‘යුද්ධය ජයග්‍රහණය කළ හමුදාව බ්‍රිතාන්‍යය ආධාර හා උපදෙස් මත පරාජිත හමුදාවක් කරන්න එපා කියලා රටට ආදරේ පිරිසක් විදිහට අපි මේ ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා‘ යැයි පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී එහි ප්‍රධාන ලේකම් උදය ගම්මන්පිල මහතා පැවසීය.
‘බ්‍රිතාන්‍යයේ විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය හිගෝ ස්වායර් ලංකාවේ යුද හමුදාවට පවුම් මිලියන 6.6ක් නැත්නම් රුපියල් මිලියන 200කට මදක් වැඩි මුදලක් දෙන බව ලංකාවේදී ප්‍රකාශයට පත්කළා. එතකොට කොටි හිතවාදී දෙමළ බලවේග වල පීඩනය හමුවේ ඇයි ලංකාවට සල්ලි දුන්නේ කියලා එරට සියෝෆෝන් මැක්ඩොනා මන්ත්‍රිවරිය ප්‍රශ්න කළාම ස්වායර් ඊට උත්තර යවනවා ශ්‍රි ලංකාවට මුදල් දෙන්නේ වෙන මොකටවත් නෙවෙයි යුද අපරාධ සම්බන්ධයෙන් වග විමේ ක්‍රියාවලියට අවශ්‍ය යටිතල පහසුකම් හදන්න. යුද අපරාධ පරික්ෂණ ඉදිරියට කරන්න හමුදාවේ සිදුකළ යුතු වෙනස්කම් කරන්න. බ්‍රිතාන්‍යය හමුදාව ආදර්ශයට අරගෙන අපේ හමුදාව හදන්නයි හදන්නේ කියලා. කවුද මේ ආදර්ශයට ගන්න හදන්නේ යුද අපරාධ ඉරාකය හා ඇෆ්ගනිස්තානය කල බවට ලෝකය පුරා මාධ්‍ය චෝදනා කිරීම නිසාත් බ්‍රිතාන්‍යය හමුදාව සිදුකළ යුද අපරාධ සොයා බලන්න චිල්කොට් කොමිසම පත්කළේ බ්‍රිතාන්‍යය. අපේ රටෙත් ඊට සමගාමිව පත්කළා. උගත්පාඩම් කොමිසම. උගත්පාඩම් කොමිසම මාස 16ක් ගත වන විට තමන්ගේ වාර්තාව රටේ ජනාධිපතිවරයාට බාර දෙද්දි වසර 6ක් ගතවෙලත් චිල්කොට් වාර්තාව තාම ලබා දීලා නෑ. හමුදාවෙන් බලපෑමක් තියෙනවා බ්‍රිතාන්‍යය ආණ්ඩුවට රාජ්‍ය රහස් වලට සංවේදි නිසා මෙය හෙළි කරන්න එපා කියලා. අද වෙනතුරු චිල්කොට් වර්තාවේ තියෙන්නේ මොනවද කියලා ලෝකය දන්නේ නෑ. අපේ රටේ උගත් පාඩම් කොමිසම හදලා රණවිරුවන්ට දඩුවම්කරලා තියෙනවා, හිරේදාලා තියෙනවා, මරණ දඩුවම නියම කරලා තියෙනවා. එහෙම නම් මේ කිසිත් නොකර බලපෑම් කරලා ඉරාකයේ පමණක් සමාන්‍ය ජනතාව දස ලක්ෂයක් පමණ ඇමරිකාව,බ්‍රිතාන්‍යය ඇතුලු මිත්‍ර හමුදාව මරා දමා තිබෙනවා. මේවා හංගන් ඉන්න බ්‍රිතාන්‍යය ඒ වගේ ලංකාවේ හමුදාව හදනවා කියනවා.‘ යැයිද ගම්මන්පිල මහතා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ද්‍රෝහීන් බටහිර කුමන්ත්‍රණ කාරයින්ගේ මුදලට වහල් වුවාට රට කොටි ත්‍රස්තවාදයෙන් බේරාගත් අපේ විරුවන් අපිට වටිනවා. (බ)
ඇන්ටන් කියන්නේ අපේ රණවිරුවන් කොටි විනාශ කෙරුවේ බ්‍රිතාන්‍ය පුහුණුවෙන් කියලද ? හමුදාවට අපහාස කරන්න එපා මනුස්සයෝ. (බ)
ඇන්ටන්, දේශපාලන මතවාද වෙනම තියාගන්න. දේශද්‍රෝහී කතා කියන්න එපා. බටහිර බලවතුන් අපේ රටට කරන බලහත්කාරකම් ගැන උදම් අනන දීන පරගැතියෙක් වෙන්න එපා. (නි)
චන්ද්‍ර, නිම්මි, චතුර, වහල්බාවයෙන් කවදාකවත් මිදෙන්න බැරි අන්තවාදීන් වෙන්න එපා (නි)
ඇන්ටන් හරියටම හරි. ගම්මන්පිල විනාශකාරී අසත්‍යය අදහස් වපුරනවා. 1983 දී එස්ටීඑෆ් එකට පුහුණුව දුන්නේ එස්ඒඑස් වලින් බව දන්නේ නැද්ද? දන්නවා, එත් කියන්නේ නෑ. තමන්ගේ දේශපාලන පැවැත්මට සත්‍යය වසන් කිරීමයි කරන්නේ. (බ)
නිම්මි, අමිහිරි වුණත් ඇත්ත එයයි. ආරක්ෂක හමුදාවක ඔබ දන්නා අධිකාරී නිලයක් දන්නා අයෙක් ඇත්නම් අසා දැනගන්න පුළුවන්. ඔයාලගේ දැනීම ගැන කණගාටුයි. (නි)
මෙයාලට යුද්ධය කාල්ගගා ඉන්නවට වැඩිය වෙන දෙයක් නැහැ. දැන් යුද්ධය දිනලා රට ජාතික සමගිය, සංවර්ධනය දිශාවට ගමන් කළයුතු කාලය ඇවිල්ලා. කොහෙන්හරි යුද්ධය මතම එල්ලෙන්නේ නැතුව මෙයාලට අනාගතයක් නැහැ. (නි)
ඇන්ටන් මහත්තයා කියන කතාව ඇත්ත තමා (නි)
අපි නම් මේවට මොකුත්ම කියන්නේ නැහැ (නි)
ඔන්න ඕකටත් කළු කොඩි ටිකක් එල්ලුවනම් හරිනේ.(බ)
ඇන්ටන් වගේ අය නිසා තමයි මහින්ද මහත්තයා අවුරුදු 3න් කළ යුද්ධය අවුරුදු 30ක් ඇදගෙන ගියේ. අපේ රටේම අවාසනාව මේ වගේ හිතන මිනිස්සු ඉන්න එක. (නි)
එහෙනම් නටන්නේ ඕස්ට්‍රේලියා පදයට. පවුලම එහෙ නේද ඉන්නේ? (බ)
මෙයාලට යුද ජයග්‍රහණ සහ විදේශ බලවේග වලින් තොර දෙයක් නැද්ද. පරණ තැටිය තවමත් දුවනවා. (බ)
ඇන්ටන්, නොදන්නාකම පෙන්වන්න එපා. අපි බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක් වෙලා හිටපු නිසා තවමත් ඒ වගේ රටවලට දෙන පහසුකමක් විතරයි ඔය කියන පුහුණු පාඨමාලා. දෙවන ලෝක යුද්ධයෙන් පසු ත්‍රස්තවාදීන් සමඟ මුහුණට මුහුණ සටන් කර ඇති එකම හමුදාව අපි විතරයි. ඒ වගේම ලෝකේ කිසිම නාවික හමුදාවකට ත්‍රස්තවාදීන් සමඟ මුහුදු සටන් කර අත්දැකීම් නැහැ, අපේ රණවිරුවන්ට මෙන්. (නි)
නිම්මි, ඔබ හරියට හරි. ඇන්ටන් මෝඩ අදහසක් නේද පලකළේ? අපිත් බ්‍රිටිෂ් පොත්වලින් ඉගෙනගත්තා. නමුත් ඒගොල්ලන්ගේ පදේට නටන්න සුදානම් නැහැ. එහෙම උඩ පැනගෙන නටන කොටසක් දැන් බිහිවෙලා තිබෙනවා. (නි)
ඇන්ටන්, බ්‍රිතාන්‍ය පුහුණු ලබන එකයි බ්‍රිතාන්‍ය පදයට නටන එකයි දෙකක්. (නි)
වැඩි දෙනාගේ මොළය සුද්දාට කඩේ යන කළු සුද්දෝ විසින් සෝදා තිබෙන නිසා රට ජාතිය ගැන ඔවුන්ට හැඟීමක් නොදැනේ. (නි)
ඇන්ටන්, බ්‍රිතාන්‍ය හමුදා ඇකඩමි වලින් කළ දෙයක් නැහැ. හමුදාවට පුහුණුව ලැබුනේ පාකිස්තානය ඇතුළු වෙනත් රටවලින්. නමුත් රණවිරුවෝ ඔවුන්ගේ සහජ දක්ෂතාවය සහ නිර්භීතකම නිසා යුද්ධය දිනුවා. (නි)
රූකඩ නැටුමක්ද (හේ)
ඇන්ටන්ගේ කීම 100%ක් හරි. කැමති වෙලාවට කබරගොයි තලගොයි කරගන්න අපේ මිනිස්සු හරි දක්ෂයි (නි)
මෙයා ගිරවෙක් වගේ මෙහෙම කිව්වට අපේ යුද නාවික ගුවන් හමුදාවේ ඉහළ නිලධාරීන් බොහෝ දෙනෙක් උසස් ආරක්ෂක පාඨමාලා කරන්න යන්නේ බ්‍රිතාන්‍ය හමුදා ඇකඩමි වලට තමයි .අනික හිටපු ජනාධිපති තුමාගේ නාවික හමුදාවේ ඉන්න පුතා රජයේ මුදල් කෝටී ගණනක් වියදම් කරලා උසස් ආරක්ෂක පාඨමාලා කරන්න ගියෙත් ඔය කියන බ්‍රිතාන්‍යට තමයි ඒ වෙලාවේ මෙයා ගොලුවෙක් වගේ හිටියේ මොන හේතුවක් නිසාද ?දැන් බයිලා කියනවා (බ)
මහින්ද රාජපක්ෂ කියන්නේ, නව පරපුරට කොටි පැටවු හුරතල් කරන්න ඉතිරි නොකළ කෙනෙක් (බ)
සරත් මහත්තයා හමුදාපති වෙනකොට මම මේ යුද්ධය වෙනත් හමුදාපති කෙනෙකුට බාර නොදෙමියි සිංහ නාද කළා. සරත් මහත්තයා මේ ලක් දෙරණේ ඉන්නතුරු කොටින්ට හිස ඔසවන්න ලැබෙන්නේ නැහැ. (නි)
අපේ මිනිස්සු මුල මතක තිබෙන මිනිස්සු නෙමෙයි. අවුරුදු 30 ක යුද්ධය ඉවරකළ සරත් මහත්තයා හිරේ දානකොට මේගොල්ලෝ කොහෙද දන්නේ නැහැ හිටියේ. (නි)
බ්‍රිතාන්‍යය කියන්නේ ලෝකයේ සුපිරි බලවතෙක්. ලංකාවේ හමුදාව හා බ්‍රිතාන්‍ය හමුදාව සංසන්දනය කරන්න බැහැ. යුධ අපරාධ ගැන සෙවිය යුත්තේ ඒවාට ගොදුරු වූයේ දෙමළ මිනිස්සු නිසා. (නි)
ඇන්ටන් කියන දේ හරි. අපට යුද්ධය දිනන්න වැඩියෙන්ම සහයදුන් රටවලින් එකක් තමා බ්‍රිතාන්‍යය (නි)
ගම්මන්පිල මහත්තයෝ ඔය දේවල් අහලා අහලම එපා වෙලා දැන්.(හේ)
චමල් කියන එක හරි. (නි)
මේ රටේ පුදුම නුගත් මිනිස්සුනේ ඉන්නේ. ඇන්ටන් කියපු එක හරි. (නි)
අර අපේ 100 දීලා කතාකළා නම් වැඩිය හොඳයි (නි)
මෙවැනි කතා ගැන කලබල වියයුතු නැහැ. බ්‍රිතාන්‍ය වගේ රටවල නීතිය ක්‍රියාත්මක වීම අතිවිශිෂ්ටයි. අපි ඒ අහලකවත් නැහැ. (නි)
ඇන්ටන්, ඔබ හරියට හරි. (නි)
අනේ ඇන්ටන් නොදන්නා මගුල් කතා නොකර ඉන්නවා. (බ)