මහා බ්‍රිතාන්‍යයේ පාලක කන්සර්වේටිව් පක්ෂයේ වාර්ෂික සම්මේලනයට සහභාගීවීමට පැමිණ සිටින එක්සත් ජාතික පක්ෂ සභාපති සහ ක්‍රමෝපාය සංවර්ධන හා ජාත්‍යන්තර වෙළඳ ඇමැති මලික් සමරවික්‍රම මහතා බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් හමුවී ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වීය.
බ්‍රිතාන්‍ය අගමැති සහ එජාප සභාපති අතර හමුව සිදුවූයේ එංගලන්තයේ මැන්චෙස්ටර් හිදීය.
මහා බ්‍රිතාන්‍යයේ පාලක කන්සර්වේටිව් පක්ෂයේ වාර්ෂික සම්මේලනය අන්තර් පාර්ලිමේන්තු සංගමයේ සාමාජික රටවල දේශපාලන පක්ෂ නියෝජිතයින් රැසකගේ ප්‍රධානත්වයෙන් එංගලන්තයේ මැන්චෙස්ටර් හිදී පැවැත්විණි.
ශ්‍රී ලංකාවේ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පක්ෂ සභාපති සහ ක්‍රමෝපාය සංවර්ධන හා ජාත්‍යන්තර වෙළඳ ඇමැති මලික් සමරවික්‍රම, දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක යන මහත්වරු කන්සර්වේටිව් පක්ෂ වාර්ෂික සම්මේලනයට සහභාගී වෙති.
මහා බ්‍රිතාන්‍යයේ කන්සර්වේටිව් පක්ෂයේ වාර්ෂික සම්මේලනයට සහභාගී වන අතරවාරයේ අමාත්‍ය මලික් සමරවික්‍රම මහාතා බ්‍රිතාන්‍ය විදේශ කටයුතු අමාත්‍ය පිලිප් හැමන්, වෙළඳ කටයුතු ඇමැති ෆ්‍රැන්සිස් මෝඩ් යන මහත්වරු සහ ස්වදේශ කටයුතු ඇමැතිනී ටිලීෂා මේ මහත්මියද හමුවී සාකච්ඡා පැවැත්වීය.
අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා සමග පැවැත්වූ සාකච්ඡාවේදී බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් සඳහන් කළේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාවේ ස්ථාපිත යහපාලනය බ්‍රිතාන්‍ය රජයේ දැඩි ප්‍රශංසාවට ලක්වන බවය.
බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණු කන්සර්වේටිව් පක්ෂයේ වාර්ෂික සම්මේලන පුරා දින 3 ක් මුළුල්ලේ එංගලන්තයේ මැන්චෙස්ටර් හිදී පැවැත්විණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජයවේවා! (බ)
ජයවේවා... අපි සිටගත යුත්තේ ඇමරිකාව, බ්‍රිතාන්‍ය, ඉන්දියාව වැනි ප්‍රජාතන්ත්‍රවාදී රටවල් සමග මිස රුසියාව, චීනය වැනි ඒකාධිපති රටවල් සමග නොවේ. (ර)
පැසසුම් කල යුතු දේ පැසසුම් කල යුතුයි. (ර)
යහපත් දේ යහපත් සේ දැකීම යහපත් මිනිසුන්ගේ ස්වභාවයයි. (ර)
නාමල් ඔහොම බය වෙලා පක්ෂග්‍රාහී වෙලා බැහැ, බය නැති මිනිස්සු නම් ඕන රටක් එක්ක ඉන්න පුළුවන් වෙන්න ඕන. පටු වෙන්න, ළග පෙනෙන වාසියට ගැති වෙන්න හොද නැහැ. ඇමෙරිකාව බ්‍රිතාන්‍ය ඉන්දියාව කාටවත් යට වෙන්නේ නැතුව ඉදල තමයි ඔය තත්වයට ආවේ. ඔයා කියන විදිහට කලොත් අපි ගැත්තෝ සහ ඉත්තෝ වෙනවා මිසක් කවදාවත් ඔය කියන රටවල් ඉන්න තත්වෙට යන්න බැහැ. (බ)
සතුටු දායක පුවතක්......! (බ)