ජර්මනියේ බර්ලින් සම්බෝධි විහාරාධිපති ගම්පහ දොරණෑගොඩ ශ්‍රී සුමන්තින්දාරාම රජමහා විහාරාධිපති හා සදානන්ද මහ පරිවේනාධිපති රඹුක්වැල්ලේ දේවානන්ද හිමියන්ගේ අනුශාසනා පරිදි බර්ලින් සම්බෝධි විහාරස්ථානයේ කඨින මහා පිංකම බර්ලින් නුවර ජර්මන් ජාතික බෞද්ධ සංගම් ශාලාවේදි පැවැත්විණි.

බර්ලින් විහාරාධිපති  දික්වැල්ලේ සීලසුමන, ස්විට්ස්ර්ලන්තයේ ඡිනිවා බෞද්ධ පදනමේ සභාපති  හල්යාලේ විමලරතන, කළුආරච්චියාගම සුමනරතන, පැරීසියේ සමාධි බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති තලංගල්ලේ සුමංගල, මියුනික් බෞද්ධ විහාරයේ කන්නිමහර පියසිරි, බොන් බෞද්ධ විහාරාධිපති  බටුවන්ගල සමිද්ධි, බර්ලින් ප්‍රභවන තායි බෞද්ධ විහාරාධිපති ප්‍රාමොන්චායි හා ජර්මන් ජාතික ප්‍රාලයිෆ් යන හිමිවරුන් සමග ජර්මනියේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය කරුණාතිලක අමුණුගම, ඇමෙරිකාවේ පරිසර අධිකරණයේ විනිසුරු ලීසා බුෂ්මන් මහත්මිය, බර්ලින් හුම්බෝල්ට් සරසවියේ ආගම් හා දර්ශන පීඨයේ මහාචාර්ය අන්ද්‍රෙයාස් ෆෙල්ඩිට් කෙළර් හා ජර්මන් ජාතික බෞද්ධ සංගමයේ සභාපති ආචාර්ය රෛනර් නුවාක් මහතා ඇතුළු සිංහල, ජර්මන්, තායි, සහ කාම්බෝජ් බෞද්ධයන් විශාල පිරිසක් සහභාගි වුහ.

017 019 035 041