ඇඹිලිපිටිය නගරයේදී පසුගිය හතරවැනිදා පැවති සාදයේදී මියගිය සුමිත් ප්‍රසන්න ජයවර්ධනගේ අවසන් කටයුතු ඇඹිලිපිටිය පොදු සුසාන භූමියේදී අද සවස තුනට සිදුකිරීමට නියමිතය.
ඔහුගේ මරණයට ඇඹිලිපිටිය පොලිසිය වගකිවයුතුයැයි කියැවෙන පෝස්ටර,දැන්වීම් හා වෙනත් පුවරු නගරයේ තැන තැන දක්නට ඇත.
තණමල්විල,තංගල්ල,උඩවලව,සියඹලාණ්ඩුව පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරු වලින් 500 කට අධික භටයෝ නගරයේ ආරක්ෂාවට කැඳවනු ලැබ සිටිති.
රත්නපුරය,වේවැල්වත්ත වැනි පොලිස් ස්ථාන වලින්ද පොලිසිය කැඳවා ඇතත් ඔවුන් නගරයේ මුර සංචාරයට යොදවා නැත.
ජයවර්ධනගේ අවසන් කටයුතු උසාවි නියෝගයට ගරු කරමින් සිදුකරන බව ඔහුගේ වැඩිමල් සොයුරු දිනේෂ් ජයවර්ධන (42) කියයි.
‘මල්ලිගේ මිනියට අගෞරව වෙන කිසි දෙයක් අපි කරන්නේ නැහැ, මළ ගෙදරට එන අයගෙනුත් ඉල්ලන්නේ උසාවි නියෝගයට ගරු කරන ලෙසයි.මාත් බයෙන් ඉන්නේ කවුරුහරි කුමක් හෝ කළහොත් මට ඒකට වගකියන්න වෙන නිසා.අපේ එකම ඉල්ලීම පොලිස් සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙසයි.‘
මියගිය ජයවර්ධනට අවසන් බුහුමන් දැක්වීමට වැල නොකැඩී පිරිස් ඇදී එති.නගරයේ කොඩි වැල් ඇද ශෝක ප්‍රකාශ බැනර එල්ලා ඇත.
ව්‍යාපාරිකයකුගේ දියණියකගේ මල්වර මගුල නිමිත්තෙන් පැවති සාදයකදී පොලිසිය හා ඇතිවූ ගැටුමින් ජයවර්ධන තුන්වෙනි තට්ටුවෙන් බිමට වැටී රත්නපුර රෝහලට ඇතුල් කිරීමෙන් පසුව මියගියේය.
මරණය සම්බන්ධ පරීක්ෂණය සඳුදා (11) පැවැත්වීමට නියමිතය. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ රුවන් ගුණසේකර මරණ පරීක්ෂණයේ සාක්කි මෙහෙයවීමට නියමිතය.
මේ අතර මෙම සිද්ධියෙන් පසු ඇඹිලිපිටි පොලිසියේ සහකාර පොලිස් අධිකාරී ධර්මරත්න නිවාඩු ගන්වා ඇත.ඔහු පොලිස් විශේෂ බලකායේ හිටපු නිලධරයෙකි.ඇඹිලිපිටි පොලිසියේ මූලස්ථාන පරීක්ෂක ඇතුළු 21 දෙනෙක් මාරු කරනු ලැබ සිටිති.
මියගිය ප්‍රසන්න එක්දරු පියෙකි.ඔහුගේ බිරිය තවත් දරුවකු අපේක්ෂාවෙන් සිටින්නීය.ඇය කියනුයේ තම සැමියාගේ මරණයට පොලිසිය වගකිවයුතු බවයි.
පොලිසිය මුලින් පැවසූයේ මහා හඬින් ශබ්ද විකාශන යන්ත්‍ර ක්‍රියාත්මක කළැයි 119 අංකයට හදිසි ඇමතුමක් ලැබුණු බවයි.මුර සංචාරයේ යෙදුණු පොලිස් කොස්තාපල්වරුන් හතරදෙනකු ඒ ගැන විමසා බැලීමට ගිය විට සාදයේදී ඔවුන්ට පහරදී ඇති බව පොලිසිය මුලින් කියා සිටියේය.
එහෙත් පහරදුන්නැයි කියන කතාව සාදයට සහභාගීවූ අය එකහෙළාම ප්‍රතික්ෂේප කරති.
පොලිසිය තුන්වරක් අහසට වෙඩි තැබූ බවද සාදයට සහභාගීවූවෝ පවසති.
මුලින් පොලිසියේ දෙදෙනෙකු සාදය පැවැති තුන්මහල් ගොඩනැගිල්ලට ගොස් ටික වේලාවකට පසුව පොලුමුගුරු රැගත් පොලිස් පිරිසක් සාමාන්‍ය ඇඳුමින් සැරසී එහි පැමිණි බව සාදයට සහභාගීවූවෝ පවසති.
සාදයට පැමිණි පිරිසේ කිහිපදෙනෙකු පවසා ඇත්තේ සහකාර පොලිස් අධිකාරිවරයා අතේද පොරවක් තිබූ බවයි.
මෙම සාදයට සහභාගීවූ ගැහැණු හා දරුවෝද පොලුපහරට ලක්වූ බවත් කියති.
සාද ශාලාවේ බිත්තිවල ලේ පැල්ලම් විසිරී තිබෙණු දුටු බවත් මියගිය ජයවර්ධන උඩුමහලෙන් තල්ලු කරන්නට හෝ වැටෙන්නට ඇත්තේ පොලිසිය පැමිණීමෙන් පසුව බවත් සාදයට එක්ව සිටි අය කියා ඇත.
ජාතික පොලිස් කොමිසම හා මානව හිමිකම් කොමිසම වෙන වෙනම පරීක්ෂණ අරඹා ඇත.පොලිසියේ ජේ්‍යෂ්ඨ නිලධරයකු පැවැත්වූ මූලික පරීක්ෂණයේ තොරතුරු එම පරීක්ෂණ කණ්ඩායමට ඉතා වැදගත් වනු ඇතැයි පොලිස් ආරංචි කියයි.
පොලිසිය මේ මරණයට වගකිවයුතුයැයි කියමින් රජයට ඉදිරිපත් කිරීම සඳහා පෙත්සමකටද මහජනයා අත්සන් කරති.
























COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇය අද මොනතරම් අසරණද? මට නම් හරි කණගාටුයි (නි)
අපි මොනවා කිවුවත් අසරණ දරු පවුලක් අනාථ වුණා (නි)
ලංකාවේ පොලිස් කරන්නේ මේ වගේ අපරාද තමා...කරලා බබ්බු වෙන්ට හදන්නේ (කෞ)
ඔය පොලීසියේ ඉන්න මහත්තයෙකුගේ පවුලේ කෙනෙකුට මෙහෙම දෙයක් වුණා නම් වේදනාව කොච්චරද කියලා හිතලා බලන්න (නි)
සිද්ධිය ගැන කිසිත් නොදැන කාටවත් ඇඟිල්ල දික්කරන්න අමාරුයි. ද්වේශයම පිරුණු මිනිසුන් තුළ, මානසික සංහිඳියාව ඇතිකිරීමට ක්‍රමවේදයක් වහාම ඇති කළ යුතුයි. ඉතාම සුළු සිද්ධියකදීත් දඬු මුගුරු ගැනීමට මිනිසුන් පෙළඹෙන්නේ හරි සංයමයක්, සිහියක් නැති නිසායි. සියලු පාසල් දරුවන්ට, අනිවාර්යය භාවනා කාල පරිච්ඡේදයක් කාලසටහනට එකතුකරන්නට බලධාරීන් දැනුවත් කරමු. (නි)
සොයුර, ඔබට නිවන් සුව! (නි)
ඔවුන්ට දැන් කවුද පිහිටවෙන්නේ? අනේ දෙවියනේ! (නි)
මත්පැන් නිසා නැතිවුණ තරුණ ජීවිතයක්! (නි)
අපේ පොලිසිය හරි දක්ෂයිනේ! (නි)
අපිට ගොඩක් කණගාටුයි (නි)
තමන්ගේ නිවහනේ උත්සවයක් ගන්න බැරි තත්වයකට, අද රටපත්වී ඇත. දවසින් දවස රට ප්‍රපාතයට යනවා. රජය පැත්තෙන් අකටයුත්තක් වුණොත් නීතියත් මන්දගාමී වෙනවා. ගෙවල් වල සිටින අහිංසක මිනිසුන්ට අසාධාරණයක් වුණානම් එය දැඩි ලෙස හෙළාදකින අතර දෙවියොම බලගනිත්වා! (නි)
ඔබට නිවන් සුව ලැබේවා සොයුර! (නි)
අවසානාවන්ත ඉරණමකට පත්වුණු සහෝදරයට අමාමහ නිවන්සුව පතමු! (නි)
අපි නගරේ වෙලත් අපේ අල්ලපු ගෙදර කොලුවා 3 වෙනි තට්ටුවේ ඉඳලා සාජ්ජ දානවා එළිවෙනතුරු. කොල්ලෝ එහෙම තමයි. හැමදාම නෙමෙයිනේ. අපි විඳදරා ගන්නවා මිසක් 119 කියනවද? (නි)
පවුල් පාලනය පොලිස් රාජ්‍යයක් කරා යන ගමනක්ද මේ.......? (නි)
මත්පැන් නිසා නෙමෙයිනේ මෙහෙම වෙලා තියෙන්නේ. නිසිවින්දයක් නැති අධ්‍යාපනයක් නැති අය නිසයි මෙහෙම විපත් සිදුවෙන්නේ. එංගලන්තේ පොලිසිය සැකකරුවෙක් ජීප් එකට නග්ගනකොට දොරේ උඩට අත තියනවා. මොකද සැකකරුගේ ඔලුව ජීප් එකේ වදී කියලා. ඒකට ලංකාව? (නි)
අන්තිමට මහලොකු යහපාලනයත් නැහැ. නීතියත් නැහැ. අර අහිංසක දරුවො දෙන්නයි තරුණ මවයි අනාථවුණා විතරයි. ඇත්තටම දැන්නම් ලංකාව කියන්නේ ජීවත්වෙන්න හොඳ රටක් නෙමෙයි. (නි)
පොලිසියේ හැසිරීම අනුමත කරන්න බැහැ. මෙවැනි පොලිසියක් අපට අවශ්‍ය නැහැ. (නි)
පොලිසිය සම්පුර්ණ වරද පිළිගත යුතුයි, මරණය පත් සොහොඋරට නිවන් සැප ලැබේව ! (කෞ)
මේ සිද්ධිය කොහොම වුණාද කවුරු හරිද කවුරු වැරදිද කියලා රටේ 99%ක්ම දන්නේ නැහැ. මේක තාම පරීක්ෂණ පවත්වන සිද්ධියක්. (නි)
ලංකාවේ සමහරු කරන්නේ මේ ප්‍රශ්න අවුස්සන එක විතරයි (නි)
දැන් ඔවුන්ට කාගේ පිහිටක්ද? (නි)
මේක කළ අයට දැන් නිදහසේ ඉන්න පුළුවන්ද? හෘද සාක්කියෙන් ඔවුන්ට ගැළවීමක් නැත (නි)
මට තේරෙන්නේ නැත්තේ මෙතන ඇසින් දුටු සාක්කි විශාල ප්‍රමාණයක් තිබෙන්න ඕනෑ වුණත් ඒවා සැළකිල්ලට ගන්නේ නැත්තේ ඇයි කියලයි. මීට අමතරව පොලීසියට ආ 119 ඇමතුමක් ගැන කියනවා. එසේනම් එම පැමිණිල්ල පොලිස් හදිසි ඇමතුම් ඒකකයේ වාර්තා වී තිබෙන්න අවශ්‍යයි. 119 අංකයට ඇමතුමක් ලැබුනා කියලා තර්කයක් ගෙනාවත් පොලීසියට සිවිල් ඇඳුමෙන් රාජකාරි කරන්න පුළුවන් අවස්ථාවක් නෙමෙයි මේක. මා දන්නා විදිහට ගමේ ගොඩේ මේ වගේ සාජ්ජ තිබෙන වෙලාවට සද්ද බද්ද ඇතිවෙනවා. ඒකට කවුරුත් 119 ට ඇමතුම් මේතාක් දීලා නැහැ. ගම්වල මිනිස්සු මෙවැනි අවස්ථා ගැන හොඳට දන්නවා (නි)
මෙම උත්සවයට සහාභාගි වූ අයත් පොලිසියත් කතා දෙකක් පවසනු පෙනේ. කෙසේවෙතත් අවසාන වශයෙන් කිවයුත්තේ මත්පැන් ජනජීවිතය අවුල් හා විනාශ කරන බවයි (නි)
බලධාරීන්ට මේ පුංචි මිනිසා වැඩකට නැත. පොලිසිය ගොරකා දඩමස් කරන න්‍යායයේය. යහපාලනය කියා කෑගසන උන් නිහඬය. පවුලක් අනාථය. නීතිය වල් වැදී ඇත. අපි කුමක් කරමුද? (නි)
අප සිතුවා යහපාලනය පැමිණි පසු මේවා නවතී යැයි කියා. එහෙත් ඒවා බහුල බව දැන් පෙනෙනවා. වගකිවයුත්තන් ඇස් වසා සිටිනවා. අහිංසකයන් දිනෙන් දින මැරෙනවා (නි)
පරණ දේවල් අපිට අමතක වෙන්නේ අද ඒ වගේ දේවල් නොවෙනවානම්නේ. ඒත් එදා වගේමයි අදත්. වෙනසක් නැහැ... (නි)
වැරදිකරුවන් වහා අත්අඩංගුවට ගන්න (නි)
මේ දේවල් වලින් මිනිසුන්ට පොලිසිය එපාවෙනවා (නි)
අනේ ලංකාවේ පොලිසිය! (නි)
අපි දන්නෙ නැහැනේ මෙතන වැරැද්ද කාගෙද කියලා. ඒ නිසා අපි කාටවත් දොස් පවරන එක වැරදියි (නි)
මුලික වැරැද්ද සාදය පවත්වපු අයගේ. ඔවුන් දැනගන්න ඕනෑ 10 වෙනකොට කෑගහන ඒවා නවත්වන්න.මිනිස්සු නිදාගන්න ඕනෑ. කොහොම වුණත් මරපු එක වැරදියි. ඔබට නිවන් සුව! ජීවත්වෙන අයට මෙය පාඩමක්. (නි)
හැමෝම එදා වෙච්ච දේ කියන්නේ "ලු" කියන අකුර අගට එකතු කරලා. ඇත්තටම මෙතන මොකද වුණේ කියන්න කවුරුත් දන්නේ නැද්ද? (නි)
පොලිසිය නැති තැනක මතු භවයක අපි අතරම ඉපදේවා! (නි)
හරිම සංවේදීයි. ඇය ගැබිණි මවක්. මොනතරම් නම් ඛේදවාචකයක්ද? (නි)
ඉතා තරුණ වයසේදී ජීවිතයෙන් සමුගන්නවා කියන්නේ හරිම ඛේදවාචකයක්. එහෙත් හැමදේකටම දේශපාලනය වද්දාගන්න එපා. ඔබට නිවන් සුව. (නි)
මතු ආත්මයකදී මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවා! (නි)
ඔබට නිවන් සුව සොයුර! (නි)
යහපාලන ආණ්ඩුවෙන් සාධාරණයක් මේ මරණය වෙනුවෙන් ඉටුවිය යුතුය. (නි)
මෙවන් රටක නැවත නොඉපදේවා! ඔබට නිවන් සුව! (නි)
සොයුර, ඔබට නිවන් සුව! (නි)
මට මතක්වෙනවා අඟුලාන සිද්ධිය. මහින්ද රාජපක්ෂ මැතිතුමා අපක්ෂපාතිව කටයුතු කරන්න පොරොන්දුවෙලා ඒ ආකාරයෙන්ම සිද්ධවුණ විදිය. නමුත් මෙතන එහෙම පෙනෙනවාද? සොයුර, ඔබට නිවන් සුව ලැබේවා! (නි)
මත්පැන් නිසා නැතිවුණ තරුණ ජීවිතයක්. (නි)
මහජන බලය අන් සියල්ලටම වඩා වැඩි බව කවුරුත් දැනගත්තොත් හොඳයි (නි)
ස්වභාවික සංසිද්ධියක් ගම්ප්‍රදෙශයට පැතිරීමට,දැනගැනීමට ඉඩ සැලැස්සු එම දැරියගේ ආත්ම අභිමානයට කැළලක් ඇතිකළේ එම දෙමාපියන්. (කෞ)
" .....සාදයට පැමිණි පිරිසේ කිහිපදෙනෙකු පවසා ඇත්තේ සහකාර පොලිස් අධිකාරිවරයා අතේද පොරවක් තිබූ බවයි.." ඔන්න අපේ රටේ පොලිසියේ ලොක්කෝ පාවිච්චි කරන ආයුධ. මම හිතන්නේ අප්‍රිකාවේ රට අභ්‍යන්තරයට වෙන්න, තවමත් බාහිර සමාජය ඇසගැසී නැති "ම්ලේච්ඡ" බාබේරියන්ලා නම් එදාවගේම අදත් ඔය පොරොව, පිහිය, මුගුර වගේ දේවල් සිය සතුරන්ට පහරදීමට උපයෝගි කරගන්නවා. අනේ මන්දා, මේ ශ්‍රී ලංකාවනේ! එහෙම නැත්නම් ලෝකෙන්ම උතුම් රටනේ. මියගිය මහත්මයාණෙනි, මේ පොලිසිය ලංකාවේ තිබෙන තාක්කල් ආයෙත් නම් ලංකාවේ ඉපදෙන්න එපා. ඔබට නිවන් සුව! (නි)
දැන් කාලයේ හොරෙන් කිසි දෙයක් කරන්න බැහැ. හේතුව වැඩිදෙනෙකු අතේ ස්මාර්ට් ෆෝන් තියෙන නිසයි. ඔය සිදුවීම කා ළඟ හරි වීඩියෝ කරලා ඇති. ඒ අනුව කටයුතු කළා නම් හරි වැරැද්ද කාගේද කියාලා බලා ගන්න තිබුනා.(බ)
අනේ අපොයි! මේ අය 119ට කතාකරන්නේ නැතුව හිටියා නම් මේ මොකුත් නැහැනේ. මොනවා වුණත් ජීවිතයක් නැතිවුණ එක ගැන දුකයි (නි)
පොලිස් අත්අඩංගුවට ගත්පසු අස්වාභාවික අන්දමින් මියගිය අයගේ සංඛ්‍යාලේඛන පවත්වාගෙන යන රාජ්‍ය නොවන සංවිධානවත් ලංකාවේ තවම නැද්ද? අසාධාරණය අයුක්තිය හා ධන බලය හමුවේ මියයන අසරණයාට පිහිටක්වීමට ලෝක ප්‍රජාවවත් දැනුවත් කරන්න (නි)
අනිවාර්ය නිවාඩු යැවීම පොලිස් පාතාලයට දෙන දඩුවමද? (කෞ)
මියගිය සොයුරාට කවදාවත් සාදාරණයක් නම් ඉටුවන එකක් නැහැ . දෙවියන්ට තමයි කියන්න තියෙන්නේ . නිවන් සුව !(කෞ)
මත්වතුර දුකට මුලයි (නි)
අපරාදේ තරුණ ජීවිතයක්! නුපන් දරුවෙකුට පිය සෙනෙහස අහිමිවුණා (නි)
ආණ්ඩු පෙරළියක් අත ලගමයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක මාර ප්‍රකාශක (ම)
කරුණ කුමක් වුණත් මතු සසරෙදී මෙවන් විපතක් නොවේවා...! (නි)
මේකද යහපාලනය? අහිංසකයෙකුට නීතියෙනුත් පාලකයින්ගෙනුත් කිසිම පිළිසරණක් නැහැ. එහෙත් අවාසනාවට ජනතාවත් පත්කරන්නේ ඔවුන්වමයි (නි)
පවු! අන්තිමේදී ඒ පවුල අසරණ වුණා (නි)
මගේ පුද්ගලික මතය නම් මහජනතාවට තම නිවසේ ප්‍රීති උත්සව පැවැත්වීමට අයිතිය ඇත. ඒවාගේම අසල්වැසියන්ට කණක් ඇසී ඝෝෂාවෙන් බාධා නොවී ඉන්නද අයිතියක් ඇත. පොලිසියටද සිහිබුද්ධියෙන් නීතිය ක්‍රියාත්මක කිරීමේ වගකීමක් ඇත (නි)
අනේ දෙවියනේ තරුණ ජීවිතයක්! (නි)