ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන හා බි‍්‍රතාන්‍ය අගමැතිවරයා අතර පැවැති සාකච්ඡාවල ප‍්‍රතිඵලයක් ලෙස ආරක්ෂක උපදෙස් ලබාගැනීමේ අරමුණින් විශේෂ අනේවාසික ආරක්ෂක උපදේශකවරයකු පත් කිරීමට පියවර ගන්නා බව එරට දකුණු ආසියා හා පොදු රාජ්‍ය මණ්ඩල කාර්යාලයයේ විදේශ අමාත්‍ය හියුගෝ ස්වයර් පැවැසීය.
ජනපතිගේ ඉල්ලීමකට අනුව දූෂණ විරෝධී හා අල්ලස් විරෝධී විශේෂඥ පුහුණුවක් ලබාදීමට ද බි‍්‍රතාන්‍ය කටයුතු කරන බව ද ඔහු කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙම ගියොත් මොනවා වෙයිද? (නි)
ප්‍රමාද වැඩියි කියලා නිශ්ශබ්දව ඉන්න බැහැ. මහින්දලව ගෙදර යැව්වෙත් ජනතා බලය. ඒ නිසා අපි මොවුන්ටත් පෙන්නමු ජනතා බලය. (නි)
යහපාලනයට ආවැඩූ අයට දැන් මොකද දන්නෙ නැහැ හිතෙන්නේ? (නි)
ලෝකයේ දරුණුම ත්‍රස්තවාදීන් වන කොටි සංවිධානය විනාශකළ අපේ හමුදාවට දැන් මොන උපදෙස්ද? එයාලට ඕනෑනම් උපදෙස් අපේ හමුදා වලින් ගන්න කියන්න. (නි)
නියමයි. නියමම උපදෙස් ලැබෙයි. (නි)
කොරහේ කිඹුල්ලු දැන්ම දකින්න බැරිවේවි. කිඹුල්ලු පෙනෙන්න ගන්නකොට පමාවුණා වැඩිවේවි. රටේ මිනිසුන් පෝරකයට දක්කනතුරු නින්ද යන්නේ නැහැ සමහරුන්ට (නි)
අපි කවදාවත් ඉගෙනගන්න ජාතියක් නෙමෙයි. යසඉසුරු සොයාගෙන යහපාලනයට කඩේ ගිය සියලු දෙනාට කවදා හෝ ජාතිය පාවාදීමේ පාපයට වන්දි ගෙවන්න වෙන බව සිකුරුයි. කෝ අපේ රතු මල්ලිලා? ඇයි කට වැහිලා? රාජපක්ෂලා වැරදි කළා. නමුත් අපි සංසන්දනය කළයුත්තේ කවුද වැඩියෙන් දරුණුම වැරදි කරන්නේ කියන එකයි. වැරදි නොකරන දේශපාලකයෙක් මේ ලෝකේ කොහෙවත් නැහැ (නි)
ෂෙහාන් , බ්‍රිතාන්‍යයේ දියුණුව මොකක්ද කියලා අපිට ටිකක් විස්තර ඇතුව කියන්න පුලුවන්ද? (නි)
ජාතික ආරක්ෂාවේ මුල් පියවර! (නි)
ලෝකේ භයානකම ත්‍රස්තවාදීන් පැරදූ අපේ හමුදාවට කිසිම යුද්ධයක් සාර්ථක කරගන්න බැරිවුණ බ්‍රිතාන්‍ය හමුදාවෙන් උපදේශ මොකටද? (නි)
එක සැරයක් උන්ට යටත් වෙලා ඉදල අපහු උන්ගෙන්ම ආරක්ෂාවට උපදෙස් ඉල්ලන්නේ පිට අපේ රටේ කොන්ඳ නැති නිසාද? (කෞ)
අපේ සමහර අයියලට උපදෙස් දීලා හදන්න පුලුවන්ද? බීරි අලියාට වීණ ගායනා කරනවා වගේ වෙයි. (නි)
මහින්ද යුද්දේ දිනුවේ ඔය කාගෙවත් උපදෙස් නැතුව...ගෝඨ සහ සරත් ෆොනේසේකා ඇතුළු ත්‍රිවිද හමුදාපතිවරු විතරයි උන්නේ..(කෞ)
මේවාට දැන් අපේ අය මොකද කියන්නේ? (නි)
අපේ මේ සමහරු දන්නේ නැතිවුණාට මුළු ලෝකෙම අපේ යුද්ධයට ආධාර උපකාර දුන්නා. යුද උපකරණ, මුදල්, ආරක්ෂක ක්‍රම, ත්‍රස්තවාදීන්ගේ මුදල් හා ත්‍රස්තවාදීන් අත්අඩංගුවට ගැනීම් සිදුවුණා. කේ.පී. අල්ලලා දුන්නෙත් එහි ප්‍රතිඵලයක් ලෙස. අපේ සමහර අය නම් තාම කිරි පොවනවා (නි)
වෙනස සහ යහපාලනය......? (නි)
සුද්දා අපේ හැමදේටම ගාවාගන්නේ ඇයි? (නි)
රටකට ගිය කල! වෙන්න යන නස්පැත්තිය දැනෙනකොට වාවන්නේ නැහැ අපේ හිත්. (නි)
විදේශීය කුමන්ත්‍රණ... (නි)
ඇයි ඉතින් අපේ අය උඩපැනගෙන ඡන්දය දුන්නේ ඕකටනේ (නි)
1818 සහ 1848 කැරලි අපේ ඉතිහාසයෙන් මකන්නද යන්නේ? 1818 කැරැල්ලේදී බ්‍රිතාන්‍යයෝ ඔවුන්ගේ හමුදාවට දුන් උපදේශ අපි දන්නවා. දැන් ඇවිල්ලා මොන උපදේශද දෙන්න යන්නේ? (නි)
මේ ප්‍රවෘත්තියේ කොහෙවත් තියෙනවද ජාතික ආරක්ෂාව කියලා? මේ උපදෙස් ගන්නේ ජනපති ආරක්ෂාවට වෙන්න බැරිද? නවීන තාක්ෂණය සහ ප්‍රායෝගික දැනුම වගේ දේවල් (නි)
මේකේ අන්තිම කොටස කවුරුත් දැකලා නැහැ වගේ. ඔහු එන්නේ අල්ලස් සහ දුෂණ නතර කරන හැටි පුහුණු කරන්නද? (නි)
අපේ රජකාලෙත් රජවරු පාවා දීල සුද්දන්ගේ සපත්තු ලෙව කාපු අය හිටිය දැන් ඉන්න අයත් කරන්නේ සුද්දන්ගේ සපත්තු ලෙව කන එක (අ)
ආදරණිය ශ්‍රී ලාංකික ජනතාවනි, ඔබට අපේ හමුදාව ජීවිත පුදා නිහස් කරදුන් රට රැකගන්න පෙරට එන්න. එදා අපිට දුකේදී හිටියේ චීනය,රුසියාව හා පාකිස්තානය පමණි. (නි)
යුද්ධය කරන කාලේ ඔය එක් කෙනෙක්වත් ආවේ නැහැ. කාගෙවත් උපදෙස් ඕනෑ නැහැ අපිට. අපි ඉතිහාසයේ ඉඳලා හොඳට දන්නවා කොහොමද යුද්ධ කරන්නේ කියලා. එයාලට ඕනෑ නම් අපෙන් උපදෙස් ගන්න පුළුවන්. (නි)
යුද්ධය අවසාන කාලෙදි ඒ අය දුන් උපදෙස් පිළිගත්තා නම් අපි තවමත් යුද්ධයෙන් බැටකනවා. (නි)
දැන් ඉන්න ලොක්කෝ සුද්දන්ට කත් අදිනවා.(කෞ)
වර්තමානය හා අනාගතය අනිවාර්යයෙන් ම අතීතයෙන් ගොඩ නැගෙන අතර එහි මං සලකුණු නිතැනින්ම දක්නට ලැබෙනු ඇතැයි ද එම ඉතිහාසය අමතක කිරීම අත්තිවාරමක් නොමැතිව ගෙයක් ඉදි කිරීම හා සමාන යැයිද ඉන්දියාවේ හිටපු අගමැතිවරයෙකු වන ශ්‍රී ජවහර් ලාල් නේරු තුමා පවසා ඇත. මෙම උදාර කියමන මන්තරයක් සේ ජප කිරීමට උචිතම කාලවකවානුව මෙය නොවන්නේද? (කෞ)
රටේ ආරක්ෂාව ගැන පියවරක් ගන්න බැරි අය ද යහපාලනේ ඉන්නනේ .පිටඅගෙන් උපදෙස් ගන්න යන්නේ . (කෞ)
ලෝකයේ කිසිම ත්‍රස්තවාදී කණ්ඩායමක් පරාජය කරන්න බැරි උන බ්‍රිතාන්‍ය අපිට කොහෙන් උපදෙස් දෙන්නද. (ර)
පිට බැද්දර ජයා,කඩේ යාම නවත්ටල රට ගැනත් හිතන්න. (බ)
පිට බැද්දර ජයා ,හොර සුද්දට කඩේ යන කළු සුද්දන්ව ආරක්ෂා කිරීමට හොර සුද්දා සැමවිටම කැපවී සිටියි (බ)
බ්‍රිතාන්‍යයේ අයට ලේ නෑකම් තිබෙන අයට නම් මෙය සුභ ආරංචියක් ලෙස පෙනෙනවා ඇති. (නි)
රතු මල්ලිලා ටික නිදිද? (ර)
කොරහෙ කිඹුල්ලු දකින දේශප්‍රේමී මහත්වරුනි, උපදෙස් කියන්නෙ නියෝග නොවන බව තේරුම් ගන්න. (ර)
මේ උපදේශකයා එන්නේ යුද්ධ කරන්න නෙවෙයි ජාතික ධනය හොරකම් කර තවමත් නිදැල්ලේ ඉන්න විනිමය වංචාකරුවන් හෙවත් කම්බා හොරුන්ව අල්ලන හැටි අපේ අයට පුහුණු කරන්න. (ර)
කෙසේ වෙතත් බ්‍රිතාන්‍ය වංචා දුෂණ මැඩලන්න කියාපු මිනිස්සු ඔව්න්ගේ තාක්ෂනය් යොදා ගැනීම නරකම නැහැ. (ර)
අපරාදේ දුන්න ඡන්දෙ. (ර)
සිතට දැනෙන සතුට කොපමනදැයි කියා නිමකළ නොහැකියි. රාජපක්ෂ පාලනය බිඳ යස ඉසුරු පිරි සුපිරි යහපාලනය පතා බලවත් ඡන්ද අවිය ලෙළදුන් සුවහසක් පුර වැසියන්ගේ සිතුම් පැතුම් එකින් එක ඉටුවෙන සැටි අති මනරම්. (ර)
අපේ රටේ මිනිස්සු කවදාවත් ඉතිහාසෙන් පාඩම් ඉගෙනගන්නේ නැහැ. සතුරා කවුද මිතුරා කවුද කියල අඳුර ගන්නේ නැහැ. (ර)
බ්‍රිතාන්‍ය වගේ දියුණු රටකින් අපේ ආරක්ෂාවට උපදෙස් ලබාගැනීමට යහපාලනය කටයුතු කිරීම අගය කරනවා. (ර)
මේ ප්‍රතිචාර වල හැටියට 100% මේ වැඩේට කැමති නැහැ. නමුත් දැන් පාලකයින් මේ වැඩේ නතර කරයිද? අපි මොකද කරන්නේ? මට හිතෙන්නේ අපි දැන් ප්‍රමාද වැඩියි. අපි කවදාවත් ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගන්නේ නැහැ. (ර)
රටකට ගිය කල! (නි)