ජර්මනියේ බර්ලින් විහාරයේ වාර්ෂික කඨින පිංකම පසුගිය 19, 20 යන දිනවල එම විහාරස්ථානයේදී විචිත‍්‍ර ලෙස පැවැත්විණි
19 වන රාත‍්‍රියේ පරිත‍්‍රාණ ධර්ම දේශනයක් සහ පසුදින කඨින චීවරය පූජා කිරීම සම්බුද්ධ ප‍්‍රජාව සාංඝික දානය සහ කඨිනානිශංස ධර්ම දේශනයක්ද පැවැත්විණි.
කඨිනානිසංස ධර්ම දේශනය විහාරවාසි දික්වැල්ලේ සීලසුමන හිමියන් විසින් පැවැත්වූ අතර ජර්මන් බසින් හැම්බර්ග් විහාරාධිපති නම්මැන්නාවේ ධම්මානන්ද හිමියන්ද ජර්මන් බසින් ඉංග‍්‍රීසි බසින් තල්පාවිල කුසලධම්ම හිමියන්ද පැවැත්වූහ.
ශ්‍රී ලංකා ජර්මන් ධර්මදුත සංගමයේ උප සභාපති තිස්ස වීරරත්න මහතාද එහිදී දේශනයක් පැවැත්වූ අතර ධර්මදුත සංගමයේ සංවිධානයෙන් සහ විහාරාධිකාරීන් වන කෝන්ගස් පිටියේ ශාන්ත රක්ෂිත දික්වැල්ලේ සීල සුමන යන හිමිවරුන්ගේ අනුශාසනයෙන් පිංකම පැවැත්විණි.
ජර්මනියේ ශ්‍රී ලංකා තානාපති සරත් කෝන්ගහගේ මහතා ඇතුළු කාර්ය මණ්ඩලය සහ ජර්මනියේ පදිංචි ශ්‍රී ලාංකික කාම්භෝජ ලාඕස් ජාතික බෞද්ධයින්ද එම අවස්ථාවට සහභාගි වූහ.
කඨින පිංකම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ සිට අයි.ඞී.එච්. හි මණ්ඩාවිල විහාරාධිපති කුඹුරුගමුවේ සුගුණ ධම්ම හිමියන් වැඩම කර සිටි අතර ඉතාලිය සහ ජර්මනියේ විහාරස්ථානවල වැඩ සිටින ස්වාමින් වහන්සේලා දසනමක් පිංකමට සහභාගි වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිරාණි මහත්මිය කියපු දෑ හරි මෙවන් දේ අද සමාජයෙන් තුරන් නොවි රැකගන්නේ අපේ හාමුදුරුවන් වහන්සේලයි. (ස)
අද භික්ෂුන්ගේ ක්‍රියාකාරකම් පෙනෙන විට මට නම් පෙනෙන්නේ එම වහන්සේලා බුදුන්ගේ දහමට පිටතින් ගමන් කරනවා කියලයි.සම්පත් ටිකෙන් ටික ඉවත දමනවා වෙනුවට තව තවත් සම්පත් ළඟා කර ගැනීමේ ප්‍රවණතාවයකි දකින්න තිබෙන්නේ. (නි)
ඔව්, චානක ඔබ හරියටම හරි. අද භික්ෂුන් වහන්සේලා ගමන් කරන්නේ ආර්ය පර්යේෂණයේ නොවේ (නි)
චානක සහ සපුමල් කියන දේ හරි....නමුත් මේ වගේ පින්කමුත් තියෙන්න ඕනේ.....එතකොට ජනතාවට පින්කම්වලට සහබාගි වෙන්න පුළුවන්....කටින චීවර පින්කම් කියන්නේ මහානිසංස පින්කමක්....හාමුදුරුවන්ගේ මුලික පරමාර්තේ නිවන් මග ටමි.....ගිහි සමජයට් පින්කම්වලට යොමු කිරීමට් හමුදුර්වන්ගේ උතුකමක්.....ඔබ සැමට තෙරුවන් සරණයි.(නදී)
සාදු,සාදු,සාදු, මේ අටමහ කුසල් වලින් ප්‍රධාන පින්කම්.කාරුණික පින්වතුනි, තෙරුවන් සතු අගුණ, වැරදි, අඩුපාඩුකම් සෙවීම, යම් යම් අඩුපාඩු විකෘති කර කීම, ප්‍රචාරය ආදී මේ සියල්ලම තම තුල ඇති සිල්වත් බව තමා විසින්ම බිඳ ගැනීමකි.අන් අයගේ දිහා බලන්න එපා.මොකද අපි තුල තියෙන වැරදි අපිටවත් තේරුම් ගන්න අමාරුයි. පින් කම් දිහා බලල සතුටු වෙන්න.තමා හැකි නම් කරන්න.මේවා දස කුසල් වේ.ඔබ සිත් තෙරුවන් ගැන පැහැදේවා. තෙරුවන් ගුණම නිතරම සිහි කරන්න.එය සුගති ගාමි වීමට හේතුවකි.තෙරුවන් සරණයි..ඔබලාට දහම් කරුණක් දැනගන්න අවශ්‍ය නම් පමණක් කතා කරන්න. 00393341227517 (ස)
මෙහි අදහස් දාන අය ආරඤ්ඤ වාසි හා ග්‍රාම වාසි කියල භික්ෂුන් කොටස් දෙකක් සිටි බව දැනගත යුතුයි. අදත් ඒ පිරිස ඒ විදිහටම ඉන්නවා. නිවන් දැකීම සදහා කටයුතු කරමින් බණ භාවනා කරන භික්ෂුන් ඉන්නාවා වගේම මේ කටයුතු කරන්නත් භික්ෂුන් සිටිය යුතුයි. ලංකාවේ පන්සල් වල කටයුතු කරන භික්ෂුන් වහන්සේලා මිනිසුන්ගේ වැඩ කටයුතුමයි කරන්නේ. දහම් පාසල් කිරීම පන්සල් නඩත්තු කිරීම වැනි කටයුතු. ඒ භික්ෂුන්ගේ නිවන් මග බොහෝ දුර වෙන්න පුලුවන් නමුත් ඒ අය නිසා තමයි අන් අයට දහම රැක දීමේ ක්‍රියාව සිදුවන්නේ. එහෙම නොවුනා නම් දුකෙන් කථාකරන ඔබත් වෙනත් ආගමකට ගිහින් ඉන්න තිබුණා. වැරදි විදිහට මුදල් පසුපසම යන හාමුදුරුවරුත් නැත්තේ නොවේ. (ස)