බර්ලින් සම්බෝධි විහාරස්ථානයේ මෙවර කඨින පිංකම ඔක්තෝබර් මස 19 වැනි සෙනසුරාදා බර්ලින් නුවර ජර්මන් ජාතික බෞද්ධ සංගම් ශාලාවේදි පැවැත්වීමට යයි.
ජර්මනියේ බර්ලින් සම්බෝධි විහාරාධිපති ගම්පහ දොරණෑගොඩ ශ්‍රී සුමන්තින්දාරාම රජමහා විහාරාධිපති හා සදානන්ද මහ පරිවේනාධිපති රඹුක්වැල්ලේ දේවානන්ද හිමියන්ගේ අනුශාසනා පරිදි මේ පිංකම සංවිධානය කැරෙයි.
ජර්මනියේ හා ස්විට්සර්ලන්තයේ වැඩ වසන ශ්‍රී ලාංකික භික්ෂූන් වහන්සේලා හා තායි භික්ෂූන් වහන්සේලා දහ නමක් මෙම පිංකමට සහභාගි වන අතර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරී මහත්ම මහත්මීන්, ජර්මනියේ කාම්බෝජ් තානාපති ආචාර්ය විද්‍යා චෙම් මහතා, ජර්මන් බෞද්ධ සංගමයේ සභාපති ආචාර්ය රෙනර් නුවාක් මහතා ඇතුළු සිංහල, ජර්මන්, තායි, සහ කාම්බෝජ් බෞද්ධයන් විශාල පිරිසක් සහභාගි වන අතර බර්ලින් නුවර පදිංචි කාන්ති ස්ටිලර් මහත්මිය ප්‍රධාන එම පවුලේ සියළු දෙනා විසින් කඨින චීවරය පුජා කිරීම සිදු කරනු ලබන්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ රජමහා විහාරයක අධිපතිකමයි, පිරිවෙනක අධිපතිකමයි, පිටරටක පන්සලක අධිපතිකමයි යන තුනක් එකවර කරන්නේ කොහොමද?මම මේ දන්නේ නැති නිසයි අහන්නේ (නි)
ජර්මනියේ බර්ලින් නුවර වෙසෙන සිංහල බෞද්ධ සහ වෙනත් ආගම් අදහන ශ්‍රී ලාංකික බැතිමතුන් සහ අනෙකුත් ජාතින්, ආගම් බැතිමතුන් සහභාගි කරගෙන මේ කරන මහා පුණ්‍යකර්මය වෙනුවෙන්, අප සියලුම ශ්‍රී ලාංකිකයන් පුජ්‍ය දේවානන්ද හිමියන්ට ස්තුතිවන්ත විය යුතු අතර මේ මහඟු පිංකම එළඹෙන සියලු වසරකම සාර්ථකව පවත්වාගෙන යාමට පුජ්‍ය දේවානන්ද හිමියන්ට මේ වෙනුවෙන් අවශ්‍ය සියලු ශක්තිය, ධෛර්ය, වාසනාව ලැබේවා කියා මා ඉත සිතින් ප්‍රාර්ථනය කරමි! ජය ශ්‍රී! (නි)
බර්ලින් සම්බෝධි විහාරය තිබෙන එක හොදයි. අර පරණ බර්ලින් පන්සල දැන් විනාශ වෙලා. (නි)
සිරියලතා, නුවර යනව වගේ ජර්මන් යන්ට බැහැ. විසා තියෙන්න ඕන. පාස් පොර්ට් තියෙනවද?විදේශගත වන හැටි ඇත්තටම නොදැන ඔහොම කීවද?(දිල්)
යන්න ආසයි.නවතින්න තැනක් හොයලා දෙන්න කෙනෙක් ඉන්නවා නම්, හැබැයි අපේ රටේ කෙනෙක්ගේ ගෙදර නම් වඩා හොඳයි.දන්නා කෙනෙක් ඉන්නවා නම් කියන්න කරුණ කරලා (ස)
සිරියලතා අක්කේ, බර්ලින්වල ඉන්න හොඳම ලාංකිකයා තමයි අපේ තානාපති. හොඳ බෞද්ධයෙක්. (නි)
හරියට අපොස පොදු සහතිකයවත් නැති පුද්ගලයන් ඇමති ධුර 7-8 ක් පමණ පාලනය කරනවා නම් පන්සල් 3 ක වැඩ කරන එක මේ හිමියන්ට අමාරු වැඩක්ද? (නි)
රජමහ විහාරාධිපති රඹුක්වැල්ලෙ දෙවානන්ද හිමියන්ට පිනසිද්ධ වේවා.මේවැනි බෞද්ධ දේවල් ඉදිරිපත් කිරීම සම්බන්ධව... ජය වේවා..... බුදු සරණයි... (ස)