බ්‍රිතාන්‍ය විදේශ උප ඇමැති හියුගෝ ස්වයර් යාපනයේ ගියේය.
ඔහු උතුරු පළාත් මහ ඇමැති සී වී විග්නේෂ්වරන් මහතා හමු වු බව බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය කියයි.
ඔහු සිය යාපන සංචාරය ගැන කීවේ උතුරු පළාත් මහ ඇමැති සමඟ සංහිදියාව හා වගවීම් හමුදාවේ කාර්ය භාරය හා දේශපාලනික විසඳුමක් සඳහා වන මතු බලාපොරොත්තු වලට එක්සත් රාජධානියට සහාය විය හැකි ක්‍රම පිළිබඳව සාකච්ඡා කළ බවය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යහ පාලනය ගැන කතා කරන මිනිස්සුනේ. ඒ උතුම් වචනයේ නියම තේරුම දැනගත් දා නුඹලා හංසයා දියේ ගිල්වන බව මට විශ්වාසයි. (නදී)
වෙන්නේ මොනවද කියා අවධානයෙන් සිටිය යුතුය. එය යහපාලන රජයේ වගකීමය (නි)
එක්සත් රාජධානිය ලොව පුරා බොහොම ලස්සනට සංහිඳියාව ගොඩ නැගුවා වගේම ගොඩ නගනවා..මහත්තයෝ අපිට වද නොදී ඔහෙලගෙ වැඩක් බලාගෙන ඉන්නකෝ.අපි අපිම අපේ ප්‍රශ්න විසඳගන්නම්.මොකක්ද ඔයාලට ඔච්චර තිබෙන වලිප්පුව? (බ)
නිපුන් වගේ අය පාට කණ්ණාඩි දාල නිසා සාධාරණව පෙනෙන්නේ නැහැ. (නි)
ජනාධිපතිතුමනි, නොබියව වැඩකරන්න.බටහිර බලවේග වලට යටවෙන්න එපා (නි)
නිපුන්ලා වගේ අය තමා 1815 දීත් සුද්දාට රට පාවලා දුන්නේ. (නි)
ඔය කියන එක මුස්ලිම්, දෙමල, ක්‍රිස්තියානි, අය එක්ක විතරද? සම්ප්‍රදායික සිංහල බෞද්ධ අය එක්ක අකැපද? රනිල්ට බටහිරට, ලංකාවේ ක්‍රිස්තියානි සහ නාගරික සමාජයට, එක්සත් ජාතීන්ගේ සන්විදානයට පවා සිංහල බෞද්ධ සම්ප්‍රදායික ජන කොටස් සහ ජවිපේ සමග ඕක අකැප බවයි පේන්න තියෙන්නේ. (නදී)
බ්‍රිතාන්‍ය උප අගමැතිතුමනි ඔබට ස්තූතියි. රාජපක්ෂලා රටේ මානව අයිතිවාසිකම් කඩකරද්දී, මිනිස්සු සුදු වෑන් යවා පැහැරගෙන යද්දී ඊට විරුද්ධව කථාකල එක රටක් තමා බ්‍රිතාන්‍ය. අනික් රටවල් තමා ඇමරිකාව හා ඉන්දියාව. මේ රටවල් මැදමූලන පිලිලය එලවන්න අපිට සෑහෙන්න උදවු කලා (නදී)
කස කාරයෝ එන්නේ පෙරහැර ලගම එනවා ඇති. "රටකට ඕනෑ අපමණ වෙනසක්". තව ටික කළ යනකොට සිතියමම වෙනස් කරන්න පුළුවන්.(හේ)
මේ තියෙන්නේ ඉල්ලපු වෙනස. දැන් ඉතින් එන්.ජී.ඕ කාරයෝ වැල නොකැඩි මෙහෙට බඩ ගායි. රටකට ගිය කලක්. (නදී)
ලගදීම ගමන් බල පත්‍ර ගන්න වෙනවා යාපනේට යන්න. (නදී)
සමහරක්ට අපිට ආධාර දෙන, අපේ මිත්‍ර රටක උප අගමැති පේන්නෙත් 'රටට වින කරන්න එක එන්ජීඕ කාරයෙක්' වගේ. කමක් නෑ, අවුරුදු 9 තිස්සේ මොල හෝදලා තිබ්බෙ "සුද්ද ඉන්නෙ අපිට වින කටින්නය" කියලනේ. හැබැයි සුද්දගෙ රටේ රස්සාවකට නම් පැනල යනවා. වෙනස් වෙන්න කාලයක් යනවා. (නදී)
ලංකාවට එන ඕනෑම විදේශිකයෙකුට නිදහසේ රට පුරා යන්න පුළුවන් බවට නීති ලිහාදැම්මේ මේකටද? මෙයාලා උතුරට ගියාට කමක් නැහැ. නමුත් අපේ රට ගැන තීරණ ගැනීමට එයාලට අයිතියක් නැහැ. (නි)
නිපුන් දන්නා තරම තමා ඔය. මෙයාල අත ගැසූ අනිත් රටවලට උණු දේවල් හොයල බලන්න එතකොට වැටහේවි. (නදී)
සමන්ප්‍රිය, තිලක්, සම්පත්, ඇසළ ඔබලාට තේරෙන දෙය මේ අනික් අයට තේරෙන්නේ නැහැ. යහපාලනය කියන්නේ රටට වින කටින ජාත්‍යන්තර බලවේගවලට ඕන විදියට රටේ රාජ්‍ය පාලනය හරි ගස්ස්සන එක නෙවෙයි. රටේ ආරක්ෂාව, රටේ බහුතර ජනවර්ගයන්ට, ආගමිකයන්ට (මෙතැන සිංහල බෞද්ධ කියල කියන්න බැහැ අපේම අයටනේ රිදෙන්නේ. අනගාරික ධර්මපාල උතුමන්ගේ අනාවැකිය තමයි තාම මතක් වෙන්නේ. රටක් වශයෙන් අභිමානයක් ඇතිව අනෙකුත් සුළුතරය සමග එකට සමගිව ඉන්න දේශපාලන වටපිටාවක් ඇතිකිරීමයි. මේ ගොල්ලෝ හදන්නේ එ්කේ අනික් පැත්ත. මොනවා උනත් තාම කොටි ප්‍රශ්නේ ඉවර නැහැ. කවද්ද බටහිර රටවල් අපිට අනුකම්පා කෙරුවේ මට දුක අපේ සිංහල බෞද්ධ අනාගත පරම්පරාව ගැන (නදී)
නිපුන් අපිට උදව් කරන අය තමයි ඉස්සෙල්ලම යාපනයට යන්නේ. එයාලත් වෙනසකට ගොඩක් කැමතියි (නදී)
සමහරුන්ගේ නම සිංහල උනාට ජාන සුද්දන්ගේ එ්කයි ප්‍රශ්නේ (නදී)
ඔය එංගලන්ත තානාපතිලාට ලොකු හිතේ අමාරුවක් තියනවා උතුරු නැගෙනහිර වෙන්කරන්න (නි)
අපි වැරදි කරලා නැත්නම් අයි බය වෙන්නේ.(දිල්)
නිපුන කට තිබ්බට මෝඩ කතා කියන්න එපා (දිල්)
විජයබාහු ගණන් ගන්න එපා මොකද නිපුන්ලා වගේ දොන් ජුවාන්ලා ලංකාවේ ඕන තරම් ඉන්නවා. (නදී)
නිපුන මැදමුල සිංහයා සුද්දට නැමුණේ නැති නිසා අද සුද්දටත් උතුරට යන්න පුළුවන්.(හේ)
බිය නොවන්න. චම්පික රණවක මහතා අපේ රට වෙනුවෙන් අපේ රටේ උරුමයන් රැකීම උදෙසාම කැපවී සිටින පක්ෂ නායකයෙකු නිසා මෙවැනි බලවේග ආවාට අපිට බයවෙන්න දෙයක් නැහැ. නියම සටනක් කරනු නොඅනුමානයි. අපේ රට වෙනුවෙන් දිවිපරදුවට තබා අපේ හාමුදුරුවරුන් සටන් කරාවි. (නි)
අපි ඡන්දේ දීලා ඉල්ලගෙන කන්නයි යන්නේ...මට දැන්නම් ටිකක් භය හිතෙනවා...(හේ)
අපේ රට යටත්විජිතක් ලෙස තවමත් බ්‍රිතානයයන් සිතා ඉන්නවා. යටත්විජිත සමයේ බ්‍රිතාන්‍යයන්ට එරෙහිව යුද්ධ කළේ සිංහල බෞද්ධ ජනතාවයි. ද්‍රවිඩ ජනතාව සිංහලයාගෙන් බිඳුවා වෙන්කර සුද්දෝ ඒ අය උන්ගේ පාලනයට සම්බන්ධ කර ගත්තා. ඒ සඳහා ඔවූන් යාපනයේ හොඳ අධ්‍යාපන පහසුකම් ඇති කළා. ලංකාවට නිදහස ලැබුණ පසුත් සිවිල් පරිපාලනයේ ද්‍රවිඩ ජාතික සහෝදරයින් වැඩිපුර සිටියේ ඒ නිසා. 1956 බණ්ඩාරනායක රජය සිංහල රාජ්‍ය භාෂාව කර සිංහල උගතුන්ට ඉහලට පැමිණීමට මග සැදීමත් සමග ද්‍රවිඩ ජනතාව එතෙක් වැඩි අනුපාතයකින් භුක්තිවිඳි වරප්‍රසාද දකුණටත් ලැබුණා. ජාතිවාදයේ ආරම්භය එයයි. සිංහල බෞද්ධ අපට ජාතිවාදී ලේබල් කවුරු ඇලෙව්වත් සැබෑ ජාතිවාදීන් අප නොවේ. (හේ)
පිරිපුන් නොවන කමින් නිපුන් වී ඇති බැවින් අපි ඔහුට තව ඉගෙන ගන්නට කල් දෙමු. (නදී)
විජයබාහු ගණන් ගන්න එපා. නිපුන් සුද්දගේ රට ගැන දන්නා තරම තමා ඔය කියවන්නේ. එංගලන්තේ ඇතුලේ කොටින්ට තියෙන නිදහස දැක්කා නම් නිපුන්ට තේරෙයි. අනික පිටරට රස්සාවලින් හම්බකරන මුදල් ලංකාවට එවන එක ගැන නිපුන් දන්නේ නැතුව ඇති. ලින් මැඩියට ඉන් පිටත ලෝකය පෙන්නේ නැහැනේ. (නදී)