බොරැල්ලේදී මින් මද වේලාවකට පෙර වාහන පහක් එකට ගැටී යතුරුපැදියක ගමන් ගත් දෙදෙනෙක් තුවාල ලදහ.
සෙසු වාහනවලට දැඩි හානි සිදුවිය.
මේ අතර නුවරඑළියේ වික්ටෝරියා උද්‍යානය අසළ නවතා තිබූ බසයකට හා වෑන් රියකට සයිප්‍රස් ගස් කඩා වැටී අලාභ හානි සිදු විය.
එම වාහනවලට පාසල් සිසුන් ගොඩවීමට මද වේලාවකට මේ ගස් කඩා වැටී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවට ලියන අය කරුණාකරලා මොළ ඇතිව හිතලා ලියන්න. ප්‍රතිචාර දැක්කහම මෙච්චර මෝඩද කියලා හිතනවා අපේ රටේ මිනිස්සු (නි)
වාහන නවතා තැබීමට ක්‍රමවේදයක් සකසා පරිසරයේ ගස් ඉවත් කර තැබීම හා පාර දෙපස ඇති සියලුම ගස් කැපීම විසඳුම නොවේ. මෙවන් කාළගුනික තත්ව ඇතිවීම සාමන්‍යයයි. අතීසාරයට අමුඩ ගහලා හරියන්නේ නැහැනේ (නි)
අපේ මහා පොලවට ඔය හැම ගහම හරියන්නේ නැහැ.බලන්න අමිත්ත ලියලා තියන ඇත්ත.අපේ අය මේවා ගැන දැනුවත් විය යුතුයි.පිටරටවල් වල තියන ගස්කොලන් හැදුවම අපේ රටට අහිතකර නම් අපිත් කරන්නේ ජාතික අපරාදයක් ඒවා වවලා. (නි)
දෙවියන්ට බැරි වුනානේ බස් එක බේරන්න (නි)
පොඩි උන්ගේ වාසනාව (නි)
සයිප්‍රස් ගහ කියන්නේ ගොඩක් හයිය ගහක් නොවේ. මේ ගස් හොද තාප්පයක් වෙනුවට වවලා ලස්සනට අඩි 5ක් 6ක් උසට කපන්න.ලංකාවේ පාර අයිනේ වෙන ගස් වවන්න නැතුවටද මේවා වැවුවේ? (නි)
හැම දෙයකම වැරැද්ද අනුන්ට දෙන්න එපා (නි)
පඩි කන නගර සභාව නිදි ඈති මේ වගේ අවධානම් ගස් පාර අයිනෙන් අයින් නොකර. දේව හේතුවකට දරු පෑටව් ටික බේරුනා.(නදී)
කාලගුනයගේ වරදනේ. කලින් කිව්වා නම් මේ අය ගස් ටික කපනවනේ නේද? (නි)
ලංකාවේ ඉන්න අය ගැන නම් කතාකරලා වැඩක් නැහැ. තමන්ගේ බේරුමට මොනවාම හරි කියනවා (නි)
ගහක් කැපුවොත් නගර සබාවට බනිනවා, ගහක් නොකැපුවත් නගර සබාවට බනිනවා. මෙහෙමත් මිනිස්සු (නි)
ශාන්ත, ඔබ කියන්නේ පිටරටවල් ගැන. ලංකාවේ ක්‍රමවේදය හැමවෙලේම වරද අනුන්ට පැවරීම. (නි)
පොඩ්ඩක් ඔළුව අතගාලා බැලුවොත් හොදයි අං එනවද කියලා. මොකද ඔය කියන විදියට පාරවල් වල තියෙන හැම ගහක්ම කපන්න වෙයි (නි)
මෙතන බොරු කයිවාරු ගහන අය විතරයි ඉන්නේ. කොහෙවත් රටක ඉදන් මෙහෙ අයට බනිනවා. (නි)
කුමාරි, නුවරඑළියේ තල් හෝ පොල් වැවෙන්නේ නැහැනේ. (ස)
හම්මේ ඇති ඔයින් ගියා පොඩි උන්ගේ වාසනාවට. මොන වුනත් කමක් නැහැ ජීවිත ටික බේරිලා.(නදී)
පයින් සයිප්‍රස් ගස් නුවරඑළිය පැත්තේ වැව්වේ සුද්දෝ නෙමෙයි කලුසුද්දෝ. මේවා නිසා කඳුකරයේ පස සෝදා පාලුවට ලක්වී නිසරු භූමියක් බවට පත්වෙනවා. රටේ බලශක්ති නිෂ්පාදනයටත් ගොවිතැනටත් අත්‍යවශ්‍ය ජලාශ රොන් මඩින් පිරී සුළු වැස්සටත් වාන් දානවා. ලංකාවේ කොස්, නැදුන්, බුරුත, මිල්ල, කළුමැදිරිය, කළුවර වැනි දැව සමග සසදන්නවත් බැරි තරමට ලීය බාලයි. කොළඹ පාරවල් දිගේ සිටුවා ඇති මාර ගස් වගේ අපේ දේශයට නොගැලපෙන නිසා සුළඟක් ආ ගමන් මේවත් බිම.(ස)