ඕස්ටේ‍්‍රලියානු පිලේ සිටි ප‍්‍රවීණ වේග පන්දු යවන්නකු වන බ්‍රෙට් ලී අන්තර්ජාතික ක‍්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කළ බව අද (13) නිල වශයෙන් නිවේදනය කළේය. 35 හැවිරිදි බ්‍රෙට් ලී මීට වසර කීපයකට පෙර ටෙස්ට් පිටියෙන් සමුගත් අතර පසුගිය කාලය පුරාම අබාධයන්ට ලක්ව සිටියේය.
බ්‍රෙට් ලී සිය අවසන් අන්තර්ජාතික තරගාවලිය ලෙස සැප්තැම්බර් මස ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියට සහභාගිවීමේ බලාපොරොත්තුවෙන් පසු වෙයි.
අයි. පී. එල්. සහ ‘බිග් බෑෂ්’ විස්සයි-20 තරගාවලිවලට අඛණ්ඩව සහභාගි වන බව ද බ්‍රෙට් ලී පවසා තිබේ.
ලෝක ක‍්‍රිකට් පිටියේ වේගවත්ම පන්දු යවන්නකුව සිටි දකුණතින් වේග පන්දු යවන බ්‍රෙට් ලී එක්දින තරග 221 කදී කඩුලූ 380 ක් දවාගෙන තිබේ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවත් දක්ෂයෙකුගේ සමු ගැනීමක්
මගෙත් ආසම ක්‍රීඩකයා දක්ශයි ප්‍රියමනාපයි
බ්‍රෙට්ලී සැබෑම දක්ෂ ක්‍රීඩකයෙක් වගේම නිහතමානී ක්‍රීඩකයෙක්.සමුගැනීම ගැන දුකයි.ඇඩම් ගිල්ක්‍රිස්ට් සමුගනිද්දිත් මේ වගේම දුකක් ඇති උනා.
බ්‍රෙට් ලී කියන්නේ දක්ෂ වේග පන්දු යවන්නෙක්
ඕස්ට්‍රේලියාවට ලෝක පාඩුවක්......
ඇති අපේ අයට මෙහෙම දෙයක් වත් මතක් උනා
මහත්වරුන්ගේ ක්‍රීඩාවේ හිටපු නියම මහත්මයෙක් .ඔබට සුබපැතුම් ...!
ඇත්ත වශයෙන්ම හරිම නිහතමානී ක්‍රීඩකයෙක්
ලෝක ක්‍රිකට් ක්ෂේත්‍රයේ ආකර්ශනීය ක්‍රීඩකයෙක්
මං ආසම තවත් වේග පන්දු යවන්නෙක්
ඕස්ට්‍රේලියාවෙන් ලොවට බිහිවූ ඉතා හිතවත්, මිත්‍රශීලී, දක්ෂ ක්‍රීඩකයෙක්
ජයන්ත , සාජා ඔයාල එක්ක මමත් එකගයි
බ්‍රෙට් ලී ගෙන් නියම තීරණයක්....
නියම මහත්තයෙක් බ්‍රෙට් ලී. අනේ පවු ඕස්ට්‍රේලියාව
අපේ අය මිනිස්සුන්ගේ හොද කියන්නේ මෙහෙම අවස්ථා වලදි විතරයි
බ්‍රෙට් ලී කියන්නේ දක්ෂ වේග පන්දු යවන්නකු විතරක් නෙවෙයි මනුස්සකම තියෙන නිහතමානී සැබෑම ක්‍රීඩකයෙක්.
මම අසම ලොව සිටින සුපිරි වේග පන්දු යවන්නගෙන් කෙනෙක් වගේම , ඉතා ප්‍රසන්න පෙනුමක් ඇති නිහතමානී ක්‍රීඩකයෙක් ....
අහන්න දුක වුණත් කවදා හරි මේ තීරණය ගන්න වෙනවා