යුරෝපා හවුලෙන් වෙන් වීමට ජනමත විචාරණයෙන් මහා බ්‍රිතාන්‍ය තීරණය කිරීමත් සමඟ බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් අගමැති පදවියෙන් ඉල්ලා අස්වන බව නිවේදනය කළේය.
බ්‍රිතාන්‍යය යුරෝපා හවුලේ සිටිය යුතු යැයි 2013 සිට හඬක් නැගූ ඩේවිඩ් කැමරන් ජනමත විචාරණයෙන් පරාජය වීම ඔහුගේ ඉල්ලා අස්වීමට හේතුව වී ඇත.
ලබන ඔක්තෝබරයේ කන්සවේටිව් පක්ෂයේ වාර්ෂික සමුළුවේ දී අප අලුත් අගමැති කෙනකු තෝරා ගත යුතුයැයි බ්‍රිතාන්‍ය ඩවුන් වීඩියෝ අංක 10 අගමැති නිවසේ දී මාධ්‍යවේදීන් සමග කීවේය
ජනමත විචාරණය ප්‍රතිඵලයත් සමඟ ඩේවිඩ් කැමරන් ජාතිය ඇමැතීය.
මහා බ්‍රිතාන්‍යය යුරෝපා හවුලෙන් ඉවත් විය යුතු යැයි 17,410,742ක් ජනමත විචාරණයේ දී ඡන්දය දී ඇත.
වසර 31කට පසු බ්‍රිතාන්‍ය පවුම පහළම මට්ටමට වැටුණේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුනිල් පෙරේරා, ඔබ කොච්චර හරිද කියලා තේරෙන්නේ දැනුයි (නි)
එ් එංගලන්තේනේ. ලංකාව නොවේ (නි)
මේ ගැන ඔබතුමා ශ්‍රී ලංකාවේ මහත්තුරුන්ගෙන් ඇහුවේ නැද්ද? එහෙම උපදෙස් නැතුව නිකම් මෝඩ තීරණ ගන්න එපා (නි)
අපේ රටේ එහෙම වෙන්නේ නැහැ (නි)
අපරාදේ අපේ අයගෙන් උපදෙස් නොගත්තේ (නි)
එංගලන්ත ජනතාව යුරෝපා හවුලෙන් ඉවත්වුණේ පිටරැටියන් තම රටට එන එක වළක්වන්න. ඉන්දියන්කාරයෝ මෙහෙ ඇවිත් අපේ අයගේ රැකියා අරගන්න එක නවත්වන්න ඇයි අපිට බැරි කියලත් හිතමු. අපිට එපා දෙයක් කරන ආණ්ඩුවක් ගෙදර යවන්න අපිටත් පුළුවන්. (නි)
මෙහේදි නම් ජනතාව ඡන්දෙදි ප්‍රතික්ෂේප කිරීම අැමති කෙනෙක් වීමට සුදුසුකමක්. (නි)
ජනමතයට ගරු කරලා වැදගත්කම තියාගෙන කැමරන් මහතා ඉවත් වෙනවා. ඉන් පසුව මේ මහත්වරු, මහත්වරු වගේ ජීවත්වෙනවා. කකුලෙන් අදින්නේ නැතුව. ඒ ඉන්නේ වැදගත් දේශපාලකයින්. ඒකට අපේ රටේ සමහර අය. (නි)
චන්ද්‍ර, එ්ක තමයි ජනමතය. දිනපු අයට ජනමතයක් තියෙනවද උතුරේ නැගෙනහිර හැර. (නි)
අපේ අය මෙහෙන් එහාට ගිහින් එහෙ දේවල් වර්ණනා කර කර ඒගොල්ලෝ එහෙත් ලංකාවේ විදියටම පක්ෂ බේද ආගම බේද ඒ රටවලත් ඇතිකරනවා. කොහෙන්හරි කමක් නැහැ හරි දේ පිළිගන්න පුරුදුවෙන්න! (නි)
එංගලන්තේ එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නේ නැහැ. (නි)
ඉල්ලා අස්වෙලා වෙන කෙනෙකුට නායකත්වය දීලා පස්සේ පොදු විපක්ෂයක් ගොඩනඟමු (නි)
ඔහු ලංකාවේදී රඟපු නාඩගමේ අනුහස් .... මේ බෞද්ධ දේශයට තරවටු කරන හැමෝටම පටිසන් දෙනවා. එ්ත් ඔහු අවංක නායකයෙක් වගේ. (නි)
අපේ ලොක්කෝ මේගොල්ලන්ව ආදර්ශයට ගත්තා නම් ඉර අනිත් පැත්තෙන් පායයි. කිසිම දෙයකට තණ්හාවක් නැති, බොහොම නිහතමානිව බෞද්ධ දර්ශනයට අනුව බ්‍රිතාන්‍ය පාලකයෝ තමයි පාලනය ගෙනියන්නේ. (නි)
කොහොම වුණත් අපේ කට්ටිය කියාවි මේ අර්බුදය නිසා තමයි අපිට හරියට රට සංවර්ධනය කරන්න නොලැබුණේ. ඒකනිසා මීළඟ වතාවේ අායෙත් පත්කරන්න, එතකොට තත්වය සමනය වෙලා තිබුනොත් අපේ වැඩ පෙන්වන්නම් කියලා (නි)
එංගලන්තේ එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නේ නැහැ (නි)
27 වරක් පරාද වුණාම එයාට කිව්වෙ විපක්ෂ නායක කියලා. පරාදවුණ රජාට තාමත් රජා කියනවා. ඕක තමයි අන්ධ භක්තිය (නි)
සුද්දන්ගේ හැටි එහෙම තමයි (නි)
29 වතාවක් පරාජය වෙලත් වර්තමාන අගමැතිතුමා ගෙදර ගියේ නැහැනේ (නි)
ඒගොල්ලන්ගේ රටට ඕනෑ විදියට නීති හදාගනීවි (නි)
ලංකාවේ කවුරුවත් පරාජය වෙලා නැහැනේ. සුළු පසුබැසීමක් විතරයි. (නි)
එ්කට අපේ දේශපාලුවෝ? දෙපාරක් එළවලත් මේකෙම එල්ලිලා ඉන්න බලනවා මොන මගඩියක් හරි කරලා. දැන්වත් යන්නකෝ, පින්සිද්ධ වෙයි (නි)
බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයේ රඳවා ගැනීමට එංගලන්තයට ගොස් කැම්පේන් කළ ලංකාවේ ඇමතිවරුත් හරිනම් ඉල්ලා අස්වෙන්න ඕනෑ (නි)
නියම ජනතා නායකයෝ කියන්නේ මේ අයට. (නි)
ඡන්ද ප්‍රතිඵල පිටවෙන්නත් කලින් උදේ 3 ට බලය අතහැරීමට තීරණය කර උදේ 5 ට අගමැති මැදුරෙන් පිටවුණ ජනාධිපති කෙනෙක් අපිට හිටියා. ශ්‍රී ලාංකිකයෙක් විදියට පක්ෂ බේදයෙන් තොරව ඒ ගැන ආඩම්බර වෙන්න. පැරදුන ජනාධිපති බලන්න ලක්ෂ 30 කට වැඩි ජනතාවක් එතුමාගේ ගෙදරට ගොස් ආචාර කර එතුමාට නැවත දේශපාලනයට ආරාධනා කළා. ඒක ලෝකයටම එකයි. (නි)
අපේ රටේ වගේ ගෝත්‍රිකයින් නොවෙයි ඒ රටවල ඉන්නේ. වැදගත්, උගත්, බුද්ධිමත්, ජනමතයට හිස නමන මහත්වරු (නි)
ලංකාවේ කොහෙද මහත්තුරු දේශපාලනය කරන්නේ? (නි)
අපරාදෙනේ! අපේ කට්ටියගෙන් ඇහුවේ නැද්ද මොකුත්? (නි)
ප්‍රතාප්, ඔතන තිබෙන ප්‍රශ්නය තමයි අපේ රටේ දේශපාලකයින් ගැන අපට විශ්වාසයක් නැතිකම. ඔය ඔක්කොම කරන්නේ තක්කඩි වැඩනේ. වරදාන, වරප්‍රසාද භුක්ති විඳින අයට ඔය දේශපාලකයින් කරන විහිලු මැජික් වුණානාට, තම දෑතේ වීරියෙන් හරිහම්බ කරගෙන කන උත්සාහවන්ත, බුද්ධිමත් මිනිසුන්ට ඕවා තවත් සෙප්පඩ විජ්ජා පමණයි. (නි)
එහෙම වෙන්නේ, ඒ ජනාධිපතිවරු ලබන්නේ වැටුප විතරයි. එ්කට ලංකාවේ? (නි)
ඔහොම තමයි නොදියුණු රටවල් වල නායකයෝ. ලංකාවේ වගේ දියුණු වුණ රටවල් වල නායකයින්ගෙන් මේගොල්ලෝ ආදර්ශ ගන්න ඕනෑ (නි)
අඬන්න බලාගෙන හිටපු මිනිහගේ ඇනුනේ නැද්ද ඇහේ ඇඟිල්ලක්?? (නි)
මට ලියන්න දෙයක් ඉතුරු වෙලා නැහැ....(ම)
ලංකාවේ නම් දුම්මල ගහලාවත් යන්නේ නැහැ (නි)
මෙහෙ අයත් දැන් වසර එකහමාරක් බැරි බව ඔප්පු කළා නේද?ඒත් දාලා නම් යන්නේ නැහැ (නි)
අනේ අපේ රටෙත් මෙහෙම වෙනවනම් කොච්චර ෂෝක්ද.? (ර)
බෙනට්, ඔබ හරියටම හරි. අපේ මිනිස්සු වැඩි දෙනෙක් කැපුවත් ලේ අහවල් පාටයි කියන උදවිය. අන්ධ පුද්ගල වන්දනාව මිසක් දේශපාලනඥයාගේ ක්‍රියාව අනුව ඔවුන්ව විනිශ්චය කරන්න හිතන්නේ නැහැ. දේශපාලනඥයෝ කියන්නේ අපෙන් වැටුප් ලබන අපෙන් වරප්‍රසාද ලබන මහජන සේවක කොට්ටාශයක් කියල හිතන්න පුරුදු වෙනතාක් පුද්ගල දේවත්වාරෝපනය පවතීවි. දකුණු ඉන්දියාවට වඩා අපේ වෙනසක් නැහැ නේද? (ර)
ඔහොම ඉල්ලා අස්වෙනවනම් අපේ කීදෙනෙක් ඉන්නවද. එත් මලාට යන්නේ නැහැ. (ර)
ස්වේච්ඡා දේශපාලන පක්ෂයක් බිහිවී ඉදිරි අනාගතයේදී ශ්‍රී ලංකාවේ පාලනය ලබාගත් යුගයක මෙවන් සිදුවීම් අපිට දැකීමට ඇසීමට ලැබේවි (නි)
ඔන්න ජනමතයට ගරුකරන නායකයෝ (ම)
පරාද වුණත් රජා රජාමයි චන්ද්‍රා. අපිට දුක දැන් රට පාලනය කරන්නේ 27 සැරයක් පරාදවුණ අය වීමයි. ඔයාට එ්ක පෙනෙන්නේ නැද්ද? (නි)
එංගලන්තෙ එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ. අපේ අගමැති ජනසේවය අත්හරින්නේ නෑ (බ)
අනේ ඇයි ඔහොම පොඩි දේකටත් ඉල්ලා අස්වෙන්නේ? අපෙන් ගන්නකො ආදර්ශයක්. අපිනම් දුම්මල ගැහුවට වත් යන්නේ නෑ.(බ)
එහෙම වෙන්නෙ මොන රටේද එංගලන්තෙ (බ)
එංගලන්තේ එහෙම වුණාට ලංකාවේ අය කවදාවත් ඉල්ලා අස්වෙන්නේ නැහැ. (නි)
දුම්මල ගසාවත් එළවාගත නොහැකි ලාංකීය පරාජිත දේශපාලකයන් ඩේවිඩ් කැමරන් වෙතින් උගතයුතු පාඩම් බොහෝය. මහත්මා දේශපාලකයන් ලංකාවේ කවදා බිහිවේද?
කැමරන් අගමැතිතුමා එහෙම වුණාට, අපේ අය එහෙම නැහැ (නි)
මෙහෙමයි නායකයෝ කළයුත්තේ. (නි)
අන්න නායකයෝ නම් ඉල්ලලම අස්වෙයි. අනේ වාසනාවන්! ඔය බටහිරට බැන බැන ඉන්න එහෙයියෝ මේ ප්‍රවෘත්තිය දියකරලා බිවුවා නම්..... (නි)
ලාංකික ඡන්ද දායකයාගේ සහ පැරදුනු දේශපාලකයන්ගේ බුද්ධි මට්ටම බලාගන්න කදිම අවස්ථාවක්, මහත්මා ගති කියන ඒවා අපි ළඟ නැහැ. (ර)
ඔන්න මහත්මා ගතිගුණ තිබෙන මිනිස්සු සහ රටවල්. එ්කට අපේ රට! පැරදුනත් යන්නේ නැහැ. හොරකම් කරලා අසුවෙලා හිරේ ගියත්, මිනීමරලා අසුවුණත් පාර්ලිමේන්තුව දේශපාලනය දාලා යන්නේ නැහැ (නි)
එක නේන්නම් නලින්. අපේ අය පැරදුනත් ගෙදර ඉන්නේ නැහැ. ආයෙත් ආශ්චර්යක් ගෙනෙන්න හදනවා. (නි)
අපේ මිනිස්සු නුසුදුස්සන්වත් පාර්ලිමේන්තු යවනවා තමයි. ඒ වගේම එපා කියලා පරාද කරපු අයත් ඔය අපුරුවට ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු ගියේ... ජනතාවට විතරක් දොස් කියලා වැඩක් නැහැ. (ර)
මන්ත්‍රී කෙනෙක් වෙලා එන්න වෙන පළාතකින් ඡන්දෙ ඉල්ලයිද? (නි)
එතකොට මෙහෙ හිටියේ එහෙම නැති අයද?
බලය රැකගන්න රට පාවානොදෙන නායකයෙක් (නි)
ලංකාවෙ නම් පැරදි පැරදි ආයෙත් එනවා. ඒ එන අයට බලය දෙනවා. බලය දීලා හූල්ලනවා. අපේ ජනතාවගේ උගත්කම මදි. (නි)
මෙහෙ පරාදවෙලත් තාම රජ වරු. (ම)
එංගලන්තේ එහෙම වුනත් ලංකාවේ එහෙම වෙන්නේ නැහැ .(ම)