IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


බර්ලින් සම්බෝධි කඨින පිංකම

ජර්මනියේ බර්ලින් නුවර සම්බෝධි විහාරස්ථානයේ කඨින මහා පිංකම පසුගිය 19 වෙනි සෙනසුරාදා දවස පුරාම ජර්මන් ජාතික බෞද්ධයන්ගේ බෞද්ධ සංගම් ශාලාවේදි අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.

මෙම මහා පිංකම බර්ලින් සම්බෝධි විහාරාධිපති හා ගම්පහ දොරණෑගොඩ ශ්‍රී සුමන්තින්දාරාම රජමහා විහාරාධිපති හා සදානන්ද මහා පිරිවෙනේ අධිපති රඹුක්වැල්ලේ දේවානන්ද හිමියන්ගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වීය.සිංහල හා ජර්මන් භාෂාවෙන් පිළිගැනීම සිදුකළ උන්වහන්සේ කඨින පිංකමක ඇති වැදගත්කම පෙන්වා දෙමින් පෙ:ව 10ට පිංකමේ කටයුතු ආරම්භ කළේය.

කඨිනානිසංශ ධර්ම දේශනාව බර්ලින් විහාරාධිපති දික්වැල්ලේ සීලසුමන නායක හිමියන් විසින් පැවැත්වූහ. සුරිච් බෞද්ධ විහාරාධිපති කරුවලගස්වැවේ අනුරුද්ධ හිමි, සෙන්ට්ගාලන් හී ශ්‍රී ලංකා මහා විහාරාධිපති  ලේඩියන්ගල සුදස්සී හිමි, මණ්ඩවිල අංගොඩ අභය සුමනාරාමාධිකාරී  කුඹුරුගමුවේ සුගුණධම්ම හිමි, කටුපොත පොතුවැව ශ්‍රී ශෛලතලාරාම රජමහා විහාරාධිකාරී බෝගහපිටියේ ධර්ම ශ්‍රීඤාණ හිමි, මියුනිච් බෞද්ධ විහාරයේ ශාස්ත‍්‍රපති කන්නිමහර පියසිරි හිමි, බර්ලින් ප‍්‍රභවන තායි බෞද්ධ විහාරාධිපති ප‍්‍රාමොන් චායි යන හිමිවරු වැඩම කල අතර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පළමු ලේකම් කොහුලරංගන් මහතා ඇතුළු මහත්ම මහත්මීහු හා ජර්මනියේ කාම්බෝජ් තානාපති ආචාර්ය විද්‍යා චෙම්, ජර්මන් ජාතික බෞද්ධ සංගමයේ සභාපති ආචාර්ච රෛනර් නුවාක් මහතා ඇතුළු සිංහල, තායි, වියට්නාම්, බුරුම, කාම්බෝජ්, හා ජර්මන් ජාතික බෞද්ධයන් විශාල පිරිසක් සහභාගී වුහ.

 



අදහස් (0)

බර්ලින් සම්බෝධි කඨින පිංකම

සුනිල්.විමලසුරිය Monday, 18 November 2013 05:19 PM

පිටිගල මිලානෝ, ජර්මනියේ සිටින ලක්වැසියන්ගෙන් ආගමට ජාතියට,රටට සුබ දේවල් ගොඩක් සිද්ධ වෙනවා.ඔයාට මොකක්ද තියෙන ප්‍රශනය? (නි)

:       0       0

සුනිල් Monday, 18 November 2013 05:49 PM

පිිටිගල මිලානොගෙත් කතා? (නි)

:       0       0

ජයන්ත Wednesday, 30 October 2013 04:44 PM

සාදු,සාදු,සාදු. අට මහා පින්කම් අතර පළමු තැන ගන්න පිංකම.මේවා දැක හෝ සහබාගි වී පින් සිදු කරගන්න.මෙය වසරකට වරක් පමණක් කරගත හැකි පින්කමකි.අහස උසට කරන පිරිකර පූජාවකට වඩා එක කටින පින්කමක් වටිනවා.මෙම පිංකම සසර කවදාවත් හොලවන්න බැරි පින්කමකි.නිවන් දකින ජාති තුරු පින් ලැබෙනවා.සියලු සත්වයෝ නිදුක් වෙත්වා,නිවන් දකිත්වා.යම් දහම් කරුණක් දන ගන්න ඕනේ නම් පමණක් කතා කරන්න, 00393341227517 (ස)

:       0       0

ශාන් Saturday, 26 October 2013 12:10 PM

. අනිත් ආගමවල මේ වගේ දේ වෙන්නේ නැද්ද ?(නදී)

:       0       0

නන්ද Friday, 25 October 2013 11:59 PM

මෙහි දැක්වෙන විහාරාධිපති හිමියන්ට අමතරව තවත් විහාරාධිපතිවරයෙක් සිටිනව‍ාද? (නි)

:       0       0

ප්‍රියන්ත Saturday, 26 October 2013 04:04 PM

සාදු.සාදු,සාදු.!!! මේ අට මහා කුසල්ය.ඔබත් මේවා දැක හෝ සහභාගි වී නිවන් සැප ළගා කරගන්න.තෙරුවන් සරණයි ඔබ සැමට. නමෝ බුද්ධාය! සියලු සත්වයෝ නිදුක් වෙත්වා! නිවන් දකිත්වා! (නි)

:       0       0

පිටිගල මිලානෝ Saturday, 26 October 2013 04:16 AM

ජර්මනියේ ලාංකිකයින්ගෙන් අපේ රටට ජාතියට කිසිම සේවයක් වෙන්නේ නැත්තේ ඇයි? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 612 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 296 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1095 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site