පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුවට සපයන මුදල් ආධාර කපා හැරීමට බි‍්‍රතාන්‍යය තීරණය කරයි.
පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුවේ අරමුණු හා වැඩසටහන් අදාළ රටවල කි‍්‍රයාත්මක කිරීමට වැඩිම මුදල් ආධාර ප‍්‍රමාණයක් ලබාදෙන්නේ බි‍්‍රතාන්‍යයයි.එය මුදලින් පවුම් ලක්ෂ 160 කි.(රුපියල් කෝටි 33920)
මෙවර එම මුදලින් සැළකිය යුතු ප‍්‍රමාණයක් කප්පාදු කිරීමට බි‍්‍රතාන්‍යය තීරණය කර ඇත.
බි‍්‍රතාන්‍යයට පමණක් දෙවැනි වෙමින් සමුළුවට පවුම් ලක්ෂ 100 ක (රුපියල් කෝටි 21200) මුදල් ආධාර ලබාදෙන කැනඩාවද මුදල් ආධාර ප‍්‍රමාණය අඩු කිරීමට තීරණය කර ඇත.
මේ සදහා හේතු වී ඇත්තේ දෙරටම ශී‍්‍ර ලංකාවේ මානව හිමිකම් සුරැකීම සම්බන්ධයෙන් සෑහීමකට පත්නොවීමයි.කැනඩා අගමැති ස්ටීවන් හාපර් දැනටමත් සමුළුව වර්ජනය කිරීමට තීරණය කර ඇති අතර ඒ සදහා හේතු ලෙස ඔහු ගෙනහැර දක්වන්නේත් ශී‍්‍රලංකාවේ මානව හිමිකම් සුරැකීම සම්බන්ධයෙන් වන ගැටළුකාරී තත්ත්වයයි.
බි‍්‍රතාන්‍යය අගමැති ඬේවිඞ් කැමරන්ටද ශී‍්‍රලංකාවේ පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුවට බි‍්‍රතාන්‍යය සහභාගී වීම පිළිබද බි‍්‍රතාන්‍යය පාර්ලිමේන්තු සභිකයින්ගේ විරෝධයට මුහුණ දීමට සිදුව ඇත.
නමුත් බි‍්‍රතාන්‍යය අගමැතිවරයා පසුගියදා පැවැති පාර්ලිමේන්තු සැසිවාරයකදී ප‍්‍රකාශ කර සිටියේ ශී‍්‍ර ලංකාවේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් ප‍්‍රශ්න කිරීමට හොදම අවස්ථාව වන්නේ පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුවට සහභාගී වීම බවයි.
ශී‍්‍ර ලංකාවේ ප‍්‍රජානත්ත‍්‍රවාදය සුරැකීම,මානව හිමිකම් පවත්වා සුරැකීම ආදී කරුණු සම්බන්ධයෙන් ශී‍්‍රලංකා රජයෙන් හා ජනාධිපතිවරයාගෙන් ප‍්‍රශ්න කිරීමට පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුවට සහභාගී වීමට නියමිත රටවල් 53 න් බහුතරයක් සැරසී සිටින බවද සදහන්ය.
පොදුරාජ්‍ය මණ්ඩලීය සමුලූව ශී‍්‍රලංකාවේ පැවැත්වීමට බහුතරයක් රටවල් නොකැමැත්ත ප‍්‍රකාශ කර තිබීමට අමතරව සමුළුවේ ප‍්‍රජාත්න්ත‍්‍රවාදී භාවය සම්බන්ධයෙන්ද ගැටුම්කාරී තත්ත්වයක් ඇතිව ඇතැයි කියැවේ.
සමුළුවේ මෙවැනි වාතාවරණයක් ඇතිව තිබෙන බවට උදාහරණයක් ලෙස පසුගියදා ගැම්බියාව පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුවේ සාමාජිකත්වයෙන් ඉවත් වීම දැක්විය හැක.
පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුව ඇමරිකාව හා බි‍්‍රතාන්‍යයට උවමනා ආකාරයට රටවල් පාලනය කිරීමට නිර්මානය කර ගත්තක් යැයිද එවැනි සමුළුවක සාමාජිකයෙකු වී සිටීමෙන් සිදුවන්නේ ගැම්බියාවේ ස්වභාවික සම්පත් හූරාගෙන කෑමට වෙන්ත් රටවලට අවස්ථාව ලැබීම බවද එරට බළධාරීන් ප‍්‍රකාශ කර තිබුණි.
පොදුරාජ්‍ය මණ්ඩලීය සමුලූවේ ලේකම් ජෙනරාල් ධූරය හොබවන කමලේශ් ෂර්මාගේ කි‍්‍රයාකලාපය කෙරෙහිද සමුළුවේ බහුතර සාමාජික රටවල් අප‍්‍රසාදය පල කර තිබේ.පොදුරාජ්‍ය මණ්ඩලයට තම සාමාජික රටවල යහ පැවැත්ම සම්බන්ධයෙන් විශාල වගකීමක් පැවරී ඇතැයිද නමුත් ලේකම් තැන්පත් කමලේශ් ෂර්මා ඒ කිසිත් සැළැකිල්ලට නොගන්නේ යැයිද ඔවුන් චෝදනා කරයි.
බලගතු සාමාජික රටවල් මෙසේ ආධාර කපා හැරීමට තීරණය කරයි නම් එය පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුවේ කි‍්‍රයාකාරීත්වය සෘජුව බලපානු ඇතැයි විචාරකයින්ගේ අදහසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අදහස් බලනකොටයි තේරෙන්නේ අපේ රටේ මෙතරම් උගතුන් ඉන්නවනේ කියලා (නි)
අපේ රට යටත් කරගෙන අපේ රටේ අහිංසක මිනිස්සු ලක්ෂ ගාණක් මියගියා බ්‍රිතාන්‍යයන් අතින්. කියලා දෙන්න එයාලට එයාලා කළ දේවලුත් අපිට (නි)
කොහොම කොහොම හරි අන්තිමට මොනවා වෙයිද දන්නෙ නැහැ (නි)
පුළුවන් තරම් ඉක්මනට ලංකාවෙන් පැන ගන්න ඕනෑ. නැත්නම් ලෝකයේ කිසිම රටකට යන්න බැරි වේවි ඉදිරියට. (නි)
රිසානාගේ මරණ දඬුවමට අපි හැමෝම දුක් වෙනවා. ඒ එක්කම අපි කියනවා අපේ කාන්තාවෝ මැදපෙරදිග යවන්න එපා කියලා. ඒ අපි ලාංකිකයෝ නිසා. නමුත් තංගල්ලේදී බ්‍රිතාන්‍ය ජාතිකයා මැරුවේ අපේ රටේ කෙනෙක්. කාට කියන්න පුලුවන්ද රිසානාගේ මරණයට වඩා අපේ රටේ වුණ දේ සුළුපටු නැහැ කියලා? අනික හිතන්න, බ්‍රිතාන්‍ය ජාතිකයෙකුට මේ සිද්ධිය මොන විදියට දැනේවිද කියලා. (නි)
ඒ නිසා මම නම් හිතන්නේ පිට ලෝකයට දොස් කියන්න පෙර අපි අපේ වැරදි හදාගත්තා නම් හරි කියලයි (නි)
බුදු අම්මේ මෙතන දෙන පොර ටෝක්ස්. උදේට කන පාන් පෙත්ත ගන්න ණය ටිකත් බොහොම අමාරුවෙන් හිඟාකාගෙන එන්නෙ (අ)
අනේ අපොයි කෝටි ගනන් දීල මෙයාලව අරන් යන්න ගෙනාපු රොල්ස් රෝයිස් කාර් ටික. (අ)
මම කතෘ තුමා එක්ක තරහයි, මගේ මොලේ ස්වාසිලන්තේ කියල අර ගෝවින්ද දාපු අදහස පල කලා, එයාගේ මොලේ ගැන මම කිව්ව අදහස සංස්කරණය කරලා දාලා. කමක් නෑ අපිට මෙහෙම අදහස් කියන්න තියෙන එකම ජාතික පුවත් පත ලංකාදීප. අපි ලන්කදීපෙට ආදරෙයි. (අ)
කැනඩාවේ වෙසෙන බහුතර දෙමල ජනයාගෙන් නියෝජනය වන පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ බලවත් විරෝදය සහ බෙදුම්වාධින්ගේ මුදල් නිසා කැනඩාව අපේ රටට වෙනස් කම් කරන අතර මානව හිමිකම් ගැන බොරු චෝදනා ගෙනාවත් කැනඩාවේ ගෝත්‍රික කාන්තවන් මරාදැමීම ගැන කවුද ප්‍රශ්න කරන්නේ. අනිකුත් රටවල්ද සමුළුවට සහභාගී නොකිරීමට ගත උත්සාහය වැළකීමෙන් අද කැනඩාව කොන්වෙලා ඉන්නේ. පක්ෂ පාට කෙසේ වෙතත් අපි රටක් වශයෙන් මේවට හසු නොවී අනිකුත් රටවල් දැනුවත් කිරීමට මාධ්‍යට විශාල වැඩ කොටසක් කිරීමට තිබේ. එම දිරිය මාධ්‍යයට ලැබේව!! (අ)
තම තමන්ගේ රට වල ඇති උග්‍ර ආර්ථික අර්බුධ නිසා ඔවුන් මේ ආධාර කපන්නේ.නමුත් විලි ලැජ්ජාව වහ ගන්න ඔවුන් අපේ රටේ මානව හිමිකම් හේතු කර ගන්නවා.අපේ රටේ සභාපති ධුර කාලය ඉවර වෙන කොටම අපිත් ගැම්බියාව වගේ ඔය සංවිධානයෙන් ඉවත් වෙන්න. අපි ආර්ථිකය ශක්තිමත් කර ගත යුතුයි.එයාලගේ බලගතු කම් තිබුණු කාලේ ඉවරයි. (ස)
උඩින් ලස්සනට තිබුනට මේක පිපිරෙන්න කිට්ටු ගිනි කන්දක් වගේ. (අ)
පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුවේ අරමුණු හා වැඩසටහන් අදාළ රටවල කි‍්‍රයාත්මක කිරීමට වැඩිම මුදල් ආධාර ප‍්‍රමාණයක් ලබාදෙන්නේ බි‍්‍රතාන්‍යයයි.එය මුදලින් පවුම් ලක්ෂ 160 කි.(රුපියල් කෝටි 33920) අපෝ එය කෝටි 33920 මොනවා කරන්නද?අපි දේශප්‍රේමියෝ කියල දන්නේ නැද්ද ? (අ)
මෙතන තියෙන්නේ අපේ රටේ මානවහිමිකම් කඩවීමේ ප්‍රශ්නේ නෙවේ .ජනදිපත් තුමා මෙයාලගේ කීමට නැමෙන්නේ නැතුව ත්‍රස්‌තවාදය ඒකමතිකව නැතිකරපු එක මොකද එයාලට තවමත් එක කරගන්න බැරි උන අවමානෙන් ගැලවෙන්න බැරිකම සහ හොරිකඩ කොටින්ගේ ඩයස්පොරවෙන් එල්ලවෙන පීඩනයෙන් ගැලවෙන්න කියන ගොන් කතා මේවා .අපි මේවට කලබලවෙලා වැඩක නැහැ ජනාදිපති මහින්ද කියන්නේ ලෝක නායකයන් සියලන්ගේම කනෙන් රිංගපු රට ජාතිය ආගම ගැන නියම කැක්කුමක් තියෙන කොන්ද කෙලින් තියන රට ගැන හිතල වැඩ කරන නායකයෙක .එතුමා මෙයාලට හීන්නුලෙන් පිළිතුරු දෙයි ..මගේ රටට දළදා හිමි සරණයි . (අ)
අපේ රට කොපමණ මුදල් වැය කරනවද මේ සමුළුවේ රැඳවී සිටින්නට. විශ්ව විද්‍යාලයක් හදන්න පුළුවන් ඒ සල්ලි වලින් . (අ)
මෝඩ කතා කියන්න එපා අමිල, ඔය මිනිස්සු අපේ රට ආක්‍රමණය කලේ නැත්නම් අපි පාන් කන්නෙත් නෑ, හිඟා කන්නෙත් නෑ. (ස)
මේක වැඩකට නැති ආයතනයක් . මේ ය අපේ රටට උදව් කලේ නැහැ (අ)
චතුරංග හරි, අපේ රට යටත් කරගෙන , අපේ මිනිස්සු ලක්ෂ ගානක් මරලා, අපේ රටේ සම්පත් හූරගෙන ගිහින්, අපේ සංස්කෘතිය වැනසුව කට්ටියක් තමයි මේ දැන් මානව හිමිකම් ගැන දේශනා කරන්නේ. (ස)
අයියෝ ඔය සල්ලි එයාලාට තියාගන්න කියන්න... ඕකත් අපට කජ්ජක්ද??? අපි පුලු පුලුවන් හැටියට පාරේ කෑටයක් අරන් ගිහින් එකතු කරානම් දවසින් රුපියල් 60,000ක් හොයලා දෙන්න පුලුවන්...(දිල්)
ඉන්දු - මෙල්බන්, දැන් එතකොට බුද්ද්ධිමත් ඔයා කියන්නෙ මොනව කරන්න කියලද? ආක්‍රමණය කලා කලා කිය කියා ඒ රටවලට බැන බැන හිටියම අපේ රට දියුණු වෙනවද? ජපානය කොයි තරම් වැටුනද යුද්දෙන්, දැන් කොහොමද? සිංගපූරුව කොරියාව කොහොමද තිබුනෙ? අපේ වැරදි හදාගෙන අපි දියුණු වෙන්න බලන්නෙ නැතුව එක එකාට ඉරිසියා කර කර බැන බැන හිටියම රට දියුණුවෙයි නියමෙට. කවුද මෝඩ කියල දැන්වත් හිතල බලන්න ටිකක් (ස)
අපේ රටේ දේශපාළුවන් යෙහෙන් වැජඹෙන්නේ ඉන්දුලා වගේ මිනිස්සු නිසායි. සුද්දෝ ,පරංගි යටත් කරගෙන හිටි එකම රට මේකද? විදෙස් ආක්‍රමනිකයෝ චීනය ,කොරියාව,ඉන්දියාව අපට වඩා හූරා කෑවා.ලක්ෂ ගණන් මැරුවා.ඒ මිනිස්සු නිදහස ලැබූ පසු ආක්‍රමණිකයාට බැණ බැණ නිකන් හිටියාද?උත්සාහයෙන් දියුණු වුණාද?අපේ රට ඒකට? එදත් බැණ බැණ හිටියා.අදත් බැණ බැණ ඉන්නවා.තව අවුරුදු සීයක් ගියත් එහෙමම තමයි (නි)
සියළුම ආධාර කපාහැර පොදුරාජ්‍ය මණ්ඩලයත් විසිරුවා හරින්නකෝ, අපිට ඒත් කමක් නැහැ. පුලුවන් නම් එක්සත් ජාතීන්ගේ මණ්ඩලයත් විසුරුවා හරින්න (නි)
මෙතන අදහස් දාලා තිබෙන ගොඩක් දෙනෙක් අපේ රටට ඔය ලොකු රටවලින් වෙන අසාධාරණකම් ගැන අවබෝධයෙන් ඉන්න බව පෙනෙන එක සතුටක්. (නි)
මේ රටට හෙන ගහල තියෙන්නේ ආක්‍රමණිකයාට බැණ බැණ ඉන්න අය නිසා නොව ආක්‍රමණිකයාට වැද වැද උන්ගේ පිහිට සරණ බලාගෙන නැවත එවුන් ඇවිත් තමන් ගොඩයාවි කියල බලාගෙන ඉන්න අය නිසා.(දිල්)
ඔය ලොකු රටවල් සියල්ලම වගේ හරිම ලැජ්ජාවෙන් ඉන්නේ අපි කොටි ප්‍රශ්නය අවසන් කළ නිසා. කොහොමහරි දගලන්නේ නැවත මේ රටේ යුද්ධයක් අවුලන්න. එතකොට පුළුවන්නේ ලැජ්ජාව ඉවත දමා, අවි ආයුධ කොටින්ට , ආමි එකට විකුණලා ඔවුන්ගේ ආර්ථිකය නැවත ගොඩ නගන්න (ත)
තරහ වෙන්න එපා අමිල, හිතට ආව කේන්තියට තමයි එහෙම ලිව්වේ, අමිල සහ සිරිදාස කියන දේ ඇත්ත, මම එකඟයි ඔයාලගේ අදහස් එක්ක, අපි පරණ දේවල් මතක් කර කර ඉඳල වැඩක් නැහැ, ඉදිරියට විය යුතු දේ තමයි කතා කල යුතු. වැරදි හදාගෙන ඉදිරියට යා යුතුයි. ඒත් අපේ රටේ අහිංසක මිනිස්සු, දරුවෝ, ලක්ෂ ගණනක් අමානුෂික විදිහට ත්‍රස්තවාදීන් අතින් මැරෙනකම් ඇස් කන් වහගෙන හිටපු මේ මිනිස්සු අපි ඒ අදුරු අතීතෙන් ගොඩ ඇවිත් ඉදිරියට යන්න හදන කොට දාන මේ නීති තමයි මට ඉවසන්න බැරි. ඇස් කන් වහගෙන හිටිය විතරක් නෙවෙයි, ත්‍රස්තවාදීන්ට උදවු කලා.(දිල්)
අපේ රට දැන් පොහොසත් නිසා ආධාර එපා. හැබැයි අර මිනීමැරුම් (තංගල්ල) නඩුවනම් අහල ඉක්මනින් දැඩි දඬුවම් දිය යුතුයි(දිල්) .
ඉන්දු මෙල්බර්න් හිටියට මොලේ ස්වාසිලන්තයේ.(නදී)
එහෙනම් සත්‍යපාල ආශ්චර්ය උතුරන කන් බැන බැන හරි වැඳ වැඳ හරි අපි ඉමු... (ස)
බ්‍රිතාන්‍ය රජයේ අර්ථිකය අස්ථිර නිසා එරටේ මුදල් ආරක්ෂා කරන උප්පරවැට්ටි මේවා (දිල්)
මොවුන් මේ ලංකාවේ මානව හිමිකම් ගැන කතා කරන්නෙ මොනවා දැනගෙනද?? එතකොට අරාබියෙදී අපේ කාන්තාවන්ට වෙන හිරිහැර කරදර නැති කරන්න මේ ගොල්ලො කරන්නෙ මොනවද .....? ලංකාවට අඩිය තියන්න දෙන්න නරකයි මොවුන්ට.අපේ ජනාධිපති ඉවසනවා වැඩියි. (ස)
මේ ඔක්කොම එකතුවෙලා අපේ රටේ දැන් තියෙන සමගිය නැති කරන්න හදන්නේ (දිල්)
බ්‍රිතාන්‍ය නම් පාරවල් රේල් පාරවල් හැදුව. තේ රබර් වැව්වා.මොනවා වුනත් නමට හරි සාධාරණ නීතියක් තියෙන්නේ උන් හා ලන්දේසි නිසා. නැත්නම් සැමියාගේ වරදට බිරිය හා දරුවෝ මරණ රාජනීතියනේ අපිට තිබ්බේ. එත් කැනඩාව අපේ රටට මොනවද කරලා තියෙන්නේ? එක සත පහක් ලංකාවට දීල තියනවද? ලංකාව එපා වෙලා යන අයට පුරවැසිකම දුන්න ඇරෙන්න වේ කරපු දෙයක් නෑ. නොඑන එකමයි හොඳ. (අ)
ඔය ලොකු රටවල් සියල්ලම වගේ හරිම ලැජ්ජාවෙන් ඉන්නේ අපි කොටි ප්‍රශ්නය අවසන් කළ නිසා. කොහොමහරි දගලන්නේ නැවත මේ රටේ යුද්ධයක් අවුලන්න. එතකොට පුළුවන්නේ ලැජ්ජාව ඉවත දමා, අවි ආයුධ කොටින්ට , ආමි එකට විකුණලා ඔවුන්ගේ ආර්ථිකය නැවත ගොඩ නගන්න (නි)
පොදු රාජ්‍ය මණ්ඩලය යනු අධිරාජ්‍යවාදී සංවිධානයක්. නිදහස් රටක් වූ අපිව නැවතත් ඔවුන්ගේ පාලනයට ගන්න තමයි මෙවැනි සංවිධාන හදල තියෙන්නේ. ගැම්බියාව හරි. හැම දෙනාම මෙහි සාමාජිකත්වයෙන් අයින් වෙන්න ඕන. අනිත් එක මේ ගොල්ලන්ට රටේ වැඩ කරන මිනිස්සුන්ට පඩි ගෙවාගන්න බැරි උනාම මොනවා හිරි බොරුවක් කියල සල්ලි ඉතුරු කරගන්න තමයි බලන්නේ. දැක්කනේ ඇමරිකාවට වෙලා තියෙන වැඩේ. (ස)
"හුගක් දෙනෙක්ගේ මතය පොදු රද මඩුල්ලෙන් ඉවත්වී ගැම්බියාව වගේ වෙන්න." අනේ ඉතින්, මේ කියා තිබෙන්නේ අපේම රටේ අපේම පුරවැසියන්ගේ, කාන්තාවන්ගේ, දරුවන්ගේ, මානව අයිතිවාසිකම් සුරකින්න කියලනේ. (නි)
මොවුන් දැනට ඉරාකයේ ලිබියාවේ සිදුවෙන දේවල් නොදැක්කා වාගේ ඉන්නවා. මොකද ඒ රටවල තෙල් ටික දැන් කිසිම කොන්දේසියක් නැතුවම ඔවුන්ගේම තමා. අපේ රටින් ගන්න දෙයක් නැහැ. (නි)
අපිටත් තියෙන්නේ මේකෙන් ඉවත් වෙන්න. ඕනෑ කෙනෙකුට කරගෙන යන්න දෙන්න. අපේ රට ත්‍රස්තවාදී කරදර වලින් වැහිලා තිබුණු කාලේ ඔය එක මණ්ඩලයක්වත් කතා කළේ නැහැ. (නි)
හරියට ඔය කියන බටහිරයෝ අපිට ආධාර කරන්න බැදිලා ඉන්නවා වගේනේ සමහරුන්ගේ කතාව. (නි)
මෙහෙම කරමු. දැන් ඔය දේවලුත් කැපූ නිසා වැඩේ අඩු වියදමින් කරමු. ඔය එන අයව ලේලන්ඩ් වගේ බස් වලින් අරගෙන යමු. කුරහන් තලප , වෙල් මාළු , කෙසෙල් මුව ව්‍යාංජන, අල බතල වගේ ගමේ දේශීය කෑම අපි දෙමු. වවුලාගේ ගෙදර පැමිණියහම වවුලෝ වගේ ඉන්න ඕනෑනේ. (නි)
අපි කැනඩාවට දොස් කිවුවට කැනඩාවට විදේශ අමාත්‍යංශයෙන් එන අය සේවය ඉක්මවීමෙන් පසු නැවත ශ්‍රී ලංකාවට යන්නේ නැතුව රට ලැජ්ජාවට පත්කරනවා නොවේද? (නි)
නිදහස් රටක් වූ අපිව නැවතත් ඔවුන්ගේ පාලනයට ගන්න තමයි මෙවැනි සංවිධාන හදල තියෙන්නේ මෝඩ අපිට ඒක තේරෙන්නේ නැද්ද. හැම දෙනාම මෙහි සාමාජිකත්වයෙන් අයින් වෙන්න ඕන!!!. (ස)
ගැම්බියාව අයින් උනේ වෙන මොකුත් නිසා නොව එම රටේ සිදු වෙමින් යන බැරෑරුම් මානව හිමිකම් උල්ලංඝනය වීම් ගැන පොදු රාජ්‍ය මණ්ඩලය ප්‍රශ්න කරන්න යන නිසා. ගැම්බියන් නායකයා කුමන්ත්‍රණයකින් බලය ගත් අයෙක්. ලෝකයට තිබෙන ලොකුම ප්‍රශ්නය සම ලිංගික ප්‍රශ්නය බවත් ඒඩ්ස් රෝගයට තමා පිළියම් හොයා ගත්තු බවත් කියන අපුරු පුද්ගලයෙක්. (ස)
එංගලන්තෙන් ඊළමක් ඉල්ලන තුරූ පොඩ්ඩක් ඉමු (අ)
බලනකොට එතරම් විශාල ගණනක් නෙමෙයිනේ කපලා තිබෙන්නේ (නි)
පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුවේ අරමුණු හා වැඩසටහන් අදාළ රටවල කි‍්‍රයාත්මක කිරීමට වැඩිම මුදල් ආධාර ප‍්‍රමාණයක් ලබාදෙන්නේ බි‍්‍රතාන්‍යයයි. බි‍්‍රතාන්‍යයට පමණක් දෙවැනි වෙමින් සමුළුවට මුදල් ආධාර ලබාදෙන කැනඩාවද මුදල් ආධාර ප‍්‍රමාණය අඩු කිරීමට තීරණය කර ඇත. ඉතින් කාට කියන්නද? (නි)
ලක්ෂ්මන් කදිරගාමර් මහත්තයා කොටි සංවිධානය ගොඩක් රටවල් වල තහනම් කරේ මේ වගේ සංවිධාන වල කතා කරලා මේ වගේ සංවිධාන හරහා තමා.දැන් ඉන්න කට්ටියට මේ සංවිධාන වලින් රටට ගන්න පුළුවන් ප්‍රයෝජන නැති කර ගන්නවා. (ස)
නාලක කියන දෙය හරි...ඔය සමුළුවට එන කට්ටියට මහා පරිමාණයෙන් සලකන්න උත්සහ ගන්නේ නැතිව සාමාන්‍ය විදිහට ලැබෙන මුදල් වලට ගැලපෙන්න සලකලා.....සමුළුවෙන් බලාපොරොත්තුවෙන මුලික දේවල් වලට මුල්තැන දීලා වැඩ කරලා සමුළුව අවසන් කලා නම් කාටත් හොඳයි...ඔය සියලු කාරණා පිටිපස්සේ කොටි හපුයියොත් ඉන්නවනේ..උන්ටත් එතකොට තේරෙන්නේ නැතිවය ... (ස)
මේකේ තියන ප්‍රතිචාර දැක්කම තේරෙනවා අපේ අයගේ මොලේ තරම. ඒගොල්ලන් කියන්නේ රටේ නීතිය හා මානව ඉතිවසිකම් ආරක්ෂා කරන්න කියල. ඒගොල්ලන් කරනවද නෙද්ද කියන එක නෙමෙඉ වෙදගත් අපි කරනවද කියන එක. අනුන්ගේ රෙදි හෝදන්න කලින් තමන්ගේ රෙදි හෝදලා ඉමු. මට උන්ගේ රට කොහොම තිබ්බත් වැඩක් නෑ මට මගේ රට ලස්සනට එකමුතුව හොදට තියෙන්න ඕනේ. මේ වගේ රටක් වෙන කොහෙත් නේ මගේ රට උතුම්ම රට.(දිල්)
මේ සියල්ල බටහිර අන්තවාදය විසින් සිංහල බෞද්ධ දේශයට විරුද්ධව කරන කෙනෙහිළිකම් වේ. (නි)
ඉරාජ්, මෝඩ විදියට කතා කරන්න එපා. මේගොල්ලෝ අවංකවම කියන කරන වැඩ නෙවේ. ඒ ගොල්ලන්ගේ එක එක අරමුණු තියෙනවා. ඒවා කරගන්න එක එක කාලෙට එක එක රටවල් පාවිච්චි කරනවා. මෙච්චර මානව හිමිකම් ගැන කතා කරන අය, ඇමරිකාව කරන මානව හිමිකම් කඩ කිරීම් ගැන කවදාවත් ප්‍රශ්න කරලා තියෙනවා? ඇමරිකාව ඇති කරපු යුද්ධ නිසා කොච්චර මිනිස්සු මැරිලා තියෙනවද? තවමත් මැරෙනවද? බලන්න ඉරාකෙට ලිබියාවට වෙලා තියෙන දේ? ඒ ගොල්ලොන්ගේ වැඩේ කරගත්තට පස්සේ ඒ රටවලට මොනවා උනත් වැඩක් නෑ. (ස)
එයාලට කරනවා නම් ඔන්න වැඩ. පුලුවන් නම් වැඩ පෙන්නන්න. (නි)
පක්ෂ, විපක්‍ෂ, විවිධ මත තිබෙන බුද්ධිමතුන්, බුද්ධිමතුන් නොවන අය සම්බන්ධ කරගෙන මේ පිළිබදව කථිකාවක් ඇති කර මෙම සංගමයෙන් ඉවත්වීමට හෝ නොවීමට තීරණයක් ගතයුතුයි. (නි)
මුදලට සියල්ල යටයි. (නි)
මොන දේ කරන්නත් කලින් ලංකාවේ මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් කරන්න ඕනේ. අපි කොච්චර කෑගැහුවත් දැක්කනේ කොළඹ හදන හැදිල්ල. (ස)
යුද්දේ තියනකොට ආධාර දෙනවා, යුද්දේ නැතිව සමගියෙන් ඉන්නකොට ආධාර කපනවා, යුද්දේ නැතිඋනම ඒගොල්ලන්ට පාඩු ඇති අප්පා.. (අ)
වෙන රටවල් වල සිදුවෙන දේවල් වල හැටියට අපේ රට හොඳයි අනෙකේ ලොකු රටවල් වල උවමනාවන් කරනවා නම් ඒ ගොල්ලෝ කෙමති වේවි, එත් අපි නිදහස් රටක් විදියට අපේ ඓතිවාසිකම් අපි තියාගන්න ඕන. ඔය සාමාජිකත්වය තියාගත්තා කියල වැඩක් නැත්නම් අස්වෙන එක වැඩ හොඳයි (අ)