පොදු රාජ්‍ය මණ්ඩල නායක සමුළුව අතරතුර ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් මහතා අතර පැවති ද්විපාර්ශ්වික සාකච්ඡාවක දී බ්‍රිතාන්‍යයෙන් ශ්‍රී ලංකාවට යුරෝ ලක්ෂ 66 ක (රුපියල් කෝටි 980ක) ආධාරයක් ලබා දීමට එකග වී ඇතැයි බ්‍රිතාන්‍යයේ ඉන්ඩිපෙන්ඩන්ට් පුවත්පත වාර්තා කරයි.
ආරක්ෂක හමුදා සඳහා අවශ්‍ය පුහුණුව ලබාදීමටත් යුද්ධය හේතුවෙන් විපතට පත්වූ ප්‍රදේශවල ජන ජීවිතය නගා සිටුවීමේ කටයුතු සඳහාත් මේ මුදල ලබාදෙන බව බ්‍රිතාන්‍යය කියයි.
ඩේවිඩ් කැමරන් පවසන්නේ ශ්‍රී ලංකාවේ චිරස්තිථිය සහ ආර්ථික සංවර්ධනය වෙනුවෙන් උපකාරිවිමට බ්‍රිතාන්‍යය දීර්ඝකාලින වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවයි. මේ ආධාර මුදල එහි ආරම්භය බව ද අගමැතිවරයා පවසයි.
(ඡායාරූප - ජනාධිපති මාධ්‍ය ඒකකය)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකේ සමහරු නොදන්නා කමට එක එක දේ ලියනවා අපේ හමුදාවලට මුලින්ම පහුණුව දුනේ බ්‍රිතාන්‍ය බව නොදන්නා අය බොහොම ඉන්නව එස්ටීඑෆ් එකේ මුලික පහුණුව බ්‍රිතාන්‍ය එස්එස්ලගෙන් බව මුල්කාලේ එ්කට සම්බන්ධ වුන අය දන්නවා අපේ පොලිස්පති තුමනුත් මුලික පුහුණුව ලැබුවේ ඒ අය ගෙන් විය හැකි (බ)
ආරක්ෂක හමුදා වල මානසිකත්වය දුර්වල කිරීමටත්...ආරක්ෂක හමුදා අතින් මට්ටු කරන ලද කොටින්ට සහන ජීවය ලබාදීමටත් ....යුද්දය හේතුවෙන් විපතට පත්වූ ප්‍රදේශවල ජන ජීවිතය නගා සිටු වීමටත් .....යනුවෙන් මෙය සංශෝධනය නොවෙනවානම් ....හොඳයි (ම)
අයියෝ (බ)
රටේ මිනිස්සු බලාගෙන ඉන්නෙත් මොකක් හෝ නොමිලේ ලැබෙනතුරුයි. රට තුළ කිසිම නිෂ්පාදනයක් නොකර, සුද්දා වවපු දේවල් විනාශ කරමින්, ඉතිරි ටිකෙන් සහ මැදපෙරදිග වහල් සේවයෙන් විදේශ විනිමය උපයන, රට වටේට මුහුදක් සහ විශාල ජලජ ජීවී ගහණයක් ඇති නමුත් ඒවා නිසි කළමනාකරණයකට ලක්නොකිරීම නිසා ප්‍රතිලාභ නොලබන රටක් නේද ශ්‍රී ලංකාව? (නි)
සුබ පැතුම්! (නි)
අවුරුදු 30 අපේ හමුදාව ත්‍රස්තවාදීන් එක්ක යුද්ධ කරලා ඒ තිබෙන පුහුණුව හොඳටම ඇති. ඇමෙරිකාවට ගහපු වෙලේ අපෙන් උපදෙස් අරගෙන තිබුනලු නේද ත්‍රස්තවාදීන්ට මුහුණ දෙන්න. මෙයාලා මේ මීයක් කඩන්නේ අත ලෙවකන්න නෙමෙයි බව මතක තියාගන්න. (නි)
ලොකු ගණනක් නේද? (නි)
මොකද්ද වෙන්න යන්නෙ කියලා තේරුම් ගන්න පුළුවන්. පහුගිය කාලෙ එයාලා ඇවිල්ලා අපෙන් පුහුණුව අරගෙන ගියා නේද? ආධාර කියලා දෙන්නෙ ණයම නෙමෙයිද? රටක් තව රටකට ණය ආධාර දෙනකොට දාන කොන්දේසි ගැන සැළකිලිමත් වෙන්න ඕනෑ. (නි)
දැන් ඉතින් අපිට සතුටුවෙන්න පුලුවන් (නි)
හොඳදේට අපි හොඳයි කියන්න පසුබට වෙන්න ඕනෑ නැහැ (නි)
මහ බලවත් පාකිස්ථාන් සහ ඉන්දීය නාවික හමුදා නිලධාරීන් පවා අපේ රටෙන් පුහුණුව ලබාගැනීමට පොර කෑවා. පසුගිය කාලයේ ඔවුන් ලංකාවට පැමිණි අයුරු මාධ්‍ය විසින් වාර්තා කළා ඔබට මතක ඇති. මහ බලවතෙක් ශ්‍රී ලංකා හමුදාවට අවශ්‍ය පුහුණුව ලබාදෙන බව කියනවා? මෙයාලා එදා අපිට එදා උදව්කළ ආකාරය මතකද? මොවුන් දුර බලායි සැළසුම් ගහන්නෙ. (නි)
නියමයි. ජයවේවා! (නි)
කට්ටිය අපිට දැන් හරි ආදරෙයිනෙ ....... (නි)
දැන් බලන්න ගිය ආණ්ඩුව ආධාර සහ ණය ගන්නකොට මොනවාද අපිට කිවුවේ? දැන් ඉතින් "පටන් ගන්නේ ආධාර වලින්, ඉවර වෙන්නේ ණය වලින්" කියලා නම් පස්සට කියන්න එහෙම එපා. අපි බලාගෙන ඉඳිමු. (නි)
අපේ හමුදාව බ්‍රිතාන්‍යයෙන් පුහුණු කරන්න දෙයක් නැහැ. ලොව මවිතකළ යුද්ධය දිනපු එකම හමුදාව අපේ ශ්‍රි ලංකා හමුදාවයි. හැබැයි යුද්ධය දිනුවට පස්සෙ ඔය ලොකු, ලොකු රටවල් දියකාවා මෙහෙයුමට එහෙම සම්බන්ධ වෙලා අපෙන් නම් ඉගෙනගත්තා (නි)
බ්‍රිතාන්‍යය එදා ඉඳලාම අපිට දුන් උදවු වල රඟ තමයි තාමත් අපි විඳින්නේ, උතුරු නැගෙනහිර ප්‍රශ්නයත් ඇතුළුව. (නි)
අනිත් රටවලට ආධාරදීම කෙසේවෙතත් බ්‍රිතාන්‍යයත් යන්නේ චීන සල්ලිවලින්. (නි)
මේක තමයි යහපාලනය කියන්නේ.... මොනතරම් සතුටුද? (නි)
බ්‍රිතාන්‍ය ආධාර වලින් ඒ අය හැදුව බලාගාර තමයි තාමත් හරියට දුවන්නේ. නොරොච්චෝලේ වගේ චීන කබල් නෙමෙයි. මේ එකක් විතරයි. (නි)
මේක හම්බවෙලා තියෙන්නේ මොන කොන්දේසි උඩද කියලා අපිට හිතාගන්න පුලුවන් (නි)
දුන්න ලොකුම තෑග්ග සතවර්ෂ එකහමාරක වහල් භාවය .තවත් ඇති වෙලා නෑ (ම)
බ්‍රිතාන්‍ය අධි රාජ්‍යය විසින් රටේ ජන සංයුතියට, උඩරට ජන ජීවිතයට, ඌවේ ජනතාවට කළ හානිය ගණනය කළ නොහැක.(ම)
පක්ෂය පාවා දුන් කෙනෙකුට රට පාවා දීම කජ්ජක්ද? (ම)