ වීමට පෙර ව්‍යාපෘතිය අවසන් කළ යුතුව ඇති හෙයින් මේ පිළිබඳ ප්‍රමුඛත්වය ගෙන කටයුතු කරන ලෙස ලිපියෙන් දන්වා ඇත.
මෙම කටයුත්තේ දී යම් පාරිසරික බලපෑමක් සිදු වන්නේ නම් එය සමනය කිරීමට නැගෙනහිර පළාත් සභා මන්ත්‍රී ජයන්ත විජේසේකර මහතා අවශ්‍ය පියවර ගන්නා බව ද දිසාපතිගේ ලිපියේ සඳහන් ය.
මෙම වැව් පිටියෙන් මෙම වැව් පිටියෙන් නියෝජ්‍ය වාරිමාර්ග අධ්‍යක්ෂවරයකු මධ්‍යම පරිසර අධිකාරිය වනජීවී දෙපාර්තමේන්තුව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, භූ විද්‍යා හා පතල් කාර්යංශයේ හා ජාතික මැණික් හා ස්වර්ණාරණ අධිකාරියේ වාර්තා ලබා ගැනීමට යයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය හොයන්නේ මොනවද දන්නවද? (නි)
වැවද, පාරද, කොන්ත්‍රාත්කරුද වඩා වැදගත්?(නදී)
අටුව කඩලා පුටුව හැදුවා වගේ වැඩක් වෙයි වගේ (නි)
එන හැටියට තීරණය ගන්නවා. (නි)
එක පැත්තක් දියුණු කරන්න තව පැත්තක් විනාශ කරනවා. මේකද සංවර්ධනය... (ස)
වැවු පිටිය ක්‍රමවත් ලෙස හාරා වැව සංවර්ධනය වන ලෙස එම ක්‍රියාව කළාට කමක් නැතිබවයි මගේ අදහස. අහසින් වැටෙන වතුර වැඩිපුර රදවා ගත හැකි ක්‍රමයකට. (නි)