(එම්.සුසිල් පියන්ත සහ ඩි.ජේ.විජේසිංහ)
පිටිගල නියාගම කබලුව දී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයකු තුවාල ලබා රෝහල් ගත කළ බව පිටිගල පොලීසිය කියයි.
මෙසේ වෙඩි වැදී ඇත්තේ පිටිගල නියාගම පදිංචි තිස්දෙහැවිරිදි අයකු බවද පොලීසිය කියයි.
ඔහු සිය යතුරු පැදියෙන් නිවස බලා පැමිණෙමින් සිටියදී කෙහෙල් කොටයක් දමාෙ මග හරස් කොටයක් දමා මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවට මූලික පරීක්ෂණවලින් අනාවරණය වී ඇත.
වෙඩි වැදුණු පුද්ගලයා ඒ ආසන්නයේ තිබූ ගල්කන්ද ග්‍රාමීය රෝහලට ඇතුළත් කළ බවත් ඉන් අනතුරුව වැඩිදුර පතිකාර සදහා ඇල්පිටිය රෝහලට ඇතුලත් කළ බව පොලීසිය කියයි.
බූරුවා සූදු පොළක ඇතිවූ සිද්ධියක් මේ වෙඩි තැබීමට හේතුව වන්නට ඇතැයි පොලීසිය සැකකරයි.
මේ වෙඩි තැබීම කිසිසේත්ම පාතාල කල්ලියක වැඩක් නොවන බවද පොලීසිය අවධාරණය කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd