ජර්මනියේ බර්ලින් විහාරයේ වාර්ෂික වෙසක් උත්සවය විහාරාධිපති කෝන්ගස්පිටියේ ශාන්තරක්ඛිත හිමියන්ගේ අනුශාසකත්වයෙන් හා ජර්මනියේ ශ්‍රි ලංකා තානාපති සරත් කෝන්ගහගේ මහාතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
ජර්මන් ධර්මදුත සංගමයේ උප සභාපති තිස්ස විරරත්න මහතා ඇතුළු ජර්මනියේ වෙසෙන කාම්බෝජ, තායිලන්ත, ශ්‍රි ලංකා සහ ජර්මන් බෞද්ධයින් සංවිධානය කළ මෙම උත්සවයට ඉන්දියාවේ නවදිල්ලි නුවර පිහිටි ශ්‍රී ලංකා බෞද්ධ විශ්‍රාම ශාලාවේ ෙපරිපාලක ලේකම් පල්ලේගම විජිත හිමියෝද වැඩම කළහ.දිනය පුරාම දාන,ශීල, භාවනා හා ධර්ම දේශනා පැවැත් විණි.
ඵහිදි ශාන්තරකඛිත හිමි වෙසක් පොහොයේ වැදගත්කම පිළිබද අනුශාසනාවක් කළ අතර, වීරරත්න මහතා හා ජර්මන් ජාතික ලෝරන්ස් වේසා මහතා ජර්මන් භාෂාවෙන් හා තානාපති ඉංග්‍රිසි භාෂාවෙන් කථා පැවැත්වුහ.
විජිත හිමියන්ගේ අනුශාසනාවෙන් පසුව උත්සවයේ කටයුතු අවසන් විය.
සවස ගිලන්පස බුද්ධ පූජාවෙන් වෙසක් පින්කමේ කටයුතු නිමා විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුදු ඇඳුම් අඳින්නේ නැද්ද? (නි)
කෝ මහකොමසාරිස් තුමා? බොරු සන්දර්ශන තියල තමන්ගෙ ෆොටෝ දාගන්න එක. මේ වගෙ ඒවට එරෙහිව කෙලින් සටන් කරන්නේ නැද්ද? (ස)