මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන ශ්‍රී ලාංකික විහාරස්ථානයක් වන බර්මින්හැම් මහා විහාරයේ වාර්ෂික කඨින පුජෝත්සවය පසුගිය දා පැවැත්විණී.
ජර්මනියේ ෆ්‍රෑන්ක්ෆර්ට් බෞද්ධවිහාරයේ රත්මලේ පුණ්‍යරතන හිමි සහ ශ්‍රී ලංකාවේ මදිල්ලේ පඥාලෝක හිමියන් සමඟ ලන්ඩන් බෞද්ධ විහාරය ඇතුළු එංගලන්තයේ ශ්‍රී ලංකා විහාරස්ථානයන්හි මහා සංඝරත්නය 15 නමක් පිංකමට වැඩම කළහ.
සර්වරාත්‍රි පරිත්‍රාණ ධර්ම දේශනයක්ද පැවැත්විණි.
විහාරාධිපති ආචාර්ය විතාරන්දෙණියේ කස්සප හිමියන්ගේ අනුශාසකත්වයෙන් පිංකම සිදු විය.
සවුත්හම්ප්ටන්හි වෛද්‍ය විජයවීර පවුලේ සැම සහ විහාරයේ සියලුම දායක කාරකාදීන්ගේ අනුග්‍රහය පිංකම සාර්ථකව පැවැත්වීම සඳහා උපකාරීවූ බව කස්සප හිමියෝ පැවසුහ.
ශ්‍රී ලාංකික මෙන්ම බ්‍රිතාන්‍ය, ඉන්දියා, කාම්බෝජ, චීන සහ අනෙකුත් බෞද්ධ සැදැහැවතුන් විශාල පිරිසක් පිංකම සඳහා සහභාගී වුහ.
.jpg)
.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාධු, සාධු, සාධු මෙම අට මහා කුසල් වලට සහබාගි වී හෝ දැක පින් සිතිවිලි පහල කරගන්න.අන් අය කරන පින් දැක සතුටු වීම ''පත්යානුමොදනා'' ලෙස හැදින්වේ.යම් දහම් කරුණක් හෝ ධර්ම දානයක සහබාගි වීමට කැමති නම් පමනක් කතා කරන්න, 00393341227517 තෙරුවන් සරණයි සියලු තුන් ලෝ වාසීන්ට. (ස)
ඉතාලියේ ජෙනෝවා නගරයේ සම්බුදු විහාරයේ වාර්ෂිකව පැවැත්වෙන කඨින පිංකම නොවැම්බර් 03 ඉරිදා සාලාකියාමාතාහිදී පැවැත්වේ.එදින කඨින පෙරහැර ,සම්බුද්ධ පුජාව ,කඨින චීවර පුජාව ,කප්රුක සාංඝික කිරීම ,තෙසැත්තා ඥාන වන්දනාව. කාව්‍යයම ධර්ම දේශනාව කැලණිය පඤාඤානන්ද ධර්මායනවිහාරවාසී ගෞරව ශ්‍රස්ත්‍රවේදී. රාජකීය පණ්ඩිත පුජ්‍ය කටුවන සිද්ධාර්ථ ස්වාමින් වහන්සේ විසින් සිදු කරයි. සම්බුදු විහාරයේ විහාරාධිපති මහාඋස්සාවැව ඥානතිලක හිමි මෙත් සිතින් සියලු දෙනාටම ආරාධනා කරයි. (නි)