දෙවැනි එළිසබෙත් රැජිනගේ පුත් කිරුළ හිමි චාල්ස් කුමාරයා හා කැමිලා පාකර් කෝර්න්වෝල් ආදීපාද වරිය ශ්‍රී ලංකාවේ පොදුරාජ්‍ය මණ්ඩල සමුළුවට පැමිණෙනු ඇතැයි චාල්ස් කුමාරයා පදිංචි ක්ලැරන්ස් මාලිගය කියයි.
චාල්ස් කුමාරයා මහ රැජින නියෝජනය කරමින් සමුළුවට සහභාගී වේ.
චාල්ස් කුමාරයා අවසන්වරට ශ්‍රී ලංකාවට පැමිණියේ 2005 දීය.මේ දෙදෙනා ඉන්දියාවේද සංචාරයක යෙදෙති.
ශ්‍රී ලංකාවේදී රාජකීය යුවළ පොදුරාජ්‍ය මණ්ඩලීය නායකයින් වෙනුවෙන් රාත්‍රී භෝජන සංග්‍රහයක් පවත්වන අතර චාල්ස් කුමාරයා පොදු රාජ්‍ය මණ්ඩලීය නායකයින් හා වෙනත් අය සමග සභා රැස්වීම් රැසක්ද පවත්වනු ඇතැයි දැනගන්නට ඇත.
රාජකීය යුවළ මානසික සෞඛ්‍ය ආයතනයකට , රෝහලකට හා තේ වත්තකටද යාමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මානසික සෞඛ්‍ය ආයතනයකට එක්කරගෙන යන්නේ, ලංකාවේ මානසික ලෙඩ්ඩුන් එංගලන්තේ ලෙඩ්ඩුන්ට වඩා විශේෂත්වයක් එහෙම තියෙනවද? (ස)
විපක්ෂය එක පයිම සත්‍ය ග්‍රහ කරනවලු (ස)
ඔය දෙන්නව අපේ පාර්ලිමේන්තුවටත් අරගෙන යන්නකෝ (නි)
රාජකීය යුවල පැමිණීම මම ගෞරවයෙන් සලකමි. (ස)
ඉතාමත් ආදරයෙන් සාදරයෙන් පිළිගමු මෙලෙසින් ...!!! ඔටුන්න හිමි කුමරුනේ .. ලංකාවට එනුමැනේ .., සාදරයෙන් පිළිගන්නම් -අප හද පිරි සතුටිනි ...!!! (ස)
මාවත් හමුවෙන්න එයිද දන්නෙ නැහැ (නි)
ඔවුන් දෙදෙනා සාදරයෙන් පිළි ගනිමු. (ස)
මානසික සෞඛ්‍ය ආයතනේදී කවුරුවත් ප්‍රශ්න ඇහුවට උත්තර දෙන්න එහෙම එපා ඔන්න. ඉස්සර බණ්ඩාරනායක අගමැතිතුමා අංගොඩ බලන්න ගියා. එක් කෙනෙක් එතුමා දිහා හොඳට බලාගෙන ඉඳල ඇහුවා 'ඔයා කවුද" කියලා. බණ්ඩාරනායක මැතිතුමා කිවා 'මං මේ රටේ අගමැති' කියලා. අපේ යාළුවා කියනවා "හඃ හාහ්, මාත් ඔහොම කියන්න ගිහින් තමයි මෙහාට ගෙනත් දැම්මේ. ඔයාටත් ඒකම වුනා නේද, ටිකක් කල් යනකොට ඕක හරි යයි' කියලා. (ස)
බැලුවට කමක් නැහැ. හැබැයි එංගලන්තේ ඔටුන්න හිමි කුමාරයා නම් කියන්න එපා. එහේ නවතා ගනී ..... (ස)
මේ රටවල් වල දේශපාලකයෝ කොටි ඡන්ද සහ කොටි සල්ලි වලට යට වුනාට ස්වාධීනව වැජබෙන රජ පවුල ලංකාවේ නියම ස්වභාවය තේරුම් ගෙන මේ රටට පැමිනීමේන්ම පෙනෙනවා කැනඩාවේ හාපර්ලා වැනි අය කෙලෙස දුෂිතද කියා. (අ)
උපාලිගේ කතාව නම් නියමයි,මේක ඇත්ත කතාවකි. (නි)
මේ දෙන්නා අපේ රටට ගිහින් නැවත ගියහම මොනවද කියන්නේ බලමුකෝ? පිටිගල මිලානෝ, ඔයා තමා හරියටම හරි දේ කියලා තියෙන්නේ. (නි)
ඔටුන්න හිමි කුමරු හා ඔහුගේ ආර්යාව ගෞරවයෙන් පිළිගනිමු. (අ)
ලියලා තියෙන අසහස් ටික නම් හොදයි (දිල්)
පාර්ලිමේන්තුවට එක්කගෙන ගියා නම් හරි (නි)
පිටිගල මිලානෝ මහතාගේ කටට මසුරන් දාන්න වටිනවා. (නි)
අපේ රජවරු මරලා දැම්මේ කාගේ පරම්පරාවේ අයද කියලා දැන් අපිට මතක නැතිවෙලා (නි)
පිටිගල මිලානෝ, ඔබ හරියටම හරි. (නි)
කොහේ ගියත් කමක් නැහැ, මානව හිමිකම් පැත්තේ නම් යන්න එපා. (නි)
මෙහෙ ඇවිත් මානව හිමිකම් ගැන හොයන්ඩ එපා. පුළුවන් නම් අපිට ණයට මොනව හරි දීල යන්ඩ. පවුම් මිලිඔන 2 ක් ලැබුනොත් ඇති. ආධාර එපා.(අ)
චන්න,ඔබ කියන්නේ ලංකාවේ අන්තිම රජතුමා ගැන ද?එහෙම නැත්නම් වෙනත් රජකෙනෙක් ගැන ද?ඒ ඉතිහාසය පොඩ්ඩක් කියවලා රජතුමා ගැනත් දැනගන්න. ඒ වගේම වරින්වර සුදු ආණ්ඩුවට විරුද්ධව සටන් මෙහෙයවපු වීරයන් පාවා දුන්නේ කවුද කියලාත් දැනගෙන අදහස් පළකරන්න.පාවාදීම රජකාලේ ඉදලාම එන දෙයක් (නි)
උපාලි කියන දේ ගැන මටත් පොඩි විචිකිච්චාවක් දැනෙනවා. (නි)
දෙන්නම මානසික සෞඛ්‍ය ආයතනයකට යන එක නම් ලොකු දෙයක්... (ස)
අපේ රට ආගන්තුක සත්කාර වලින් ලෝකයේ ඉහළින්ම ඉන්න රටක්. ඒ අපේ ජනතාව ඉතාම ආදරයෙන්,ගෞරවයෙන් පිළිගනිමු. ජයවේවා! (නි)
එංගලන්තේ කෙනෙක් ලංකාවේ තේ කියා කියා තමන්ගේ වතුවල තේ පමණක් ජයටම විකුනනවා. අපි බලමු මේ අය යන්නෙත් එයාගේ වත්තකටද කියල. (අ)
උපාලිගේ කතාව අහල උදෙන්ම හිනා වුණා. හැබැයි, ඒ දෙන්නට අංගොඩටම යන්ට ඕනේ නැති වෙයි? (ස)