තෙදින නිල සංචාරයකට දිවයිනට පැමිණි බ්‍රිතාන්‍ය විදේශ අමාත්‍ය හියුගෝ ස්වයර් සිකුරාදා (15) යාපනය දිස්ත්‍රීක්කයේ සංචාරයක නිරතවීමට නියමිත බව විදේශ අමාත්‍යංශය සඳහන් කියයි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්වරුන් ගේ ප්‍රධානත්වයෙන් යාපනයේ වීරසිංහම් ශාලාවේ පැවැත්වෙන තෛපොංගල් උත්සවයටද ඔහු සහභාගී වීමට නියමිත අතර උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මහතා හමුවීමට ද නියමිතය.
මේ අතර හියුගෝ ස්වයර් මහතා ලබන සෙනසුරාදා දිනයේ ගාල්ලේ පැවැත්වෙන සාහිත්‍ය උත්සවයට ද සහභාගී වනු ඇති බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කරයි.
මීට පෙර 2015 වසරේ ජනවාරි මාසයේද හියුගෝ ස්වායර් ශ්‍රී ලංකාවට ආවේය.
මෙම සංචාරයේදී හියුගෝ ස්වායර් මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක ආර්. සම්බන්ධන් සහ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග හමුවී සාකච්ඡා පැවැත්වීමට සැලසුම් කර තිබේ. ඊට අමතරව විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර, නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශ සාගල රත්නායක ඇතුළු රජයේ ඉහළ පෙළේ මැති ඇමැතිවරු කිහිප දෙනෙකු සමඟද සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අප්‍රේල් අලුත් අවුරුද්දට බලමු කීදෙනෙක් ඇවිල්ලා දකුණේ සංචාරය කරයිද කියලා. මොවුන් හිතන් ඉන්නේ ලංකාව කියන්නේ උතුර විතරයි කියලා. (නි)
උතුරට කිරි අපිට කැකිරි කිව්වලු(අ)
දැන් විදේශ කවුරු හරි අවොත්, ඊළඟට යාපනයට ගිහින් දෙමල සංධානය වෙනමත් හම්බ වෙන එක විලාසිතාවක් වෙලා. (ර)
මේක මාර කෙලියක් වෙලා එන එන කෙනා උතුරට විතරයි යන්නේ ඇයි දකුණ කළුද.? (ර)
අනේ මෙයාලා අපේ රටේ ජනතාවට පුදුම ආදර කරුනාවක්නේ තියෙන්නේ... ? (ර)