IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


බර්මින්හැම් ජේතවන විහාරයේ කඨින පිංකම

එංගලන්තයේ දෙවැනි  ප්‍රධාන නගරය ලෙස සැලකෙන බර්මින්හැම් නුවර ජේතවන බෞද්ධ විහාරයේ වාර්ෂික කඨින පුජෝත්සවය විහාරාධිපති රාමඤ්ඤ නිකායේ බ්‍රිතාන්‍යයේ මහා නායක  කැප්පෙටියාගොඩ ගුණවංශ නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් පැවැත්විණි.

ගුණවංශ හිමියෝ ද  මාපලගම සෝරත හිමි සහ තිස්සපුර සුගතරතන හිමියෝ මෙවර වස් විසුහ.

කඨින පුජෝත්සවය සඳහා මැන්චෙස්ටර් කේතුමතී විහාරාධිපති  පිදිවිල්ලේ පියතිස්ස නොටින්හැම් ශාන්ති බෞද්ධ විහාරාධිපති  තෙල්දෙණියේ අමිත,මැන්චෙස්ටර් බෞද්ධ විහාරවාසී පුජ්‍ය ගල්පොත්යායේ පේමානන්ද හිමි, පුජ්‍ය පන්නල සුමන හිමි, ලන්ඩන් නුවර එඩ්මන්ටන් සමාධි භාවනා මධ්‍යස්ථානවාසී  නිල්පනාගොඩ අනෝම හිමි, ලේච්වර්ත් බෞද්ධ විහාරවාසී  වකමුලේ විජිත හිමි, ලෙස්ටර් බෞද්ධ විහාරවාසී මල්දෙනියේ චන්දාලෝක හිමි සහ ලිවර්පූල් ශ්‍රී සම්බුද්ධ විහාරවාසී  බෙරගම පියරතන හිමිවරුද  සමඟ ශ්‍රී ලාංකික, ඉන්දියාන සහ වෙනත් ජාතික බෞද්ධයෝද  සහභාගී වුහ.

කඨින පින්කමේ මුලික දායකත්වය දරන ලද්දේ කමල් සිරිවර්ධන සහ සුගත් ජයසිංහ යන පවුල් දෙකෙහි සාමාජිකයින් විසිනි.

ශ්‍රී ලාංකික සංස්කෘතික ගති ලක්ෂණ විදහාපෑ  අලංකාර පෙරහරකින් කඨින වස්ත්‍රය විහාරස්ථානය වෙත වැඩම කැරවිණි. සැදැහැවතුන් බොහෝදෙනාගේ සහභාගීත්වයෙන් එම වස්ත්‍රය සම්ප්‍රදානුකුලව සිවුර සැකසිණි.

බෙරගම පියරතන හිමියන් විසින් කඨින පින්කමක් සඳහා සහභාගිවීමෙන් ලැබෙන ආනිසංශ පිලිබඳ ඉංග්‍රීසි බසින් ධර්මදේශනාවක් කළහ. 

තෙල්දෙණියේ අමිත සහ පිදිවිල්ලේ පියතිස්ස හිමිවරු සිංහල බසින් දම් දෙසුහ.

IMG_0544 IMG_0775 IMG_0815 IMG_0822 IMG_0825 IMG_0833 IMG_0855

 

 



අදහස් (0)

බර්මින්හැම් ජේතවන විහාරයේ කඨින පිංකම

අනුර Thursday, 16 October 2014 01:59 PM

සාදු සාදු (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 152 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 952 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site