යුරෝපයේ පැරණිම විහාරය වන බර්ලින් විහාරයේ වාර්ෂික කඨින පිංකම පසුගියදා පැවැත්විණි. දික්වැල්ලේ සීලසුමන හා කොන්ගස්පිටියේ ශාන්තරක්ඛිත හිමිවරුන්ගේ අනුශාසනා පරිදි පැවැත්වූ පිංකමට ජර්මන් හී ශ්‍රීලංකා තානාපති ආචාර්ය කරුණාතිලක අමුණුගම මහතා ඇතුළු ශ්‍රී ලාංකික, ජර්මන්, තායිලන්ත, ලාඕස් ජාතිකයින් විශාල පිරිසක් සහභාගි වූහ.
ශ්‍රී ලංකාවේ සිට වැඩම කල ආචාර්ය ඕමල්පේ සෝභිත නාහිමියන් ප්රමුඛ මිහිරිපැන්නේ සෝභිත මාහිමි , මහගම සුවිනීත හිමි, උඩවළවේ ශාන්තශීල හිමි, තම්මැන්නාවේ ධම්මානන්ද හිමි, තායි ජාතික අනුසක් හිමි, ජර්මන් ජාතික පියධම්මෝ හිමි, කාම්බෝජ් ජාතික කාශ්‍යප හිමි ඇතුළු 11 නමක් පිංකමට සහභාගි වුහ. පෙරදින සර්ව රාත්‍රික පරිත්‍රාණ දේශනයක් පැවැත්වූ අතර කඨින පිංකම පිලිබදව සිංහල, ඉංග්‍රීසි, ජර්මන් බසින් දේශන පැවැත්වීය. නිරෝෂන්, තිළිණ, සිසිර හා ගංගානි ඇතුළු පිරිස කඨිනයද ත්‍රිපිටක ග්රන්ථද පූජා කළහ.
2025 දෙසැම්බර් මස 18
145
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බර්ලින් මහ විහාර කඨින පිංකම
රොහාන් දයාදර පැරිස් Wednesday, 22 October 2014 10:13 AM
බර්ලින් මහ විහාර කඨින පිංකම බර්ලින් විහාරය බෞද්ධයාගේ යුරෝපයේ ප්‍රථම විහාරයයි. එය ආරම්භ කර ඇත්තේ දෙවන ලෝක සංග්රාමයටත් පෙරය, එනම් 1924 දිය . යුරෝපයේ විහාර අතර බිම් ප්‍රමාණයෙන් අක්කර 6ක් විශාල මේ පැරණි විහාරය ඉතා සුන්දර, අලංකාර සොභාව ධර්මයාගේ සුන්දර මැවීම සංයෝග කොට නිමා වූ මේ විහාරයට පා නගා ගොඩවන දැවුනු සිත් පහන්කොට නිවාලන නිසංසල ස්ථානයක් බව සඳහන් කළ හැක. වර්ථමාන විහාරධිපති ආචාර්ය ශාන්ත රක්කිත නායක ස්වාමින්වහන්සේගේ පිළිවෙත හා ධර්මයට අනුව හැසිරීම ක්‍රියාකිරීම හොඳින් හඳුනාගත් ජර්මන් ජාතිකයන් ශ්‍රී ලාංකිකයන් හා වෙනත් යුරෝපා ජාතිකයන් මේ මහා විහාරයට අැදී ඒම අරුමයක් නොවේ. මේ කටින පින්කමට විශාල පින්වතුන් පිරිසක් සහභාගී වූ බව දැනගන්නට ලැබුණි. ගරු නායක ස්වාමින්වහන්ස, ඔබ වහන්සේගේ මේ ධර්ම දුත මෙහෙවර, ධර්ම ප්‍රචාරය, බෞද්ධයන් වන අපට, මහත් ගෞරවයට පත් වන කරණයකි. ඔබවහන්සේට චිරන් ජයතු ! තුනුරුවන් සරණයි !.(හේ)
සුනිල් ආනන්ද පැරිසියේ සිට Wednesday, 22 October 2014 01:09 PM
බර්ලින් විහාර ඉතිහාසය රසවත් ලෙස ඉදිරිපත් කරමින් එම විහාර කටින පිංකමේ විස්තරය වර්ණවත් කිරීමට අදහස් ඉදිරිපත් කල යුරෝපා ඒ . ජා . ප පැරිස් ශාඛාවේ සබාපති රොහාන් දයාදර මිත්‍රයාට ලංකාදීපය වෙනුවෙන් ස්තුති වන්ත වෙමි . බර්ලින් මහ විහාරයේ ශාන්ත රක්කිත හිමියන්ගේ මහ නායක හිමියන් දෙහිවල ශ්‍රී මහ බෝධි විහාරයේ විහාරාධිපති මිහිරිපැන්නේ සෝභිත හිමි මේ දිනවල පැරිසියේ වැඩ වසනවා. උන්වහන්සේටද එය ගෞරවයක් වේවා ! (නදී)
බුද්ධි Tuesday, 21 October 2014 04:49 PM
සාධු සාධු සාධු!!! (නි)