උතුරු මැද හිටපු මහ ඇමැති බර්ටි දිසානායක මහතාගේ ආධාරකරුවකු බව කියන ධනවත් ව්‍යාපාරිකයකුගෙන් බලෙන් රුපියල් හය ලක්ෂයක චෙක්පතකට අත්සන් තබවාගෙන රුපියල් 348500ක් පැහැරගෙන ඇතැයි කැකිරාව පොලිසියට පැමිණිලි කර ඇත.
තමාට පහර දීමට ආ අට දෙනා අතර උතුරේ දේශලනඥයකුගේ හා රජයේ ඇමැතිවරයකුගේ පෞද්ගලික ආරක්ෂකයකු හා පෞද්ගලික ලේකම්වරයකු ද සිටින බව ඩබ්ලිව් එම් යූ බී දිසානායක (56) මහතා කියයි.
පහර කෑමෙන් පසු මැයි 31 වැනි දා ගල්කිරියාගම රෝහලට ඇතුළත් කරනු ලැබූ ඔහු වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට මාරු කැර යැවිණි.
මෙම ව්‍යාපාරිකා හෝටල කිහිපයක ද, රට බීම හල් තුනක ද, ගරාජයක ද හිමිකරුවෙකි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසුවේ එවැනි පැමිණිල්ලක් ලැබුණු බවයි. පුද්ගලයන් දෙදෙනකුගේ නම් සඳහන් වී ඇතත් ඔවුන් දේශපාලනඥයකුගේ කවුරුන්දැයි පැමිණිල්ලේ සඳහන් වී නැති බවත්, සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වන බවත් රෝහණ මහතා කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වපුරපු දේවල් තමයි නෙලා ගන්නේ. (ස)
එයාලටත් කරන්නේ මෙහෙම නම් දුප්පත් සාමාන්‍ය අපිට කොහොම වෙයිද? (නි)
එකතු වෙලා කල දේවල් වලට ආපසු ලැබෙන දේවල් වෙන්නැති (නදී)
දේශපාලනයෙන්ම නිර්මාණය කරපු දේශපාලනයෙන්ම ගොඩනගපු පුද්ගලයින්ගේ සංස්කෘතිය ඔහොම තමයි. (නදී)
අපේ සිවිල් නිතිය හරියටම ක්‍රියාත්මක කිරීමට කිසිම ආයතනයකට බැහැ. මම අරයගෙ ලේකම්, මෙයාගේ ආරක්ෂකයා කියාගන්න දර්ශනයක් නිර්මාණය වීමයි එයට හේතුව.(නදී)
තමන්ගේ පාක්ෂිකයන් වෙනුවෙන් එලියට ඇවිත් මොනවා හරි කලොත් නේද හොඳ? (නදී)
රට බීමහල් සාමාන්‍ය මිනිස්සුන්ට දෙන්නේ නැහැනේ. හොටෙල් සාමාන්‍ය කෙනෙකුට කරන්නත් බැහැ. ඕව එකක්වත් සාධාරණයෙන් ලැබුණ දේවල් නොවෙයිනේ. ඉතින් ඒ ප්‍රතිපලේ තමයි ඔය බුක්ති විඳලා තියෙන්නේ. (ස)