අධිකරණ නියෝග මත බිරියට ගෙවිමට තිබු රුපියල් 17,70,000 නඩත්තු හිඟ මුදල් නොගෙවීම සම්බන්ධයෙන් වරඳකරු වු පුද්ගලයෙකුට ගල්කිස්ස අතිරේක මහෙස්ත්‍රාත් ප්‍රහර්ෂා රණසිංහ මහත්මිය මාස 32 ක සිර දඩුවම් නියම කළාය.
කොළඹ හය ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයකු වු ආර් සිරිසේන ඔහුය.
මසකට රුපියල් 55000 ක නඩත්තු මුදල ගෙවන ලෙස මහෙස්ත්‍රාත් අධීකරණයෙන් ලබා දුන් තීන්දුව අභියෝගයට ලක් කර අභියාචනාධිකරණයේ ගොනු කැර තිබු පෙත්සමක් සැළැකිල්ලට ගනිමින් මහෙස්ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කළාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවුරුදු 3 රට හිටියත් මේ මුදල හම්බ කරන්න බැහැනේ. (නි)
මොකද සරත්, නිකන් බය වෙලා වගේ? ඔයාගේ බිරියත් කරයි කියලද ...? (නි)
අයියෝ! (නි)
මම නම් කවදාවත් නෝනව දාලා යන්නෙ නැහැ (නි)
රුපියල් 17,70,000 නඩත්තු මුදල් ගන්න පුළුවන් නම් ලංකාවේ ඉන්න සියලුම ගැහැනුන් පිරිමින්ගෙන් වෙන්ව යනවා. රුපියල් 17,70,000 නඩත්තු මුදල් ගෙවන්න කියක් ආදායම තියෙන්නේ ඕනෑද? (නි)
චන්දි නම් කියයි, මාසෙට 55000 කියන්නේ කජු ඇටද, කොස් ඇටද. (නි)
අම්මෝ මම නම් කවදාවත් බදින්නේ නැහැ. ගෑනු කෙනෙක්ව නඩත්තු කරන එක ලේසි නැහැනේ බලාගෙන ගියාම අද කාලේ.. වෙන් වෙලා ඉදිද්දිත් නඩත්තුවට මෙච්චර ගාණක් යනවා නම් එකට ඉන්න කාලේ කොහොම වියදමක් යන්න ඇද්ද ඒ මනුස්සයට..? (නි)
මේක නම් ටිකක් අමුතු තීන්දුවක් වගෙයි. මොකද නඩුව අහලා තියෙනනෙත් නෝනා කෙනෙක්නෙ. එතුමාට දැන් තියෙන්නේ මෙයට ශ්‍රේෂ්ඨාධිකරණයේ ඇපෑලක් ගොනු කරන්න (නි)
දැන් ඉතින් ගෙවන්නේ නැතුව ඉන්න පුළුවන් (නි)
දැන් එතකොට අර බිරිඳට ආණ්ඩුවෙන් ගෙවනවද? දාහත් ලක්ෂයක් කියන්නේ කජු ඇටද? කොස් ඇටද? රත්තරන්ද දෙයියනේ ඔයතරම් වටින්නේ? (නි)
නඩත්තු ඉල්ලන්නේ නැතුව ඉල්ලුවත් ලැබෙන්නේ නැතුව කොපමණ දුප්පත් ගැහැනුන් අද ලංකාවේ ඉන්නවද? මේක මම හිතන්නේ වෙන ප්‍රශ්නයක්.නැවත කියවා බලන්න. මසකට රුපියල් 55000 ක නඩත්තු මුදල් ගෙවන ලෙස අධීකරණයෙන් ලබා දුන් තීන්දුව අභියෝගයට ලක් කර අභියාචනාධිකරණයේ ගොනු කර තිබු පෙත්සමක් සැළැකිල්ලට ගනිමින් මෙම නියෝගය නිකුත් කරලා තියෙන්නේ (නි)
එකට ඉන්නකොට දන්නේ නැතිවුණාට පුදුම වටිනාකමක්නේ තියෙන්නේ. නෝනලට මේක තේරෙයිද මන්දා. (නි)
හිර ගෙදර පඩි වලට අනුව සෑහෙන කාලයක් ඉන්න වෙනවා ඕක ගෙවන්න නම් (නි)
මම මේ නොදන්නාකමට අහන්නේ. දැන් අර මනුස්සයා හිරේට ගියහම බිරිදට නඩත්තු මුදල් ලැබෙන්නේ කාගෙන්ද ? එයා එතකොට ජීවත්වෙන්නේ කොහොමද ? (නි)
එතකොට අර මත්ද්‍රව්‍ය, රත්තරන්, මැණික්, ජාවාරම්කරුවන් ඇල්ලුවාම එයාලට දෙන දඬුවම් මොනවාද? අපි නිතරම දකින්නේ, ඒවා රාජ සන්තක කොට, සුළු මුදලක දඩයක් ගැසීම පමණයි. (නි)
ඔයතරම් මුදලක් දෙනවට නම් වැඩිය කොහොමත් හොදයි හිරේ ඉන්න එක (නි)
අයියෝ! (නි)