බර්ලින් සම්බෝධි විහාරස්ථානයේ මෙවර කඨින පිංකම ඔක්තෝබර් මස 19 වැනි සෙනසුරාදා බර්ලින් නුවර ජර්මන් ජාතික බෞද්ධ සංගම් ශාලාවේදි පැවැත්වීමට යයි.
ජර්මනියේ බර්ලින් සම්බෝධි විහාරාධිපති ගම්පහ දොරණෑගොඩ ශ්‍රී සුමන්තින්දාරාම රජමහා විහාරාධිපති හා සදානන්ද මහ පරිවේනාධිපති රඹුක්වැල්ලේ දේවානන්ද හිමියන්ගේ අනුශාසනා පරිදි මේ පිංකම සංවිධානය කැරෙයි.
ජර්මනියේ හා ස්විට්සර්ලන්තයේ වැඩ වසන ශ්‍රී ලාංකික භික්ෂූන් වහන්සේලා හා තායි භික්ෂූන් වහන්සේලා දහ නමක් මෙම පිංකමට සහභාගි වන අතර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරී මහත්ම මහත්මීන්, ජර්මනියේ කාම්බෝජ් තානාපති ආචාර්ය විද්‍යා චෙම් මහතා, ජර්මන් බෞද්ධ සංගමයේ සභාපති ආචාර්ය රෙනර් නුවාක් මහතා ඇතුළු සිංහල, ජර්මන්, තායි, සහ කාම්බෝජ් බෞද්ධයන් විශාල පිරිසක් සහභාගි වන අතර බර්ලින් නුවර පදිංචි කාන්ති ස්ටිලර් මහත්මිය ප්‍රධාන එම පවුලේ සියළු දෙනා විසින් කඨින චීවරය පුජා කිරීම සිදු කරනු ලබන්නේය.
2025 දෙසැම්බර් මස 18
604
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බර්ලින් පන්සලේ කඨිනය 19 වැනි දා
නන්ද Monday, 14 October 2013 10:33 PM
ලංකාවේ රජමහා විහාරයක අධිපතිකමයි, පිරිවෙනක අධිපතිකමයි, පිටරටක පන්සලක අධිපතිකමයි යන තුනක් එකවර කරන්නේ කොහොමද?මම මේ දන්නේ නැති නිසයි අහන්නේ (නි)
නීල් Monday, 14 October 2013 11:57 PM
ජර්මනියේ බර්ලින් නුවර වෙසෙන සිංහල බෞද්ධ සහ වෙනත් ආගම් අදහන ශ්‍රී ලාංකික බැතිමතුන් සහ අනෙකුත් ජාතින්, ආගම් බැතිමතුන් සහභාගි කරගෙන මේ කරන මහා පුණ්‍යකර්මය වෙනුවෙන්, අප සියලුම ශ්‍රී ලාංකිකයන් පුජ්‍ය දේවානන්ද හිමියන්ට ස්තුතිවන්ත විය යුතු අතර මේ මහඟු පිංකම එළඹෙන සියලු වසරකම සාර්ථකව පවත්වාගෙන යාමට පුජ්‍ය දේවානන්ද හිමියන්ට මේ වෙනුවෙන් අවශ්‍ය සියලු ශක්තිය, ධෛර්ය, වාසනාව ලැබේවා කියා මා ඉත සිතින් ප්‍රාර්ථනය කරමි! ජය ශ්‍රී! (නි)
ජායා Friday, 18 October 2013 08:15 PM
බර්ලින් සම්බෝධි විහාරය තිබෙන එක හොදයි. අර පරණ බර්ලින් පන්සල දැන් විනාශ වෙලා. (නි)
පද්මිණි Tuesday, 15 October 2013 01:11 PM
සිරියලතා, නුවර යනව වගේ ජර්මන් යන්ට බැහැ. විසා තියෙන්න ඕන. පාස් පොර්ට් තියෙනවද?විදේශගත වන හැටි ඇත්තටම නොදැන ඔහොම කීවද?(දිල්)
සිරියලතා Monday, 14 October 2013 02:50 PM
යන්න ආසයි.නවතින්න තැනක් හොයලා දෙන්න කෙනෙක් ඉන්නවා නම්, හැබැයි අපේ රටේ කෙනෙක්ගේ ගෙදර නම් වඩා හොඳයි.දන්නා කෙනෙක් ඉන්නවා නම් කියන්න කරුණ කරලා (ස)
සත්‍යයා Tuesday, 15 October 2013 07:25 AM
සිරියලතා අක්කේ, බර්ලින්වල ඉන්න හොඳම ලාංකිකයා තමයි අපේ තානාපති. හොඳ බෞද්ධයෙක්. (නි)
සත්‍යයා Tuesday, 15 October 2013 07:28 AM
හරියට අපොස පොදු සහතිකයවත් නැති පුද්ගලයන් ඇමති ධුර 7-8 ක් පමණ පාලනය කරනවා නම් පන්සල් 3 ක වැඩ කරන එක මේ හිමියන්ට අමාරු වැඩක්ද? (නි)
සුනිල් විමලසූරිය Monday, 14 October 2013 04:14 PM
රජමහ විහාරාධිපති රඹුක්වැල්ලෙ දෙවානන්ද හිමියන්ට පිනසිද්ධ වේවා.මේවැනි බෞද්ධ දේවල් ඉදිරිපත් කිරීම සම්බන්ධව... ජය වේවා..... බුදු සරණයි... (ස)