එංගලන්තයේ දෙවැනි ප්‍රධාන නගරය ලෙස සැලකෙන බර්මින්හැම් නුවර ජේතවන බෞද්ධ විහාරයේ වාර්ෂික කඨින පුජෝත්සවය විහාරාධිපති රාමඤ්ඤ නිකායේ බ්‍රිතාන්‍යයේ මහා නායක කැප්පෙටියාගොඩ ගුණවංශ නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් පැවැත්විණි.
ගුණවංශ හිමියෝ ද මාපලගම සෝරත හිමි සහ තිස්සපුර සුගතරතන හිමියෝ මෙවර වස් විසුහ.
කඨින පුජෝත්සවය සඳහා මැන්චෙස්ටර් කේතුමතී විහාරාධිපති පිදිවිල්ලේ පියතිස්ස නොටින්හැම් ශාන්ති බෞද්ධ විහාරාධිපති තෙල්දෙණියේ අමිත,මැන්චෙස්ටර් බෞද්ධ විහාරවාසී පුජ්‍ය ගල්පොත්යායේ පේමානන්ද හිමි, පුජ්‍ය පන්නල සුමන හිමි, ලන්ඩන් නුවර එඩ්මන්ටන් සමාධි භාවනා මධ්‍යස්ථානවාසී නිල්පනාගොඩ අනෝම හිමි, ලේච්වර්ත් බෞද්ධ විහාරවාසී වකමුලේ විජිත හිමි, ලෙස්ටර් බෞද්ධ විහාරවාසී මල්දෙනියේ චන්දාලෝක හිමි සහ ලිවර්පූල් ශ්‍රී සම්බුද්ධ විහාරවාසී බෙරගම පියරතන හිමිවරුද සමඟ ශ්‍රී ලාංකික, ඉන්දියාන සහ වෙනත් ජාතික බෞද්ධයෝද සහභාගී වුහ.
කඨින පින්කමේ මුලික දායකත්වය දරන ලද්දේ කමල් සිරිවර්ධන සහ සුගත් ජයසිංහ යන පවුල් දෙකෙහි සාමාජිකයින් විසිනි.
ශ්‍රී ලාංකික සංස්කෘතික ගති ලක්ෂණ විදහාපෑ අලංකාර පෙරහරකින් කඨින වස්ත්‍රය විහාරස්ථානය වෙත වැඩම කැරවිණි. සැදැහැවතුන් බොහෝදෙනාගේ සහභාගීත්වයෙන් එම වස්ත්‍රය සම්ප්‍රදානුකුලව සිවුර සැකසිණි.
බෙරගම පියරතන හිමියන් විසින් කඨින පින්කමක් සඳහා සහභාගිවීමෙන් ලැබෙන ආනිසංශ පිලිබඳ ඉංග්‍රීසි බසින් ධර්මදේශනාවක් කළහ.
තෙල්දෙණියේ අමිත සහ පිදිවිල්ලේ පියතිස්ස හිමිවරු සිංහල බසින් දම් දෙසුහ.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාදු සාදු (නදී)