කොරෝනා වෛරසය ආසාදනයෙන් බ්‍රිතාන්‍යයේ සිදුවූ මරණ සංඛ්‍යාව මේ වන විට 12,107 ක් බවට පත්ව තිබේ.
ඊයේ දිනයේ වාර්තා වූ මරණ 778 ක් සමඟ මෙසේ මුළු සංඛ්‍යාව 12,000 ඉක්මවනු ලැබීය.
එරට සෞඛ්‍ය දෙපාර්තමේන්තුව අද පැවසුවේ වෛරසය සම්බන්ධයෙන් පරීක්ෂණවලට ලක්කළ පුද්ගලයින් 302,599 දෙනෙකු අතරින් පුද්ගලයින් 93,873 දෙනෙකුට වෛරසය ආසාදිත බවට තහවුරු වී ඇති බවයි.
මේ අතර එංගලන්තයේ සහ වේල්සයේ සිදුවන මරණ පහෙන් එකකට වැඩි සංඛ්‍යාවක් කොරෝනා වෛරසය හේතුවෙන් සිදුවන බව සංඛ්‍යාලේඛන මගින් පෙන්වා දී ඇත.
අප්‍රේල් 3 වැනිදායින් අවසන් වූ සතියේදී මරණ සහතික 3,475 ක මරණයට හේතුව කොරෝනා වෛරසය ලෙස සඳහන් වී ඇතැයි ජාතික සංඛ්‍යාලේඛන දත්ත කාර්යාලය පවසයි.
ශීත සෘතුව අවසන් වන විට මරණ සංඛ්‍යාව අඩුවනු ඇතැයි අපේක්ෂා කෙරේ.
උණ රෝගී තත්ත්වය පැතිරීම අවම වීම ඊට හේතුවයි.
(බීබීසී ඇසුරෙනි)
-226-
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
බ්‍රිතාන්‍යයේ කොරෝනා මරණ 12,000 ඉක්මවයි