IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


බ්‍රිතාන්‍ය රාජකීය යුවළට ලංකාවේදී හරි හරියට වැඩ

දෙවැනි එළිසබෙත් රැජිනගේ පුත්  කිරුළ හිමි චාල්ස් කුමාරයා හා කැමිලා පාකර් කෝර්න්වෝල් ආදීපාද වරිය ශ්‍රී ලංකාවේ පොදුරාජ්‍ය මණ්ඩල සමුළුවට පැමිණෙනු ඇතැයි චාල්ස් කුමාරයා පදිංචි ක්ලැරන්ස් මාලිගය කියයි.

චාල්ස් කුමාරයා මහ රැජින නියෝජනය කරමින් සමුළුවට සහභාගී වේ.

චාල්ස් කුමාරයා අවසන්වරට ශ්‍රී ලංකාවට පැමිණියේ 2005 දීය.මේ දෙදෙනා ඉන්දියාවේද සංචාරයක යෙදෙති.

ශ්‍රී ලංකාවේදී  රාජකීය යුවළ පොදුරාජ්‍ය මණ්ඩලීය නායකයින් වෙනුවෙන් රාත්‍රී භෝජන සංග්‍රහයක් පවත්වන අතර චාල්ස් කුමාරයා පොදු රාජ්‍ය මණ්ඩලීය නායකයින් හා වෙනත් අය සමග සභා රැස්වීම් රැසක්ද පවත්වනු ඇතැයි දැනගන්නට ඇත.

රාජකීය යුවළ මානසික සෞඛ්‍ය ආයතනයකට , රෝහලකට හා තේ වත්තකටද යාමට නියමිතය.

 

 

 



අදහස් (0)

බ්‍රිතාන්‍ය රාජකීය යුවළට ලංකාවේදී හරි හරියට වැඩ

සේනාරත්න Wednesday, 16 October 2013 01:28 PM

මානසික සෞඛ්‍ය ආයතනයකට එක්කරගෙන යන්නේ, ලංකාවේ මානසික ලෙඩ්ඩුන් එංගලන්තේ ලෙඩ්ඩුන්ට වඩා විශේෂත්වයක් එහෙම තියෙනවද? (ස)

:       0       0

පොනිල් Thursday, 17 October 2013 11:10 AM

විපක්ෂය එක පයිම සත්‍ය ග්‍රහ කරනවලු (ස)

:       0       0

සංජීව Wednesday, 16 October 2013 09:09 PM

ඔය දෙන්නව අපේ පාර්ලිමේන්තුවටත් අරගෙන යන්නකෝ (නි)

:       0       0

පුබුදු Wednesday, 16 October 2013 02:00 PM

රාජකීය යුවල පැමිණීම මම ගෞරවයෙන් සලකමි. (ස)

:       0       0

චන්දි Thursday, 17 October 2013 11:37 AM

ඉතාමත් ආදරයෙන් සාදරයෙන් පිළිගමු මෙලෙසින් ...!!! ඔටුන්න හිමි කුමරුනේ .. ලංකාවට එනුමැනේ .., සාදරයෙන් පිළිගන්නම් -අප හද පිරි සතුටිනි ...!!! (ස)

:       0       0

පෙරේරා Wednesday, 16 October 2013 10:59 PM

මාවත් හමුවෙන්න එයිද දන්නෙ නැහැ (නි)

:       0       0

පෙරේරා Wednesday, 16 October 2013 02:51 PM

ඔවුන් දෙදෙනා සාදරයෙන් පිළි ගනිමු. (ස)

:       0       0

උපාලි Wednesday, 16 October 2013 02:57 PM

මානසික සෞඛ්‍ය ආයතනේදී කවුරුවත් ප්‍රශ්න ඇහුවට උත්තර දෙන්න එහෙම එපා ඔන්න. ඉස්සර බණ්ඩාරනායක අගමැතිතුමා අංගොඩ බලන්න ගියා. එක් කෙනෙක් එතුමා දිහා හොඳට බලාගෙන ඉඳල ඇහුවා 'ඔයා කවුද" කියලා. බණ්ඩාරනායක මැතිතුමා කිවා 'මං මේ රටේ අගමැති' කියලා. අපේ යාළුවා කියනවා "හඃ හාහ්, මාත් ඔහොම කියන්න ගිහින් තමයි මෙහාට ගෙනත් දැම්මේ. ඔයාටත් ඒකම වුනා නේද, ටිකක් කල් යනකොට ඕක හරි යයි' කියලා. (ස)

:       0       0

ශානි Wednesday, 16 October 2013 04:02 PM

බැලුවට කමක් නැහැ. හැබැයි එංගලන්තේ ඔටුන්න හිමි කුමාරයා නම් කියන්න එපා. එහේ නවතා ගනී ..... (ස)

:       0       0

පිටිගල මිලානෝ Wednesday, 16 October 2013 04:05 PM

මේ රටවල් වල දේශපාලකයෝ කොටි ඡන්ද සහ කොටි සල්ලි වලට යට වුනාට ස්වාධීනව වැජබෙන රජ පවුල ලංකාවේ නියම ස්වභාවය තේරුම් ගෙන මේ රටට පැමිනීමේන්ම පෙනෙනවා කැනඩාවේ හාපර්ලා වැනි අය කෙලෙස දුෂිතද කියා. (අ)

:       0       0

සෙන්තිල් Thursday, 17 October 2013 12:36 AM

උපාලිගේ කතාව නම් නියමයි,මේක ඇත්ත කතාවකි. (නි)

:       0       0

රන්ජනී Thursday, 17 October 2013 01:29 AM

මේ දෙන්නා අපේ රටට ගිහින් නැවත ගියහම මොනවද කියන්නේ බලමුකෝ? පිටිගල මිලානෝ, ඔයා තමා හරියටම හරි දේ කියලා තියෙන්නේ. (නි)

:       0       0

අයිරාංගනී කමලා Wednesday, 16 October 2013 05:03 PM

ඔටුන්න හිමි කුමරු හා ඔහුගේ ආර්යාව ගෞරවයෙන් පිළිගනිමු. (අ)

:       0       0

දම්මික Wednesday, 16 October 2013 05:10 PM

ලියලා තියෙන අසහස් ටික නම් හොදයි (දිල්)

:       0       0

පෙත්තා Thursday, 17 October 2013 03:02 AM

පාර්ලිමේන්තුවට එක්කගෙන ගියා නම් හරි (නි)

:       0       0

සෝම ලන්ඩන් Thursday, 17 October 2013 03:43 AM

පිටිගල මිලානෝ මහතාගේ කටට මසුරන් දාන්න වටිනවා. (නි)

:       0       0

චන්න Thursday, 17 October 2013 04:17 AM

අපේ රජවරු මරලා දැම්මේ කාගේ පරම්පරාවේ අයද කියලා දැන් අපිට මතක නැතිවෙලා (නි)

:       0       0

සේනාරත්න Wednesday, 16 October 2013 05:47 PM

පිටිගල මිලානෝ, ඔබ හරියටම හරි. (නි)

:       0       0

ශානි Wednesday, 16 October 2013 05:49 PM

කොහේ ගියත් කමක් නැහැ, මානව හිමිකම් පැත්තේ නම් යන්න එපා. (නි)

:       0       0

දිසා Wednesday, 16 October 2013 06:10 PM

මෙහෙ ඇවිත් මානව හිමිකම් ගැන හොයන්ඩ එපා. පුළුවන් නම් අපිට ණයට මොනව හරි දීල යන්ඩ. පවුම් මිලිඔන 2 ක් ලැබුනොත් ඇති. ආධාර එපා.(අ)

:       0       0

ආරියසේන Thursday, 17 October 2013 08:23 AM

චන්න,ඔබ කියන්නේ ලංකාවේ අන්තිම රජතුමා ගැන ද?එහෙම නැත්නම් වෙනත් රජකෙනෙක් ගැන ද?ඒ ඉතිහාසය පොඩ්ඩක් කියවලා රජතුමා ගැනත් දැනගන්න. ඒ වගේම වරින්වර සුදු ආණ්ඩුවට විරුද්ධව සටන් මෙහෙයවපු වීරයන් පාවා දුන්නේ කවුද කියලාත් දැනගෙන අදහස් පළකරන්න.පාවාදීම රජකාලේ ඉදලාම එන දෙයක් (නි)

:       0       0

කැනඩා දිසා Thursday, 17 October 2013 09:31 AM

උපාලි කියන දේ ගැන මටත් පොඩි විචිකිච්චාවක් දැනෙනවා. (නි)

:       0       0

ෂෙහාන් Wednesday, 16 October 2013 01:00 PM

දෙන්නම මානසික සෞඛ්‍ය ආයතනයකට යන එක නම් ලොකු දෙයක්... (ස)

:       0       0

ආරියසේන Wednesday, 16 October 2013 08:09 PM

අපේ රට ආගන්තුක සත්කාර වලින් ලෝකයේ ඉහළින්ම ඉන්න රටක්. ඒ අපේ ජනතාව ඉතාම ආදරයෙන්,ගෞරවයෙන් පිළිගනිමු. ජයවේවා! (නි)

:       0       0

එඩ්මන්ට Wednesday, 16 October 2013 08:14 PM

එංගලන්තේ කෙනෙක් ලංකාවේ තේ කියා කියා තමන්ගේ වතුවල තේ පමණක් ජයටම විකුනනවා. අපි බලමු මේ අය යන්නෙත් එයාගේ වත්තකටද කියල. (අ)

:       0       0

පද්මිණී Thursday, 17 October 2013 10:25 AM

උපාලිගේ කතාව අහල උදෙන්ම හිනා වුණා. හැබැයි, ඒ දෙන්නට අංගොඩටම යන්ට ඕනේ නැති වෙයි? (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 604 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site