IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


බොරැල්ලේ වෙඩි තැබීමකින් පහක් රෝහලට

(ගයාන් සූරිය ආරච්චි සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

බොරැල්ල සහසරපුර සිරිසර උයන ක්‍රීඩාංගනයේ රැඳී සිටි පුද්ගලයන් පස් දෙනකුට යතුරු පැදියකින් පැමිණි නාඳුනන වෙඩික්කරුවන් දෙදෙනකු විසින් කළ වෙඩි වරුසාවකින් එම පුද්ගලයන් පස්දෙනා තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව බොරැල්ල පොලිසිය පවසයි.

නාඳුනන වෙඩික්කරුවන් ටී - 56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි ප්‍රහාර විස්සක් පමණ එල්ල කර ඇති බව පොලිස් විමර්ශන වලදී අනාවරණය වී ඇත.

මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධකරුවකු වන චතු නැමැත්තාගේ පාර්ශවයේ කණ්ඩායමකට මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවට දැනට තොරතුරු අනාවරණය වී ඇතැයි පොලිසියේ උසස් නිලධාරියෙක් පැවසීය.

මෙම වෙඩි තැබීම අද සවස සිදුව ඇති බව පොලිසිය කියයි.

වෙඩි වැදුණු පුද්ගලයන් දෙදෙනකු බරපතල තත්ත්වයෙන් පසුවන බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් පසුගිය දිනවල සිදු වූ වෙඩි තැබීම්වලට පළිගැනීමක් වශයෙන් මෙම වෙඩි තැබීම සිදු කරන්නට ඇතැයි පොලිසිය සැකපල කරයි.

බොරැල්ල පොලිසිය, කොළඹ අපරාධ කොට්ඨාශය, පොලිස් විශේෂ කාර්‍ය බළකාය ඇතුළු පොලිස් කණ්ඩායම් කීපයක්  විමර්ශන ආරම්භ කර තිබුණි.

වෙඩික්කරුවන් පැමිණි ආකාරය සම්බන්ධයෙන් සිසි ටීවී දර්ශන ඔස්සේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ආරම්භ කර තිබුණි.

 

 



අදහස් (1)

බොරැල්ලේ වෙඩි තැබීමකින් පහක් රෝහලට

වොෂිංටන් Thursday, 07 August 2025 11:27 PM

විපක්ෂයේ වැඩ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 162 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site