උතුරු මැද හිටපු මහ ඇමැති බර්ටි දිසානායක මහතාගේ ආධාරකරුවකු බව කියන ධනවත් ව්‍යාපාරිකයකුගෙන් බලෙන් රුපියල් හය ලක්ෂයක චෙක්පතකට අත්සන් තබවාගෙන රුපියල් 348500ක් පැහැරගෙන ඇතැයි කැකිරාව පොලිසියට පැමිණිලි කර ඇත.
තමාට පහර දීමට ආ අට දෙනා අතර උතුරේ දේශලනඥයකුගේ හා රජයේ ඇමැතිවරයකුගේ පෞද්ගලික ආරක්ෂකයකු හා පෞද්ගලික ලේකම්වරයකු ද සිටින බව ඩබ්ලිව් එම් යූ බී දිසානායක (56) මහතා කියයි.
පහර කෑමෙන් පසු මැයි 31 වැනි දා ගල්කිරියාගම රෝහලට ඇතුළත් කරනු ලැබූ ඔහු වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට මාරු කැර යැවිණි.
මෙම ව්‍යාපාරිකා හෝටල කිහිපයක ද, රට බීම හල් තුනක ද, ගරාජයක ද හිමිකරුවෙකි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසුවේ එවැනි පැමිණිල්ලක් ලැබුණු බවයි. පුද්ගලයන් දෙදෙනකුගේ නම් සඳහන් වී ඇතත් ඔවුන් දේශපාලනඥයකුගේ කවුරුන්දැයි පැමිණිල්ලේ සඳහන් වී නැති බවත්, සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වන බවත් රෝහණ මහතා කියයි.
2025 දෙසැම්බර් මස 18
440
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
245
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1034
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘බර්ටිගේ හිතවතාගෙන් ලක්ෂ නවයක් කොල්ලකාලා‘
ඒ. හේවගේ Monday, 02 June 2014 10:43 PM
වපුරපු දේවල් තමයි නෙලා ගන්නේ. (ස)
ගිහාන් Tuesday, 03 June 2014 12:58 AM
එයාලටත් කරන්නේ මෙහෙම නම් දුප්පත් සාමාන්‍ය අපිට කොහොම වෙයිද? (නි)
සමන්ති Tuesday, 03 June 2014 07:04 AM
එකතු වෙලා කල දේවල් වලට ආපසු ලැබෙන දේවල් වෙන්නැති (නදී)
සෙන්සා Tuesday, 03 June 2014 07:41 AM
දේශපාලනයෙන්ම නිර්මාණය කරපු දේශපාලනයෙන්ම ගොඩනගපු පුද්ගලයින්ගේ සංස්කෘතිය ඔහොම තමයි. (නදී)
උපාලි රංජිත් Tuesday, 03 June 2014 08:15 AM
අපේ සිවිල් නිතිය හරියටම ක්‍රියාත්මක කිරීමට කිසිම ආයතනයකට බැහැ. මම අරයගෙ ලේකම්, මෙයාගේ ආරක්ෂකයා කියාගන්න දර්ශනයක් නිර්මාණය වීමයි එයට හේතුව.(නදී)
කුමාරිහාමි Tuesday, 03 June 2014 09:39 AM
තමන්ගේ පාක්ෂිකයන් වෙනුවෙන් එලියට ඇවිත් මොනවා හරි කලොත් නේද හොඳ? (නදී)
සංජීව තුෂාර Tuesday, 03 June 2014 10:57 AM
රට බීමහල් සාමාන්‍ය මිනිස්සුන්ට දෙන්නේ නැහැනේ. හොටෙල් සාමාන්‍ය කෙනෙකුට කරන්නත් බැහැ. ඕව එකක්වත් සාධාරණයෙන් ලැබුණ දේවල් නොවෙයිනේ. ඉතින් ඒ ප්‍රතිපලේ තමයි ඔය බුක්ති විඳලා තියෙන්නේ. (ස)