රට පුරා පාසල් සිසුන් අතර දක්ෂතම පාසල් ශිෂ්‍යා තේරීමේ තරගය ‘බ්‍රයිටි ස්ටාර්’ රියැලටි වැඩසටහන අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මොහාන් ලාල් ග්‍රේරු මහතා ගේ ප්‍රධානත්වයෙන් පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයයෙන් ඇරැඹිණි.
අධ්‍යාපන අමාත්‍යංශයේ අධික්ෂණයෙන් වැඩසටහන පැවැත්වේ.
තරගාවලියේ මුලික වටය අරඹමින් සිසුන්ට ලිඛිත පරීක්ෂණයක් ද එහිදී පැවැත්විණි.
වාචික,භාෂා,සංගිත,ගණිත,තාර්කික,සොබාදහම,ගවේෂණය ආදී විෂයන් කෙරේ සිසුවා තුල පවතින දැනුම වර්ධනය හා දැනුම තීරණය කිරීම මෙහි අරමුණයි.
මිට සමගාමීව අනුරාධපුර ස්වර්ණපාලී,මාතර සුජාතා,බදුල්ල ධර්මදුත,මහනුවර ධර්මරාජ හා කුරුණෑගල මලියදේව යන විද්‍යාලයන්හි ද මුලික තරගවට පැවැත්විණි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනෝමා,මගේ දරුවන් මේවට ඉදිරිපත් කරන වයස පහුවෙලා. නමුත් ලංකාවේ ඉතාමත් අන්ත දුප්පත් පාසල් එමට තියෙනවා.ලංකාදීපයෙන් පසුගිය දිනවල කිහිපයක් පෙන්නුවා. ඒවාගේ තවත් බොහෝ පාසල් තියෙනවා. නමුත් ඔබගේ ළමයින්ට දෙන ප්‍රශ්න පත්‍රයම තමයි ඒ ළමයින්ට දෙන්නෙත්. ටියුෂන් යන්න තියා වේල් තුන හතරකට වේලක් කන ළමයි. මගේ අදහස ඔය මුදල් යොදවා අන්න ඒ ළමයින් වෙනුවෙන් සාධාරණයක් කරන්න කියලයි. (නි)
හොඳ වැඩක් (නි)
මේකනම් නියම වැඩක්.අනුන්ගේ සින්දු කියලා ප්‍රසිද්ධ වෙනවට වඩා හොදයි.(අ)
පහ වසර දරුවන්ගේ ශිෂ්‍යත්ව් විභාගය නිසා රේස් එකේ දුවපු අම්මලාට මෙන්න තව ධාවන තරඟයක්. දරුවෙක් තරුවක් නොවුණාට කමක් නැහැ. වරුවක් පායලා කඩා වැටෙනවාට වඩා පොළවේ පය ගහලා දරුවා හැදෙන එක හොඳයි. (නි)
පාසල් ළමුන්ගේ බුද්ධිය මනින මෙවැනි වැඩසටහනක් කිරීම අගය කරනවා. මේ වගේ වැඩසටහනක් කරන පළමු වතාව කියලයි මට හිතෙන්නේ. (ස)
නියම වැඩක් ..... සින්දු කියන , නටන , ස්ටාර්ස් ල බිහි කරනවා ට වඩා අගය කරන්න ඕනි වැඩසටහනක්. (ස)
ලසිත්, ඔබ කියන දේ නම් හරියටම හරි. (නදී)
ළමයින්ට විසාදිය හදන්න කරන වෑයමක්. මේ විස නිසා දැන් තරුණයෝ ස්ටාර් පිස්සෝ වෙලා. පොඩි එවුන් ටිකත් වල පල්ලට යවන්න හදන්නේ.(නදී)
අනේ ඉතින් අර දුර බැහැර දුප්පත් පාසල් දරුවන්ට කරන්නේ තවත් අසාධාරණයක් කියලයි මට හිතෙන්නේ. අඩුම ගානේ දුෂ්කර පාසල්වලින් මේ වැඩේ පටන් ගත්ත නම් ඉතාමත් වටින දෙයක් වේවි (නදී)
කාලෙකට පස්සේ වැඩකට ඇති වැඩක් ගැන ඇහුව ඇහුවා! (නදී)
මේ වගේ විෂබීජ පාසල්වලට දාන්න එපා. දක්ෂ ළමයින් විභාග පාස් වෙලා විශ්වවිද්‍යාලයට ගිහිල්ල තමන්ම ස්ටාර් කෙනෙක් වෙයි. ඇමතිතුමාට කරන්න තියෙන්නේ, තවම හරිහැටි විභාගයක් පවත්වාගන්න බැරි අධ්‍යාපන ලොක්කෝ ටික පුළුවන්නම් ගෙදර යවල, ප්‍රශ්න පත්තරයක් හදා ගන්න පුළුවන් මිනිස්සු ටිකක් පත් කරන එක. (අ0
දරුවන් අතර තරගය,ඉරිසියාව, හීනමානය, උලුප්පන මෝඩ තාලේ වැඩක්.(අ)
මේක බොහොම වටින වැඩක් හැටියට මම දකින්නේ.මොකද මෙම අදහස් දක්වා තිබෙන කිසි කෙනෙක් ගේ දරුවන් මෙයට සහභාගී වෙලා නැති බව පෙනෙනවා.මෙම තරගයට දරුවන් ඉදිරිපත් කල මවක් ලෙසත් ධර්මපාල විදුහලේ වැඩසටහනට සහභාගී වූ කෙනෙකු ලෙසත් මෙය සටහන් කරමි. මේ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය මැදිහත් නොවන්නට මේ රටේ බහුවිධ බුද්ධිය මනින්න දරුවන්ට තිබෙන රියැලටි වැඩසටහන කුමක්ද? (අ)
මෙය ඉතාම හොඳ වැඩක්. සින්දු කියන විකාර ස්ටාර් වලට වඩා හොඳයි. සහභාගී වන හැම ළමයකුටම තෑගී දුන්න නම් තවත් හොඳයි. ළමයින් ඉගෙනීමට උනන්දු කරවන වැඩක්.(අ)
5 ශිෂ්‍යත්ව විභාගය නිසා ඇතිවන ගැටලුවට වඩා ගැටළුවක් නැවත නිර්මාණය වෙන බව අනිවාර්යයි .මීට වියදම් කරන මුදල් සෑම පාසලකටම සමාන අධ්‍යපනයක් ලබාදීමේ කටයුත්තකට යොදවනවා නම් හොඳයි පාසල් (අ)
බහු ජාතික සමාගමක ළමයින් විකුණන්නෙ නැතුව මේක කළා නම් හොඳයි. හොද වැඩක් වගේ කළාට මේක අයට ඉන්න නිලධාරින්ට සමාගම හොඳට සලකනවා ඇති. හෙට දවසෙ ඒකෙ රස්සාවකුත් ගනීවි. (අ)
මෙවැනි වැඩසටහන් තිබෙන එක හොදයි. ඒත් එම වැඩසටහන්, රියැලටි වැඩසටහන් ලෙස වාණිජකරණයට ලක් නොවී ගුණාත්මකභාවයෙන් යුතු වෙනවානම් වටී.(අ)
දැන් මේ ස්ටාර් තරඟයේ ප්‍රශ්න පත්‍ර හදන්නෙත් අර වාර විභාග වල ප්‍රශ්න පත්‍ර හදන ඇත්තෝමද දන්නේ නැහැ. නරකද ඔක්කොටම කලින් ඒක සොයලා බැලුවොත්? (නි)
පොල් අතු මඩු වල පාවහන් නැතුව ඉරුණු ඇඳුම් ඇඳගෙන, බඩගින්නට ඇල් වතුර බීලා සමහර දරුවන් අකුරු කරන රටේ, අහසේ තරු අල්ලනවාට වඩා පොළවේ පය ගහලා ඉන්න ක්‍රමය ඉගැන්නුවොත් නරකද? (නි)
නියම වැඩක්. කුහක නොවී හොඳ වැඩේට හොඳයි කියමු (නි)
මේක හොඳ වැඩක් කියලා මම හිතන්නේ. මීට සමගාමීව ප්‍රායෝගික විෂය නිර්දේශයකුත් ස්ථාපිත කරන්න පුලුවන්නම් බොහොම අගෙයි (නි)
ඉතාමත් අමනෝඥ ක්‍රියාවක්. දුර දිග නොබලා කරන මේ වගේ වැඩ නිසා ඉදිරි පරම්පරාව දැනුම ලබාගැනීම ත්‍යාග වලින් ලැබේවා! ආර්ථික වාසි නිසා මිස ජීවිතය හැඩ ගසා ගැනීමට නොවේ. තරඟකාරී ලෝකයට මේ ඉස්කෝලේ ළමුන්වත් තල්ලු කිරීමේ පාපයට සහ එම නිසා මතු පරපුරට කරන වරදට ඔක්කොටම හෙන වැඩේවා. (නදී)
පද්මිණි , ඔබ හරි. (නි)
මේ වගේ අඳ බාල වැඩ නිසා තමයි ලංකාවේ අධයාපනය දියුණු වෙන්නේ නැත්තේ. ළමයින්ට කියල දෙන්න ඕනා පොළොවේ පය ගහලා, අනුන්ට කරදරයක් නොවී ජිවත් වෙන්න. නමුත් වෙන්නේ එ්කේ අනිත් පැත්ත. සමාජයේ සියලුම දෙනා බලුපොරයකට වැටිලා ස්ටාර්ලා වෙන්න දගලනවා. ලෝකය පෙරට අපි ආපස්සට.(නදී)
ලංකාවේ බ්‍රයිට් ස්ටාර්ලා අමුතුවෙන් තෝරන්න දෙයක් නැහැ. පවතින අධාපන ක්‍රමය අනුව බ්‍රයිට් ස්ටාර්ලා තමයි උසස් පෙළ සහ විශ්ව විද්‍යාල වලට තේරෙන්නේ. කළයුත්තේ එම කඩඉම් විභාග වලින් අසමත් වන සිසුන් සදහා ක්‍රමවත් වැඩපිළිවෙලක් සකස් කිරීමයි. (නි)
අමිල, ඔබේ අදහස ඇත්ත. ග්‍රේරු මහතාණෙනි, නියෝජ්‍ය ඇමති ලෙස ඔබ කරන සහ දරන උත්සාහය අගය කරන අතර බහුජාතික සමාගම් වලට උවමනා ලෙස මෙම තරඟය පවත්වා තරඟයේ වටිනාකම හෑල්ලුවට ලක් නොකරන්න කටයුතු කරාවි කියා සිතනවා. (නි)
ඉතාම අගය කල යුතු ජාතික මෙහෙවරකි. (අ)
මේක බොහොම වටින වැඩක් හැටියට මම දකින්නේ. මොකද මෙම අදහස් දක්වා තිබෙන කිසි කෙනෙක්ගේ දරුවන් මෙයට සහභාගී වෙලා නැති බව පෙනෙනවා. මෙම තරගයට දරුවන් ඉදිරිපත් කල මවක් ලෙසත් ධර්මපාල විදුහලේ වැඩසටහනට සහභාගී වූ කෙනෙකු ලෙසත් මෙය සටහන් කරමි. මේ සදහා අධ්‍යාපන අමාත්‍යාන්ශය මැදිහත් නොවන්නට මේ රටේ බහුවිධ බුද්ධිය මනින්න දරුවන්ට තිබෙන රියැලටි වැඩසටහන කුමක්ද? රියැලටි කිය කියා ඇතැම් රූපවාහිනී නාළිකා දරුවන් අඩවමින්,දෙමාපියන් අඩවමින් කදුලු සහ සිනහ විකිණීම් කරමින් ළමා මනසත් දෙමාපිය පෞරුෂයත් පහත් අඩියට දමන්නේ හිරිකිතක් නොමැතිවමය. මොහාන් ලාල් ග්‍රේරු ගරු නියෝජ්‍ය අමාත්‍ය තුමා මෙම වැඩසටහන රට පුරා ගෙන යන්නට දිවා රාත්‍රී වෙහෙසුන බව එදා සදහන් වුනා. එයට මුලු මහත් රටේම පාසල් දරුවන්ගේ දෙමාපියන් වෙනුවෙන් ස්තූතිය පිරිනමමි. නමුත් ගරු ග්‍රේරු මැතිතුමනි,මෙම වැඩසටහන සදහා අනුග්‍රහය දක්වන සමාගම් එදා දවසේ එය වෙළද ප්‍රචාරණ අරමුනින් කල බව කිව යුතුමය. දරුවන්ට ඔරොත්තු නොදෙන තරම් පමනක් නොව දෙමාපියන් ලෙස අපවද ඉතා පහත් ලෙස වෙළද ප්‍රචාරණ කටයුතු වලට හසු කර ගත්තේ පාසල් භූමියට ඇතුලු වන විටමය. එන විටම දෙන්නන් වාලේ සේදුම් කුඩු පැකට්ටුවක් මා අතට දුන් එක් නිළධාරියෙකු " සුදු වෙන්න සෝදන්න" යැයි කීවා. අපි දරුවන් ගෙන ආවේ තරගයකටය ඒ යහපත් චේතනාවෙන්. තරග සදහා අනුග්‍රාහකයන් සිටිය යුතුය. එහෙත් එම අනුග්‍රාහකයන්ට යටත් නොවන්න. (නදී) එම නිසා වෙළද උපක්‍රම වලට හසු නොවී අමාත්‍යාන්ශයේ පූර්ණ මැදිහත් වීමෙන් පමණක් මෙය සන්විධානය වූවා නම් වඩා සුදුසු බව සදහන් කරමි. එවිට හේමාල්, කයියා, නලින් වැනි අයගේ අදහස් නිවැරදි වේවි. තවද එදා දිනය නියෝජ්‍ය අමාත්‍ය වරයාට වඩා අධ්‍යපනවේදියෙක් ලෙස ඔබතුමා කල සාරගර්භ දේශනය අපේ වගේම දරුවන්ගේත් මනස සේම ජීවිතද අලුතින් සිතන්නට යොමු කලා.
නලින්ගේ කතාව හරියටම හරි, ඇමතිතුමෝ එක තරුවක් හදනවට වඩා රටේ ඔක්කොම දරුවන් තරු කරන්න උත්සහ කරොත් නරකද? (නදී)
අපරාද වැඩක් දැන් අපේ මෝඩ අම්මල ශිෂෂත්වය නවත්තල මේකට ළමයිව මරවයි . ඇත්තටම මේ දේශපාලන උවමනාවන් විතරයි. (නදී)