දෑස නොපෙනෙන්නන් බ්‍රේල් ක්‍රමය අනුගමනය කරමින් එළිදක්වන ප්‍රකාශන සිංහල භාෂාවට පරිවර්තනය කළ හැකි මෘදුකාංගයක් නිර්මාණය කළ බව මොරටුව විශ්ව විද්‍යාලයේ තොරතුරු තාක්ෂණ අංශයේ ආචාර්ය ලෝඩන්දක රණතුංග මහතා පැවසීය.
මේ වන විට අත්හදා බැලීම් සිදු කරගෙන යන මෙම මෘදුකාංගය තව නොබෝ දිනකින් එළිදැක්වීමට නියමිතය.
දෑස නොපෙනුන ද බුද්ධිමත් පිරිසක් වන ඔවුන්ගේ නිර්මාණශිලි කුසලතා එළිදැක්වීමට හරස් වූ ප්‍රධානතම බාධකය ඉවත් කිරීමට මෙම මෘදුකාංගය සමත්වන්නේ යැයිද මේ නිසා තම නිර්මාණ කුසලතා සමාජය හමුවේ ඉදිරිපත් කිරීමට හැකිවීම ඔවුන් ලද සුවිශේෂි ජයග්‍රහණයක් යැයිද ආචාර්ය රණතුංග මහතා පැවසීය.
ඊට අමතරව විභාග සදහා ඉදිරිපත්වන දෑස නොපෙනෙන සිසුන්ගේ ප්‍රශ්න පත්‍ර පරික්ෂා කළ යුතුව තිබුණේ බ්‍රේල් ක්‍රමය පිළිබඳව දැනුම්මක් ඇත්තවුනට පමණක්ය. එයද මෙම මෘදුකාංගය නිසා වෙනස් වෙයි.
මෙම මෘදුකාංගය නිර්මාණය කිරීමට රත්මලාන අඳගොළු බිහිරි පාසලේ නොමඳ දායකත්වය මොරටුව විශ්ව විද්‍යාලයට ලබා දී ඇත.
සමාජ සත්කාරමය පුණ්‍ය කටයුත්තක් ලෙස සළකා මෙම මෘදුකාංගය සඳහා කිසිදු මුදලක් අයකර නොමැත.
ආචාර්ය ලෝචන්දක රණතුංග මහතාගේ මඟපෙන්වීම සහ අධීක්ෂණය යටතේ චාමලී ද සිල්වා එන්.ජී.චන්දන ශ්‍රී ලාල්, හර්ෂ බී අතපත්තු යන උපාධි අපේක්ෂක ශිෂ්‍යයෝ නිර්මාණය බිහි කිරීමට දායක වූහ.
2025 දෙසැම්බර් මස 18
147
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බ්‍රේල් - සිංහල මෘදුකාංගයක් මොරටු සරසවියෙන්
චාමර Monday, 16 February 2015 03:46 AM
නියම වැඩක් සර් ..... (ස)
දුමින්ද Friday, 13 February 2015 06:18 AM
කුසලය සහ තාක්ෂනය එක් කළ ඔබට පින්.(හේ)
අසෝකා Friday, 13 February 2015 07:55 AM
දෑස නොපෙනුනත් ඔවුන්ගේ බොහෝ ආකල්ප ඉතාමත් නිර්මාණශීලියි. ඔවුන්ගේ මනස නිතරම අවධියෙන්. ඉතාමත් වටින කර්තව්‍යක්! මෙය ඉක්මනින් එළි දක්වන්න හැකිවේවා! ඔබ සැමට සුභ අනාගතයක්!(හේ)
ආර්.පී. සාරංග Saturday, 14 February 2015 11:00 PM
ඉතාම වටිනා.. කාලෝචිත මෘදුකාංගයක්. (නදී)
ටී. ඩී. ටී.එල්. ධනපාල Friday, 13 February 2015 09:02 AM
ඉතා අගය කරමි (නදී)
ලක්ෂාන් Sunday, 15 February 2015 03:19 AM
සුපිරි වැඩක් ලොකු අයියලා . (අ)
ජගත් පණ්ඩිතරත්න Sunday, 15 February 2015 04:26 AM
සුපිරි වැඩක් (අ)
විමුක්ති හේරත් Friday, 19 June 2015 09:49 AM
ඉතාමත් හොඳ කටයුත්තක්. තාක්ෂණයේ දියුනුවෙන් නොපෙනෙන ලෝකය එළිය කරන්නට තව තවත් ඔබට ධෛරිය ශක්තිය ලැබේවා! (අ)