බ්‍රිතාන්‍යයේ ප්‍රධාන ශ්‍රී ලාංකික විහාරස්ථානයක් වන බර්මින්හැම් මහා විහාරයේ වාර්ෂික කඨින පිංකම හෙට පැවැත්වීම සඳහා කටයුතු සුදානම් කර ඇතැයි විහාරාධිපති විතාරන්දෙණියේ කස්සප නාහිමියෝ පැවසුහ.
මෙයට සමගාමිව සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනයක් සෙනසුරාදා පැවැත්වෙන අතර පසුදින පිංකම සඳහා සහභාගිවන මහා සංඝ රත්නය උදෙසා හිල්දානය සහ දවල් දානය පිරිනැමීමද සිදුකෙරෙයි. පිරිත් පිංකම සඳහා එංගලන්තයේ ශ්‍රී ලාංකික විහාරස්ථාන බොහොමයක මහාසංඝරත්නය වැඩම කරවනු ඇත.
බර්මින්හැම් මහා විහාරය මඟින් වාර්ෂිකව සංවිධානය කෙරෙන ප්‍රජා උත්සවයද අද දහවල පැවැත්වීමට නියමිතය.
මෙම උත්සවය සඳහා ශ්‍රී ලංකා සහ ඉන්දියානු මහා කොමසාරිස් වරුන්, පළාතේ පාර්ලිමේන්තු සහ නගර සභා මන්ත්‍රිවරුන් ඇතුළු විශේෂ අමුත්තන් රැසක්ම සහභාගිවනු ඇත.
බ්‍රිතාන්‍ය මහා රැජින නියෝජනය කරමින් වොරික්ෂය ප්‍රාන්තයේ ඇයගේ නියෝජිත දොස්තර ජග්දීෂ් ටවුන්කි මහතා උත්සවයට සහභාගිවන බවද දන්වා ඇත.
විතාරන්දෙණියේ කස්සප නාහිමියන් විසින් නිර්මල බුදුදහමේ චිරස්ථිතිය උදෙසා දීර්ඝකාලයක් තිස්සේ ඉටුකර ඇති උදාර මෙහෙවර ඇතුලත් උන්වහන්සේගේ චරිපාදනය ඇතුලත් නව පුස්තකයක් මෙම උත්සවය අවස්ථාවේ එළිදැක්වීමද සිදුකිරීමට නියමිතය.
එම ග්‍රන්ථය රචනා කර ඇත්තේ ජර්මනියේ ගුටන්බර්ග් විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය රත්මලේ පඥාරතන හිමියන් විසිනි.
මෙදින කඨින චීවර පූජාවේ ප‍්‍රධාන දායකත්වය දරනු ලබන්නේ සවුත්හම්ටන්හි වෛද්‍ය එන්.ඩී.සහ චම්පිකා විජයවීර පවුලේ සාමාජිකයින් විසිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කලින් දැන ගත්තනම් මමත් යනවා. විතාරන් දෙණියේ කස්සප නායක හාමුදුරුවෝ කවුරුත් ගරුකරන එංගලන්තයේ වාසය කරන කීර්තිමත්, සම්බුද්ධ ශාසනය බබලවන බුදු පුතෙක්. බොහෝ දෙනෙක්ට ඉහලට යන්න අත දීල තියෙනවා. හාමුදුරුවරු විශාල පිරිසක් එංගලතයට ගෙන්වල තියෙනවා. අලුතින් හදන බෞද්ධ මන්දිරය හැදුවහම හරි අලංකාරයට තියේවි. බුදු සසුන එංගලන්තයේ බැබලේවා! (නදී)
පුජ්‍ය කස්සප හිමි එංගලන්තේ වැඩ වසන ශ්‍රේෂ්ට භික්ෂුවක්. කෙලින් කතා කරන, අකුරට වැඩ කරන භික්ෂු ගරුත්වය ආරක්ෂා කරගන්න කෙනෙක්. වරද දුටු තැන ලොකු පොඩි භේදයක් නැතිව කතා කරනවා. විශාල ශාසනික, සමාජ, ජාතික සේවයක් කරනවා. කරන හැමදේම පත්තරවල දාගෙන ප්‍රසිද්දිය ගන්නෙත් නැහැ. නිහඬව හැම දේම කරදර බාධක මැද්දේ කරනවා. කස්සප හිමියෝ චිරාත් කාලයක් බැබලේවා. දීර්ඝායුෂ ලැබේව! . (නදී)