කොළඹ දිස්ත්‍රික් සන්ධාන අපේක්ෂකයකුගේ බොරැල්ලේ රැලියක ශබ්ද විකාශන යන්ත්‍ර නිසා පාසල් කිහිපයක උසස් පෙළ විභාග කටයුතුවලට බාධා වුණු බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කියයි.
උදේ 9.30 සිට 1.15 පමණ වන තුරු එය පැවති බවත්, විභාග කොමසාරිස්ට දෙවරක් පැමිණිලි කළ ද පළක් නොවූ බවත් ස්ටාලින් මහතා පවසයි.
මේ ගැන විමසීමට විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව් එම් එන් ජේ පුෂ්පකුමාර මහතා කීවේ එවැනි රැස්වීමක් ගැන පැමිණිලි ලැබුණු බවයි. එය වහා නවත්වන්නැයි ඒ අවස්ථාවේ දීම පොලිසියට දැනුම් දුන් බවත්, ඉදිරියේ ද එැවිනි පැමිණිලි ලද වහාම ක්‍රියාත්මක වන බවත් ඔහු කීවේය.
අද පස්වරු 1.00ට පමණ වන විටත් එහි ශබ්ද විකාශන යන්ත්‍ර කියාත්මක වූ බව විභාග මධ්‍යස්ථානයක් අසල සිටි පිරිස් කීහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය ආන්ඩු පක්ෂයේ එකක්ද. නැත්නම් ඉක්මනින් ඉවත් කරනවනේ (නදී)
ගාල්ලේ යු.ඇන්.පි එක්කෙනෙක් මුළු දවස පුරාම ගෙදර වත්තේ ස්පීකර හයිකරගෙන. පාඩම් කරන්න බැහැ. (නදී)
මෙයාලට දරුවෝ හෝ මෙයාලා දරුවන් වශයෙන් නෙවෙයිද දන්නේ නැහැ සමාජගත උනේ. (නදී)
මුණසිංහ, ගාල්ලේ පාඩම් කරන්නේ ඔයා විතරද? (නි)