ජර්මනියේ බර්ලින් සම්බෝධි විහාරාධිපති ගම්පහ දොරණෑගොඩ ශ්‍රී සුමන්තින්දාරාම රජමහා විහාරාධිපති හා සදානන්ද මහ පරිවේනාධිපති රඹුක්වැල්ලේ දේවානන්ද හිමියන්ගේ අනුශාසනා පරිදි බර්ලින් සම්බෝධි විහාරස්ථානයේ මෙවර කඨින මහා පිංකම ඔක්තෝබර් 11 වැනි සෙනසුරාදා උදේ 10 සිට සවස 3 දක්වා බර්ලින් නුවර ජර්මන් ජාතික බෞද්ධ සංගම් ශාලාවේදි පැවැත්වීමට යයි.
බර්ලින් විහාරාධිපති දික්වැල්ලේ සීලසුමන හිමි, ස්විට්ස්ර්ලන්තයේ ජිනිවා බෞද්ධ පදනමේ සභාපති හල්යාලේ විමලරතන හිමි, කළුආරච්චියාගම සුමනරතන හිමි, පැරීසියේ සමාධි බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති තලංගල්ලේ සුමංගල හිමි, මියුනික් බෞද්ධ විහාරයේ කන්නිමහර පියසිරි හිමි, බොන් බෞද්ධ විහාරාධිපති ශාස්ත‍්‍රපති බටුවන්ගල සමිද්ධි හිමි, බර්ලින් ප‍්‍රභවන තායි බෞද්ධ විහාරාධිපති ප‍්‍රාමොන්චායි හා ජර්මන් ජාතික ප‍්‍රාලයිෆ් යන හිමිවරුන් මේ පිංකමට වැඩම කරවීමට නියමිතය.
එසේම ජර්මනියේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය කරුණාතිලක අමුණුගම, කාම්බෝජ් තානාපති ආචාර්ය විද්‍යාවෙම්, ඇමෙරිකාවේ පරිසර අධිකරණයේ විනිසුරු ලීසා බුෂ්මන්, බර්ලින් හුම්බෝල්ට් සරසවියේ ආගම් හා දර්ශන පීඨයේ මහාචාර්ය අන්ද්‍රෙයාස් ෆෙල්ඩිට් කෙලර් හා ජර්මන් ජාතික බෞද්ධ සංගමයේ සභාපති ආචාර්ය රෛනර් නුවාක් මහතා ඇතුළු සිංහල, ජර්මන්, තායි, සහ කාම්බෝජ් බෞද්ධයන් විශාල පිරිසක් සහභාගි වන අතර බර්ලින් නුවර පදිංචි ශ්‍රී ලාංකික බෞද්ධ පිරිසගේ මූලිකත්වයෙන් කඨින පිංකම සිදුවෙන අතර බර්ලින් හී පදිංචි ලලිත් ගංහේවා මහතා කඨින චීවරය පුජා කරනු ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ වැඩක් (දී)
කිරි වලට ගොම මුසු විය යුතුම යයි නියමයක් නැහැ . නමුත් එය කොතැනක හෝ සිදු වෙනවාමයි. (දී)