බ්‍රසල්ස් නුවර ගුවන් තොටුපොළේ පිපිරීමෙන් පසු මාල්බික් මෙට්‍රෝ දුම්රිය ස්ථානය අසල තවත් පිපිරීමක් සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
යුරෝපා සංගමයේ මුලස්ථානය පිහිටා ඇත්තේ ඒ අසළය.
පිපිරිම සිදුවන අවස්ථාවේ බොහෝ පිරිසක් දුම්රිය ස්ථානය තුල රැදී සිටිය බවත්, පිපිරීමත් සමග දුම් වලාවකින් දුම්රිය ස්ථානය පිරි ගිය බවත් ඇසින් දුටුවාන් ප්‍රකාශ කරන්නේ යැයි මාධ්‍ය වාර්තා කරයි.
මෙම පිපිරීම්වලින් මේ වන විට 34 දෙනකු මිය ගොස් තිබේ.
බ්‍රසල්ස්හි උමං මාර්ග පද්ධතිය වසා දමා තිබේ.
බ්‍රසල්ස් ගුවන්තොටේ පිපිරීමක්
2016 මාර්තු මස 22 13:38:55 | . , නිලූක සඳුන් බණ්ඩාරනායක
බෙල්ජියමේ බ්‍රසල්ස් අගනුවර ගුවන් තොටුපොළේ අද (22) පිපිරීම් දෙකක් සිදුවී ඇති බවත්, පුද්ගලයන් කිහිප දෙනයකු මිය යන්නට ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ගුවන් තොටුපොළේ පිටවීමේ දොරටුව අසල මෙම පිපිරීම් දෙස සිදුවී ඇත.
මේ වන විට ගුවන්තොටුපොළ සියලු ගුවන් නවතා එය වසා දමා තිබේ.
පිපිරීම් වලින් පසු ගුවන් තොටුපොළේ හදිසි සෝදිසි මෙහෙයුමක් ඇරැඹීය.
පිපිරීම් ශබ්ද ඇසීමට පෙර වෙඩි තැබීම් සහ මිනිසුන් කෑ ගසන ශබ්දයක් ඇසී තිබෙන බව ද වාර්තා වන බව මාධ්‍ය වාර්තා කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාලා තමයි කොටි සහ අනෙක් ත්‍රස්තවාදීන් පෝෂණය කරන්නේ. කළකම් පළ දේ (නි)
අපේ කට්ටිය මේ සැරේ බෙල්ජියමට පක්ෂව මුහුණුපොතත් වෙනස් කරගනීද දන්නේ නැහැ. ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ වගේ අන්දමන්ද කට්ටියක් දැන් අපේ රටෙත් ඉන්නවනේ. (නි)
ත්‍රස්තවාදයේ හැටි ඔහොම තමයි. ඉල්ලන දේ නොලැබුනොත් මරනවා (නි)
ලංකාවේ මිනිස්සු කොපමණ දුකක් වින්ඳද? දැන්වත් මතක්කර ගත්තොත් හොඳයි නේද? (නි)
මේ රටවල අර කියන විදුලි පුටුව එහෙම නැද්ද දන්නෙ නැහැ (නි)
ඒ ත්‍රස්තවාදීන් අල්ලා ගත්තොත්, ඒ අයත් පව් කියලා සමාව දීලා නිදහස් කරයිද දන්නේ නැහැ නේද? එහෙම නැත්නම් එයාලට ලෝකෙට හොඳ මුහුණ පෙන්නගන්න බැරිවෙයි. (නි)
මොන කණ්ඩායමකට අයිතිවුණත් ත්‍රස්තවාදීන් කූඩුවලින් එළියට දැමීම සුදුසු නොවේ. (නි)
වැඩේ මොකක් වුණත් ත්‍රස්තවාදයට මම විරුද්ධයි. (නි)
ලංකාව ඇතුළු වෙනත් රටවලට කරන අපරාධ දැන් ඔවුන්ටම කැරකී පැමිණ ඇත. හිත රිදුන කෙන්නෙක් ඇත්නම් සමාවෙන්න (නි)
මෙම ත්‍රස්තවාදය නැතිකිරීමට කවුරුත් සහාය දියයුතුයි. (නි)
බෙල්ජියමේ බ්‍රසල්ස් අගනුවර ගුවන් තොටුපොළේ අද (22) පිපිරීම් හේතුවෙන් ශ්‍රී ලාංකිකයන්ට කරදරයක් දැනගන්නට නැත (බ)
අපේ රටේත් මෙවන්ම වූ විනාශකාරී යුගයක් තිබූ බව දැන් බොහෝ දෙනෙකුට අමතකවෙලා (නි)
මහින්ද රාජපක්ෂගේ වටිනාකම තේරෙනවද? මීට ටික කලකට කලින් ලංකාවෙත් ඔහොම තමයි පිපිරුවේ. ලංකාවේ බෝම්බ පිපිරුණ වෙලාවට කිව්වේ සටන්කාමීන් සමඟ සාකච්ඡා කරන්න කියලනේ. දැන් ඉතින් යුරෝපා සංගමයට තියෙන්නේ සටන්කාමින් සමඟ සාකච්ඡා කරන්න. සටන්කාමීන්ගේ මානව හිමිකම් එහෙම නැති කරනවා නෙමෙයි ඔන්න (නි)
අපේ රටේ මීටවැඩිය තිරිසන් ත්‍රස්තවාදයක් තිබුනා. උන් ගම්වලට පැනලා අහිංසක මිනිස්සු කපලා කොටලා මැරුවා. ගොඩක් අයට දැන් මතක නැහැ (නි)
ඉතා කනගාටුදායක පුවතක්.තුවාල ලැබුවන්ට ඉක්මන් සුව පතමි. හැබැයි අපේ රටේ යුධ සමයේ යුරෝපා සංගමයේ රටවල් කොටි ත්‍රස්තවාදීන්ට එළිපිටම උදව් කළා මතකයි. දැන් ඔවුන්ටත් එහි සැබෑ ස්වරූපය වැටහෙනවා ඇති සිතමි. (බ)
ත්‍රස්තවාදියා ත්‍රස්තවාදියෙක්මයි. (ර)
තව බනින්නකෝ මහින්දට. කළගුණ නොදත් අවාසනාවන්ත ජාතියක් (නි)
ත්‍රස්තවාදය වැපිරූ අය එහි සුව විඳිනවා (නි)
මෙම සිදුවීම දේශපාලනීකරණය කරගෙන අදහස් පළකරන අය ගැන අනුකම්පා කළයුතුයි. (නි)
මේ තමා ත්‍රස්තවාදයේ සැබෑ ස්වරූපය. (නි)
ත්‍රස්තවාදය නැතිකරපු අපේ ආරක්ෂක හමුදා වීරයන්ට අපේ ප්‍රණාමය! (නි)
අපේ රටේ යුද්ධය නිමාකිරීමට දායක වූ ෆොන්සේකා මහතාට අපේ උපහාරය! (නි)
ත්‍රස්තවාදය ලොව කොහේ වුණත් ප්‍රතිඵලය එකමයි. එය තුරන් කළයුතුයි. කවුරු හොඳ දෙයක් කළත් එය අගය කරන්න. ඒ අයට බැනීමෙන් හෝ සිරගෙවල් වල තැබීමෙන් කිසිම ප්‍රයෝජනයක් නැහැ. මහින්ද නොහිටින්න අදටත් අපි ඔය දුක් විඳිනවා (නි)
අයි එස් වැඩක් වෙන්න ඇති.(හේ)
අජිත්, ඔබ හරියට හරි. කටට මසුරන් දාන්න වටිනවා. ත්‍රස්තවාදයට ලෝකේ කොහේ වුනත් අපි විරුද්ධයි. ඒවුනත් බටහිරට දැන්වත් ඇස් ඇරෙනවා නම් හොදයි (බ)
අයි එස් වැඩක් වෙන්න ඇති.(හේ)
ත්‍රස්තවාදයට ජාතියක් ජන්මයන් නෑ සිංහල, දෙමළ, මුස්ලිම්, ඉංග්‍රීසි, කියලා වෙනසක් නෑ හැමෝම ත්‍රස්තවාදය නිසා විදින්නේ දුකම තමා... ත්‍රස්තවාදය ලෝකෙන්ම තුරන් වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු. (බ)
නෞෂි,රණතුංග අැයි ඔච්චර කුහක. ඔය කියන විදියට මහින්ද උන්නේ නැතත් ඕක සිම්පල් නේද ? අනේ මෙහෙම කුහකයෝ. (බ)
යුද්දයට පින් සිද්ද වෙන්න ඩොලර් 200 වටිනා උන්ඩය ඩොලර් 550 දක්වා වැඩි වුණා.ඒ තුලින් අපේ රණවිරුවන්ගේ තුවක්කු බටයෙන් පිට වෙන උන්ඩයක් උන්ඩයක් පාසා සමහරුන්ගේ ලෝකයේ තිබෙන ගිණුම් වල කෝටි ප්‍රකෝටි මුදල වැඩි වුණා.(බ)
මහින්දගේ රජය තිබුනානම් මේ වෙනකොටත් දළදා මාලිගාව කුඩු පට්ටන් කරපු,අරන්තලාවේ භික්ෂුන් ඝාතනය කරපු,නැව් පිටින් ආයුද එවපු කරුණට, කේපීට,දයා මාස්ටර්ට ජෝර්ජ් මාස්ටර් ට,පිල්ලෙයාන්ට අපේ රණවිරුවන් තවමත් සැලියුට් ගහනවා.තවමත් සැප විදිනවා. (බ)
මට මතක් වෙනවා චන්ද්‍රික නෝනා හිටපු අවදියේ අපේ ගුවන් යානා දෙකඩ වෙලා ගිනිගත්තා මතකයි.(කෞ)