IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


බොරැල්ලේ පාරක් ගිලා බහී

(සුජිත් හේවාජුලිගේ )

බොරැල්ල පොලිස් වසමේ පාර්ලිමේන්තු පාර මොඩල්ෆාම් හංදිය සහ ඩී.එස්. හංදිය අසල ටිකල් පාර ආසන්නයේ මාර්ගය ගිලා බැසීමක් හේතුවෙන් එය යථාවත් කිරීම සඳහා  අද දින සිට දින 20 ක කාලයක් කොළඹට ඇතුළුවන මංතීරු දෙකම වසා දමා සංවර්ධන කටයුතු සිදුකිරීමට සැළසුම් කර ඇත.

ඒ අනුව එම මාර්ගයේ රථවාහන ගමනාගමනය අද දින සිට නැවත දැනුම් දෙන තුරු දිනපතා උදෑසන 0530 සිට උදෑසන 1100 දක්වාත්, නැවත රාත්‍රී 1100 සිට පසුදින අළුයම් 0530 දක්වාත් සැළසුම් දෙකක් යටතේ රථවාහන ධාවනය කරවීමට කටයුතු යොදා ඇත.

සැළසුම් අංක 01 - අළුයම 0530 සිට උදෑසන 1100 දක්වා

•මොඩල්ෆාම් හංදිය දෙස සිට ඩී.එස්. හංදිය දෙසට ධාවනය වන රථවාහන මොඩල්ෆාම් හංදියෙන් කොළඹින් පිටවන මං තීරු ඔස්සේ ගමන් කර කැණිම් සිදුවන ස්ථානය පසුකර නැවත කොළඹට ඇතුල්වන මංතීරුවට ඇතුල් කර නියමිත පරිදි ධාවනය කළ හැක.

•ඩි.එස්. හංදිය දෙස සිට මොඩල්ෆාම් හංදිය දෙසට ධාවනය වන රථවාහන ටිකල් පාර හංදිය දක්වා පැමිණ ටිකල් පාර හංදියෙන් කොටා පාර දෙසට හරවා කොටා පාර ඔස්සේ ධාවනය කළ හැක. (මෙම කාලය තුල කොටා පාරෙන් පැමිණ ටිකල් පාරට ඇතුල් කල හැක්කේ ටිකල් පාරේ පදිංචිකරුවන්ට හා ආයතනවලට ගමන් කරන අයට පමණි)

•කොටා පාරෙන් පැමිණෙන රථවාහන වලට ටිකල් පාරට ඇතුල් කිරීමට ඉඩ ලබා නොදෙන අතර විකල්ප මාර්ග භාවිතා කළ යුතු වේ.

සැළසුම් අංක 02 - රාත්‍රී 1100 සිට පසු දින අළුයම 0530 දක්වා

•මොඩල්ෆාම් හංදිය දෙස සිට ඩී.එස්. හංදිය දෙසට ධාවනය වන රථවාහන පරණ බෞද්ධාලෝක මාවත ඔස්සේ කනත්ත වටරවුම හරහා ධාවනය   ා හැක.

•ඩි.එස්. හංදිය දෙස සිට මොඩල්ෆාම් හංදිය දෙසට ධාවනය වන රථවාහන සාමාන්‍ය පරිදි ධාවනය  කළ හැක.



අදහස් (0)

බොරැල්ලේ පාරක් ගිලා බහී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 617 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 297 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1100 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site