කෑම විසවූ බවට සැක කරන 65ස් දෙනකු රෝහල් ගත කර ඇතැයි කාත්තන්කුඩි මූලික රෝහලේ අධ්‍යක්ෂ එම් එස් එස් ජාබීර් මහතා කියයි.
නගරයේ හෝටලයකින් බුරියානි කෑම කෑ පසු රෝග ලක්ෂණ ඇතිවූ බව ඔවුන් කීවේයැයි ද ඒ මහතා පවසයි.
රෝහල් ගත කළ පිරිස අතර ළමයි 16ක් සිටති. එක් දරියක් වැඩිදුර ප්‍රතිකාර සදහා මඩකලපුව රෝහලට මාරු කරනු ලැබුවාය.
කාත්තන්කුඩි පොලිසිය ද පරීක්ෂණයක් අරඹා තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුරියානි සහ ප්‍රයිඩ් රයිස් සෑදීමේදී රස වැඩි කිරීම සඳහා හෝටල්කරුවන් කෘතීම රසකාරක යොදන බව අසා ඇත්තෙමි. ඇතැම් ගෘහණියෝද නොදැනුවත්කම නිසා මේවා වෙළදපොලින් මිලදී ගනිති. මේවා දිවට රසයක් ගෙනදෙන එහෙත් ආමාශයට විස වන රසායනික ද්‍රව්‍යය වේ. (නි)
කිසි ප්‍රමිතියකින් පිරිසිදුකමකින් තොරව මුදල් ඉපයීමට පමණක් කරනා මෙම වෙළඳාම් නිසා මිනිස් ජීවිත වලට වන හානිය එමටය (නි)