කලා අංශයෙන් බ්‍රේල් ක්‍රමයට අධ්‍යාපනය ලබා හොරණ තක්ෂිලා මධ්‍යම මහා විද්‍යාලයයේ රිද්මි හදපාන්ගොඩ සිසුවිය කළුතර දිස්ත්‍රික්කයේ හතර වැනි ස්ථානය හිමි කර ගෙන සිටින්නීය.ඇය සාමාන්‍ය පෙළ විභාගයෙන්ද ඒ සාමාර්ථ නවයක් ලබාගෙන ඉහළ දස්කම් දක්වා ඇත.
ඇයගේ මව වන සුජීවා සුභසිංහ මහත්මිය හොරණ තක්ෂිලා කනිෂ්ඨ විද්‍යාලයයේ ගුරුවරියකි. පියා අජිත් හඳපාන්ගොඩ මහතා පෞද්ගලික අංශයේ රැකියාවක නියැලෙන්නෙකි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දියණියනි නුඹ රටටම අාදර්ශයක්ම වේවා! (නදී)
ජිවිතයේ සුන්දරම අවධිය ගෙවන සුන්දර දිරිය දියණියගේ අනාගතයට සුබාසිරි එක් කරමි. (බ)
දුවට තෙරුවන් සරණයි. යහපත් අනාගතයකට සුභ පැතුම් !(දිල්)
දුවට ඉතා සතුටින් සුභ පතමි (දිල්)
හදවතින් සුබ පැතුම් දුවේ .... කොපමණ බාදක ආවත් ජීවිතය ජය ගන්න ආසිරි පතමි....(නදී)
වාසනාවන් දුවේ. ඔයාගේ හැම ප්‍රර්ථනාවක්ම ඒ ආකාරයෙන්ම ඉෂ්ට වේවි. ඔයා හැමෝටම හොඳ ආදර්ශයක්. (දිල්)
ඉතාමත් ආදර්ශමත් දියණියක්. ඔබට තෙරුවන් සරණයි (බ)
ඔබට මගේ උණුසුම් සුබ පැතුම් දියණියනි !!! (බ)
දිරිය දියණිය ඔබ අපේ රටට මහඟු දායාදයකි. ඔබට ඔබේ අනාගත පැතුම් ප්‍රාර්ථනා සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියා අපි අල්ලාහ් දෙවියන්ගෙන් ප්‍රාර්ථනා කරනවා. (බ)
නොපෙනෙන ලොව දිරියෙන් ජයගත් දිරිය දියණියට අප සැමගේ සුබ පැතුම් හද පිරි සෙනෙහසින් (බ)
දිරිය දියණියනි, තවම ලංකාවේ ඔබ වැනි අය වෙනුවෙන් වැඩකරන්න පුළුවන් විදියට අවශ්‍ය සමාජ ප්‍රතිසංස්කරණ කෙරී නැහැ (නි)
මා ළඟදී ලොකු පිනක් කළා. මතු උපදින හැම භවයකම දුවට ඇස් පෙනීම ලැබෙන්න ඒ පින් හේතුවේවා ! (නි)
ඔබට මගේ උණුසුම් සුබ පැතුම්.! (ර)
දිරිය දියණියට සුභ පැතුම්.! තෙරුවන් සරණින් ජයම වේවා.! (ර)
ලෝකයේ ඈත සිට ඔබට උණුසුම් සුබ පැතුම් රිද්මි දුවේ.! (ර)
දැනුම නෙත වගේම අනෙක් නෙතත් පෑදේවා.! (ර)
දුවේ, මගේ උණුසුම් සුබ පැතුම්! (නි)
ඔයාට අපේ උණුසුම් සුබ පැතුම් (අ)
රටටම ආඩම්බරයක් දුවට සුභපැතුම් (අ)
නොලැබුණු දේවල් ගැන ලත වෙමින්, කාලය ගත කරන අපේ රටේ සියලුම දරුවන්ටත්, සියලුම පුරවැසියන්ටත්, විශාල ආදර්ශයක්, මේ සොහොයුරිය ලබා දීලා තිබෙනවා. වඩා වැදගත් වන්නේ තමුන්ට නොලැබුණු දේ ගැන කම්පා වීම නෙමේ, ලැබී තිබෙන සුළු දේ වුණත් නිසි ලෙස ප්‍රයෝජනයට ගනිමින් තම ජීවිතය සාර්ථක කර ගැනීමයි. (අ)
මේ හැම දේටම වඩා අබ්දුල් ගේ ප්‍රාර්ථනාව අගය කරනවා. (දිල්)
දිරිය දියණියට මැද පෙරදිගින් සුභ පැතුම්! ලොව දිනන දුවක් වන්න. (නදී)