ජර්මනියේ පැරණිම බෞද්ධ විහාරය වූ බර්ලින් විහාරයේ වාර්ෂික කඨින පිංකම ලබන සෙනසුරාදා (18) සහ ඉරිදා (19) පැවැත්වීමට නියමිතය.
මෙවර කඨින පිංකම සදහා ඕමල්පේ සෝභිත හිමි ඇතුළු හිමිවරුන් 12 නමක් සහභාගී වෙති.
බර්ලින් විහාරවාසී කෝන්ගස්පිටියේ ශාන්ත රක්ඛිත, දික්වැල්ලේ සීලසුමන යන හිමිවරුන්ගේ අනුශාසකත්වයෙන් කඨින පින්කමේ දායකත්වය උසුලනු ලබන්නේ ජර්මනියේ බර්ලින් නුවර පදිංචි තිලිණ අබේවර්ධන, ගංගානී අහංගම, නීරෝෂන් නානායක්කාර, සිසිර සොයිසා යන මහත්ම මහත්මීන්ය.
18 වන සෙනසුරාදා රාත්‍රියේ පරිත්‍රාණා ධර්ම දේශනාව සහ ගිලන් පස බුද්ධ පුජාව පැවැත්වෙන අතර කඨින චීවරය පුජා කිරීමෙන් පසු දහවල් දානය සහ කඨිනානිසංශ ධර්ම දේශනාව පැවැත්වේ.
කඨිනානිසංශ ධර්ම දේශණය පවත්වනු ලබන්නේ ඕමල්පේ සෝභිත හිමියන් විසිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම සතුටුයි.(හේ)
බර්ලින් පින්කමට අපිටත් දායක වෙන්න තිබුණානම්.(හේ)