එංගලන්තයේ බි‍්‍රස්ටල් නගරයේ පාරමිතා බෞද්ධ මධ්‍යස්ථානයේ තෙවැනි වසරේ කඨින පිංකම
විහාරාධිපති, පැල්වත්තේ ධම්මානන්ද හිමියන්ගේ අනුශාසනා පරිදි විහාරස්ථ දායක සභාවේ සභාපති උපාලි ගුණතිලක මහතා ඇතුළු දායක සභාව් සංවිධානයෙන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්විණි. බි‍්‍රස්ටල්හි එකම ථේරවාදී හා ශ‍්‍රී ලංකික විහාරස්ථානය මේ පන්සලයි.
මෙය ආරම්භ කරන ලද්දේ පැල්වත්තේ ධම්මානන්ද හිමියන් විසිනි.
බි‍්‍රස්ටල් නගරයේ පදිංචි මහාචාර්ය මහේෂ් සූරිය බණ්ඩාර , රුවනි සූරිය බණ්ඩාර , දහම් සූරිය බණ්ඩාර, ධ්‍යානී සූරිය බණ්ඩාර පවුලේ සාමාජිකයෝ දායකයෝ වූහ.
ශ‍්‍රී ලංකා රාමාඤ්ඤ නිකායේ මහානායක රාජකීය පණ්ඩිත නාපාන පේමසිරි මහනාහිමියන්ද පිංකමට වැඩම කළහ. මහා නාහිමියන් සමග රාමාඤ්ඤ නිකායේ අධිකරණ සංඝ නායක මකුලෑවේ විමල හිමි, ලන්ඩන් එඞ්මන්ටන්ඞ් සමාධි භාවනා මධ්‍යස්ථානාධිපති ගුන්නේපානේ සුමනාරාම හිමි, කැනඩාවේ පඤ්ඤාරාම භාවනා මධ්‍යස්ථානාධිපති දික්වැල්ලේ උපතිස්ස හිමි, බර්මින්ග්හැම් ජේතවන බෞද්ධ විහාරයේ මාපලගම සෝරත හිමි, තිස්සපුර සුගතරතන හිමි, ලන්ඩන් සම්බෝධි විහාරවාසී ඕමාරේ සෝමිස්සර හිමි ඇතුළු එංගන්තයේ ලන්ඩන්, බර්මින්ග්හැම්, ඔක්ස්පර්ඞ්, ආදි නගරවල විහාරාස්ථානවලින් ශ‍්‍රී ලාංකික හා තායිලන්ත භික්‍ෂූන් වහන්සේලා පහලොස් නමක් පමණ වැඩම කර සිටියහ. විහාරාධිපති ධම්මානන්ද හිමියන්ගේ කැපවීම් සහගත ශාසනික සේවය හා සංවිධානශීලි බව අගය කරමින් මහානායක හිමියෝ අනුශාසනා කළහ.
බි‍්‍රස්ටල් ප‍්‍රදේශයේ ශ‍්‍රී ලාංකිකයන්ට අමතරව කාඩිෆ්, ස්වින්ඩන්, සවුත්හැම්ටන්, ග්ලොෂ්ටර්ෂයර් ආදි ප‍්‍රදේශවල
පදිංචි අයද මෙම පිංකමට සහභාගී වූහ. එංගන්තයේ දකුණ වේල්ස් ප‍්‍රදේශයට ඇති එකම ශ‍්‍රි ලාංකික විහාරස්ථානය ද බ්‍රිස්ටල් පන්සලයි. ශ‍්‍රී ලාංකිකයන්ට අමතරව එංගලන්ත සූදු ජාතික බෞද්ධයෝද එහි වූහ.
තවත් ඡායාරූප - http://1drv.ms/1Gv2Lyo



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
1978 සිට 1980 දක්වා මා මෙම ප්‍රදේශයේ සිටිනවිට සිටියේ ලංකාවේ එකම පවුලක් සහ බ්‍රිතාන්‍ය ශිෂ්‍යත්ව ලබා පැමිණි ශිෂ්‍යන් කීප දෙනෙක් පමණකි. පන්සලක් තිබීමත් මෙවැනි උත්සවයක් සිදුකිරීම ගැන මා ඉතා සතුටු වෙමි. (හේ))