බ්‍රසීලයේ රෝහල් කොරෝනා රෝගීන්ගෙන් පිරී ඉතිරී ගොස් ඇති හෙයින් සෞඛ්‍ය පද්ධතිය බිඳ වැටීමට ඉඩ ඇතැයි ඒහි විශාලම නගරය වන සාවෝ පොලෝ හි නගරාධිපති පවසයි.
නගරාධිපති බෲනෝ කොවාස් පවසන්නේ නගරයේ පිහිටි රජයේ රෝහල් වල ධාරිතාවයෙන් 90%ක් පිරී ඇති බවයි.
සාවෝ පෝලෝ බ්‍රසීලයේ දරුණ ලෙස වසංගතයට ගොදුරු වූ ප්‍රදේශය වන අතර නගරයේ පමණක් මේවනවිට මරණ 3000ක් පමණ සිදුවී ඇත.
මේ වනවිට බ්‍රසීලය, ආසාදිත රෝගීන් සංඛ්‍යාවෙන් ඉතාලිය හා ස්පාඤ්ඤය අභිබවා ගොස් ලෝකයේ සිව්වන ස්ථානයට පත්වී තිබේ.
බ්‍රසීලයේ කොරෝනා ආසාදිතයින් 242 313ක් මේ වනවිට තහවුරු වී ඇත.
කෙසේ වුවද නිල වාර්තා වලට වඩා සත්‍ය ආසාදන සංඛ්‍යාව බෙහෙවින් වැඩි විය හැකි බව ඒරට සෞඛ්‍ය අංශ අනතුරු අඟවා තිබේ.
බ්‍රසීලයේ සිදුවන කොරෝනා මරණ සංඛ්‍යාව ද දිනෙන් දින ඉහල යමින් පවතී.
පසුගිය පැය 24 තුළ බ්‍රසීලයේ මියගිය කොරෝනා රෝගීන් සංඛ්‍යාව 485ක් වන අතර මේ වනවිට සිදුවී ඇති මුළු මරණ සංඛ්‍යාව 16 192ක් දක්වා ඉහල ගොස් තිබේ.
ලෝකයේ කොරෝනා වයිරස මරණ සංඛ්‍යාව අනුව හය වන ස්ථානයට බ්‍රසීලය පත්වී ඇත.
වයිරස ව්‍යාප්තිය පාලනය කිරීමට නම් දැඩි අගුලු දැමීමක් හඳුන්වා දිය යුතු බව සාවෝ පොලෝ නගරාධිපතිවරයා පවසයි.
සාවෝ පෝලෝ හි ජනගහනය මිලියන 12ක් පමණ වන අතර බොහෝ නිවැසියන් සමාජ දුරස්ථ නීති නොසලකා හැරීම හේතුවෙන් ආසාදනයන් ඉහල යන බව බව ද පැවසේ.
(බීබීසී ඇසුරිණි - 085)
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
බ්‍රසීලයේ රෝහල් කොරෝනා රෝගීන්ගෙන් පිරී යයි