මාලබේ පිට්ටුගලදී සිය බිරියට වෙඩි තැබීයැයි කියන හමුදා ලුතිනන් කර්නල් ඩබ්ලිව්.ඒ.ප්‍රදීප් කුමාර වෙත්තසිංහ ලබන 7 වැනිදා දක්වා යළි රිමාන්ඩ් කරන ලෙස කඩුවෙල ප්‍රධාන මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා අද (23) නියෝග කළේය.
වෙඩි වැදී බරපතල තුවාල ලබාසිටි බිරිය සුවය ලබා සිටින බවද පොලිසිය අධිකරණයට දැන්වීය.
වෙඩි තැබීමට යොදාගත් මිලි මීටර් 9 පිස්තෝලය රජයේ රස පරීක්ෂක වෙත යවා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත් පොලිසියට නියෝග කළේය.
කර්නල් එදා ගමන් කළ බව කියන කාරය රුපියල් ලක්ෂ 50ක බැඳුම්කරයක් මත අයිතිකරුට මුදාහරින ලෙසද නියෝග කැරිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මන්දා, සමහර ගැහැණුන්ගේ කන්කරච්චලේ ඇහෙනකොට පිස්තෝල නොවෙයි කාලතුවක්කු මතක් වෙන්නේ. (නි)
දැන් ඉතින් නෝනටත් පිස්තෝලයක් අතට දීලා දෙන්නම අර කව්බෝයි චිත්‍රපටි වල වාගේ ඩුවල් එකකට දැම්මොත් රූපවාහිනී නාලිකා වලින් අපිටත් බලන්න පුළුවන් වේවිනේ (නි)