කාලිඩ් හා බ්‍රාහිම් එල් බක්‍රාවුල් යන සහෝදරයන් දෙදෙනා බෙල්ජියමේ බ්‍රසල්ස් ගුවන් තොටුපළේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයට එන්නට ඇතැයි බෙල්ජියම් ආරක්ෂක අංශ උපුටා දක්වමින් සීඑන්එන් පුවත් සේවය කියයි.
පැරිසියේ පසුගිය නොවැම්බරයේ ඇතිවූ ප්‍රහාරයට මේ දෙදෙනා වග කියන බවද පොලිසිය පවසයි.
කාලිඩ් ව්‍යාජ හැඳුනුම්පතක් ඉදිරිපත් කර බ්‍රසල්ස් නුවර ගෙයක්ද කුලියට ගෙන ඇති බව පොලිසිය කියයි. මේ අතර බ්‍රසල්ස් නුවර උමං දුම්රියේ බෝම්බ පිපිරී 24 පැයකට පසුව යළිත් උමං දුම්රිය සේවය ඇරැඹිණි.
‘බෝම්බ ප්‍රහාරය අපට ලොකු ලැජ්ජාවක්. ඒත් අපි ජීවතුන් අතර. අපේ වැඩ කටයුතු කෙරෙන්න ඕනෑ‘ යැයි බ්‍රසල්ස් නුවරදී 17 හැවිරිදි පාසල් සිසුවෙක් සීඑන්එන් වාර්තාකරු සමග කීය.
එම දෙදෙනා සමඟ සිටි තවත් පුද්ගලයකු හඳුනා ගැනීමට පොලිසිය වෙහෙසයි. ගුවන්තොටුපළේ හා නගරයේ තවත් ස්ථානයක මරාගෙන මැරෙන බෝම්බයෙන් 34 දෙනෙකු මරණයට පත්වු 250 ක් තුවාල ලබා ඇති බව විදේස් ආරංචි කියයි.
තමන් මෙම ප්‍රහාරයේ සිටින බවත් තවත් එවැනි බෝම්බ පුපුරවා හරින බවත් අයිඑස් කැරලිකරුවෝ කියති. මෙම බෝම්බ ප්‍රහාරය හේතුවෙන් බෙල්ජියම රජය තුන් දින ශෝක කාලයක් පළ කර ඇත.
ඔවුන් දෙදෙනාගේම වමතේ කළු පැහැ අත්මේස් ඇති බවත් මරාගෙන මැරෙන බෝම්බයේ ස්විච් යතුර වසා ගැනීමට එසේ කර ඇති බව කියති.
බ්‍රසල්ස් ප්‍රහාරය නිසා දකුණු කොරියාව, ඉන්දුනිසියාව, ජපානය , ඉන්දියාව , ශ්‍රි ලංකාෙව් ද අාරක්ෂාව තරකර අැත.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ මහින්ද මේ රටෙන් ත්‍රස්තවාදය නැති කළේ නැත්නම් අද අපිට රටක් නැහැ. අද ඔය කෑ ගහන අය යාපනේ අම්පාරේ යන්නේ මහින්ද මහතයට පිං සිදු වෙන්න නැත්නම් පෙට්ටි වල තමයි යන්නේ (අ)
ටිකිරි ඔය හරියටම වැරදී...ඔයාට දැන්ම තේරෙන්නේ නෑ ටිකිරි....ටිකක් කල් තව ඉන්නකෝ ඔයාටම තේරුම් ගන්න පුළුවන් අයෙත් ඔයාට බස් එකක වත් යන්න බැරි උණු දවසට. එදාට තේරුම් ගන්න ඔයාගේ ටිකිරි මොලේ වැඩද කියල...(බ)
දෙදෙනාම මෙතෙක් අත්අඩංගුවට ගෙන නැත ? මරාගෙන මැරෙන බෝම්බයක් නම් තව අත්අඩංගුවට ගන්න දෙයක් තියෙනවද ?(අ)
ටිකිරි අපි මහින්ද මහත්තයට පඩි දීල රජ සැපත් දීල එතුමට කියල රට බේර ගත්ත.දැන් ඉන්න ඇත්තන්ටත් අපි ඒ දේම කරනව.ඒ ගොල්ල බේරා දුන්න රට රැක ගනීවිද?ඔයාගෙ ටිකිරි මොලෙන්ම දෙන්නකො උත්තර...(අ)
ටිකිරි අනික් මිනිස්සු කියන්නේ බේරාගත් රට රැකගනිව් කියාය. දැන් යන්නේ බන්දෙසියක තියල නැවත ත්‍රස්තවාදයට රට පාවාදෙන ක්‍රමයක්. ත්‍රස්තයන් බොහොම ලස්සනට තමන්ගේ ඉඩ කඩ හදාගන්නවා. (අ)
පළාත්වල හමුදාව අඩුනොකර නැවත මහජනයාත් සීරුවෙන් තබන්න. (අ)
ක්‍රිස්ටි පීරිස් අරින්න ඇස් යූඇන්පී කාරයන්ට නැත. (අ)
මේගොල්ල තමයි එයලව හුරතල් කලේ (අ)
මෙයන ක්‍රමය අනුව අපිටත් වැඩිකල් නොගොස් ම ලැබේවි. (අ)
ෆිඑල්ඩ් මාර්ෂල් ෆොන්සේකා ට පින්සිද්ද වෙන්න යුද්දය ඉවර වුණා. මහින්ද කරපු දෙයක් නැහැ. කලේ හොරකම් කරපු එක. (අ)
කෝ අර ජනපති. පේනවනේ.. ලෝකේ හැටි... එකට ආප්ප කාල කරපු වැඩේ (බ)
මහින්ද නෙවෙයි යුද්දය නැවැත්තුවේ හමුදාව මතක තියාගන්න අනුර. (බ)
ටිකිරි, ඔබ හරියටම හරි. (නි)
අනුර කොල්ලෝ කොල්ලෝ එතොකොට සොල්දාදුවෝ අනික් දායකයෝ නිදාගෙන ඉද්දි මහින්ද තනියම යුද්දේ කළා (බ)
මේවා දැකලවත් ලොක්කන්ගේ විශේෂයෙන් යූඇන්පී කාරයන්ගේ ඇස් ඇරේවා මහින්ද ජනපතිට පිං (බ)
ටිකිරිගේ මොළේ තරම පෙනෙනවා. දැන්වත් හොඳට ඇස් කරකවලා බලන්න මොනවද රටේ දැන් වෙන්නේ සහ වෙන්න යන්නේ කියලා. පස්සේ ඔයාට පසුතැවෙන්න වෙන එක නම් විශ්වාසයි (නි)
ලංකාවෙන් පාඩමක් ඉගෙන ගන්න --- බෙල්ජියම (බ)
දැන් වත් තේරුම් ගනිල්ලා අපේ මහින්ද ජනාධිපතිතුමා කළ සේවය රටට (බ)
අනුර ,රන්ජනී, ඕගොල්ලෝ මහින්ද මහත්තය රට බේර ගත්ත කියා කියා දගලන්නේ , ඉතින් අපිට මොකද කරන්න කියන්නේ එය රට බේරන්න තමයි අපි එයාට ඡන්දෙ දීල පඩියකුත් දීල රජ සැප දීල තවත් මොනාද කරන්න කියන්නේ අපිට? (බ)
ත්‍රස්ත වාදී වැරදි වලට මරණීය දඬුවම් නෑ. මේවාට වගකියන්න ඕනි ජන්ද දායකයෝ. අවස්ථාවාදීන්ට ජන්දය දුන්නාම තවත් අවස්ථාවාදීන් ඇති වෙනවා විතරයි. (ම)
මහින්ද ස. පොන්සේකා ගෝඨාභය ඇතුළු සියලුම රණවිරුවන් තමයි රට බේරා ගත්තේ(කෞ)
පොල් ගහ ගහ ඉන්න නොවේ නේ මිනිස්සු ඡන්දෙ දීල රටේ තාවකාලික භාර කාරය බවට පත් කලේ. (කෞ)
17 හැවිරිදි පාසල් සිසුවාගේ කතාව හිතට ගෙනදෙන්නේ ලොකු ශක්තියක් (නි)
ටිකිරි ඔබ හරි .වහලුන්ගේ අඩෝවැඩියාව ඉවරයක් නැහැ (බ)
මේ යන විදිහට අපි බෙල්ජියමෙන් පාඩමක් ඉගෙන ගනිමු . අපට නැවත ත්‍රස්තවාදයක් ඒවිද? (බ)
අපේ රටේ යුද්දයේ වැඩිම බර ඇද්දේ රණවිරුවන් විසිනුයි .මහින්ද කළේ එය තමන් තනියම කළ දෙයක් වගේ මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කර ගැනීමෙන් පසුව එය පලිහක් කරගෙන රට සුරා කෑමයි (බ)
ටිකිරි අහනවා මොනාද කරන්න කියන්නේ අපිට කියලා? හලෝ රට මහින්දට බාර දෙන්න ලැහැස්තිවෙනවා. (රේ)