බ්‍රිතාන්‍යයේ දෙවැනි ප්‍රධාන නගරය ලෙස ගැනෙන බර්මින්හැම් නුවර ජේතවන බෞද්ධ විහාරයේ වෙසක් පිංකම පසුගියදා ඉතා අලංකාර අන්දමින් සංවිධානය කර තිබුණි.
විහාරාධිපති කැප්පිටියාගොඩ ගුණවංශ හිමියන්ගේ අනුශාසනා පරිදි සංවිධානය කළ පිංකම සඳහා සහභාගීවූ විශාල පිරිසක් උපොසථ ශීලය සාමාදන් වුහ.
විහාරවාසී මාපලගම සෝරත සහ තිස්සපුර සුගතරතන හිමිවරු භාවනා, ධර්ම දේශනා සහ ධර්ම සාකච්චා වැඩසටහන් මෙහෙයැවුහ.
දහවල් වරුවේ හල්මිල්ලාවේ සද්ධාතිස්ස හිමියෝ ධර්ම දේශනයක් පැවැත්වුහ.
බර්මින්හැම් ශ්‍රී ලංකා පදනම සංවිධානය කළ භක්තිගීත ප්‍රසංගයක්ද පැවැත්විණි.
සාංඝීක දානයේ දායකත්වය මිඩ්ලන්ඩ් ශ්‍රී ලංකා ක්‍රිකට් සමාජයෙනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාධු සාධු සාධු !!! බොහෝම පිං අපි වගේ පිට රට වල ජීවත් වන අයට දහම් අමාව බෙදා දෙනවට. ..(දිල්)
ඔබ සැමටම යහපතක්ම වේවා! බුදුසරණ වේවා! (නි)