පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු හා උතුරුමැද මහ ඇමැති වරයකු වූ බර්ටි ප්‍රේමලාල් දිසානායක (59) කොළඹ පෞද්ගලික රෝහලකදී අද අභාවප්‍රාප්ත විය.
1989 දී කලාවැවෙන් මුලින්ම පාර්ලිමේන්තුවට තේරී පත්වූ ඔහු සමාජසේවා ඇමැතිවරයා ද විය. කර්මාන්ත නියෝජ්‍ය ඇමැති පදවිය ද දැරූ දිසානායක මහතා 1999දී මුල්වරට උතුරුමැද පළාත් සභාවට තේරී පත් විය. ඉන් පසු තවත් දෙවරක් මහ ඇමැති වූ ඔහු පසුගිය ඡන්දයේ දී පළාත් සභා මන්ත්‍රීරයකු වුවත් මනාප අඩු වූ නිසා මහ ඇමැති පදවිය එස් එම් රංජිත් මහතාට හමි විය.
ඔහු ඇමැති දුමින්ද දිසානායක මහතාගේ පියාය.
ඔහු ඉපැදුණේ 1954 ජූලි 15 වැනිදා ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලියල තියෙන දේවල් බලපුවම පේනවා මෙතුමා , ගොඩක් රටට සේවය කරපු උතුම් කෙනක් කියල , කරපු සියලුම දේවල් මෙතුමාට තියල යන්න සිදුඋනා, එතුමාට නිවන් සුව ලැබේව (දී)
ඔබට නිවන් සුව! (නි)
නිවන් සුව ලැබේවා
හිත හොඳ මනුස්සයෙක් ඔබට නිවන්සුව පටමු. (අ)
ඔබට අජරාමර නිවන්සුව පතමු. (නදී)
අපේ පළාතේ කෙනෙක් හැටියෙට මාගේ බලවත් කණගාටුව! (අ)
බර්ටි ප්‍රේමලාල් හිටපු මහ ඇමති තුමාට අජරාමර නිවන් සුව අත් වේවා !!... මට මේ අවස්ථාවේදී පරණ සිද්ධියක් මතක් උනා.දිනක් මම රියදුරු සමග අනුරාධපුරේ යන්ට පිටත් උනා.හබරණ හන්දියේ පොල් අතු කඩේකට ඇතුල් උනා උදේ කෑම සඳහා. මම දුටු පමණින් කඩේ අයිතිකාර කාන්තාව මෙසේ පැවසුවා.මම හිතුවා සර්...අපේ කඩේට කවදා හරි ගොඩවෙයි කියලා. සර් කරපු උදව් අපිට අමතක කරන්න බැහැ.සර්ට පින්සිද්ද වෙන්න .. ඔබතුමා පරිත්‍යාග කල මැෂින් එකෙන් කඩේ වෙළදාමට අමතරව ඇඳුම් ටිකක් මහල ජීවත් වෙනවා.අනේ සර් කෑම බිල නම් එපා..උදව් පදව් වෙනයි..කෑම බිල වෙනයි....ලේකම්.. බිලේ ගණන ගෙවා ඉක්මනට යමු කියා මම රියදුරුට කීවා..කීප දෙනෙක්ම මට කියලා තියෙනවා.බර්ටි ප්‍රේමලාල් මහ ඇමති තුමත් මමත් එක වගේමයි කියලා....( (අ))
මෙයා අපේ පළාතට කරපු දෙයක් කියන්න පුලුවන්ද? (දී)
ඔබට නිවන් සුව ලැබේවා (දී)
පැය විසිහතරේම දුරකතනයට උත්තර දුන්න මිනිස්සුන්ගේ ප්‍රශ්න හොදට තේරුම් ගත්, කරන්න පුළුවන් හැම උපකාරයක්ම කළ, ළගම හිටි කීප දෙනෙක් හින්දා අමාරුවේ වැටුණු ඔබේ නික්ම යාම සන්ධානයට තේරෙන්නේ අමාරු මැතිවරණයකදීය (නි)
මෙහි ඇතැම් කමෙන්ට්ස් දුටු විට මට සිනා යයි (නදී).
මෙතුමා සැමවිටකම තම දුරකතනයට උත්තර දීලා ප්‍රශ්න විසදුව වගේම කාගේ කාගේත් අවමගුල් කටයුතු වලට සහබාගි වුණා. මට මගේ මවගේ මළගමට එන්න නොහැකිව තුවන් තොටුපළේ හිරවෙලා හිටිය අවස්ථාවේ මේ උත්තමයා සෑහෙන ප්‍රයත්නයක් දැරුවා එම ප්‍රශ්නය විසදන්න. මම වෙනුවෙන් මෙම අය මහනුවර මළගමට ගියා. ඔබතුමාට පින් අනුමෝදන් කරමි. ජයානි, දුමි, සේනානි, කවී සහ අමිල, ඔබ සැමට තෙරුවන් සරණයි. (නි)
කෙසේ වෙතත් එතුමාට නිවන් සුව පතමි. (නි)
දිරිමත් කෙනෙක්. ඔබට නිවන් සුව පතමු.(නදී)
අපිට ජෝන් පුල්ලේ දොස්තර මහතා සහ ඔහුගේ ගේ දොර මතක් වෙනවා. මේ දෙදෙනා සහ ජනරාල් ජානක පෙරේරා යන මහත්වරු නැවත කවදා හරි අනුරපුරේදී හම්බ වෙයි. තිදෙනාටම නිවන් සුව. (නදී)
සියලුදෙනාම හිතන්න ඕනේ ජීවිතේ අනියතයි කියල. මෙතුමා වරක් තදින්ම කියල හිටිය මහා ඇමති තමන්ය කියල. (දී)
නිවන් සුව ලැබේවා. හිතන්න දෙයක් තියෙනවා. (ස)
ඔබට නිවන් සුව
ඔබට නිවන් සුව අත් වේවා ...... !!! (ස)
රජකම් කලත් කළකම් පලදේ මේ ලෝකේ
උතුරු මෑද මහ ඈමතිලාට වෑඩි ආයුෂ නෑ වගේ මහින්දසෝම මලෙත් දුක් විදල (අ)
කනගාටුයි (දී)
මනුස්සයෙක් විදිහට ශෝකය පල කරන ගමන්, උතුරු මැදට කල දේවලුත් අපිට මතකයි. (ස)
ඔබ අයෙත් ලංකාවේ උපදින්න එපා (අ)
මහා ඇමතිකම නැති දුකත් හිතේ තියෙන්න ඇති (නි)
බර්ටි කියන පුද්ගලයා මමත් දන්නවා. ජයසිරි මහා බෝධින් අබියසට ගොස් මගේ තාත්ත එක්ක නිදහසේ වැඳගන්න මට උදව් කලා. මැරෙනතුරු මගේ තාත්ත ඒකට සතුටු උනා.පින්. බර්ටි කියන කෙනා අනුරාධපුරේට විතරක් නෙවියි මුළු ලංකාවටම ලොකු සේවයක් කල දිරිමත් දක්ස පාලකයෙක්. උතුරේ බෝඩරය කොටින් ගෙන් මිදුනේ ඔහුගේ වැඩ නිසයි.නැතිනම් මැදවච්චියත් කිලිනොච්චියක් වෙන්ට තිබුන. අඩු පාඩු කම් නැති කෙනෙක් ලෝකේ නැහැ. දේසපාලන මනාප ක්‍රමයේ දුර්දාන්ත ප්‍රතිපලයක් ලෙස මෙතුමා රටට අකාලයේ නැතිවීම කනගාටුවට කරුණක්. 59 කියන්නේ වයසක් නෙවෙයි. මතු උපන් අත්බවෙක අකල් මරණයන්ටගොදුරු නොවේවා.මතු පතනා බෝධියකින් බුදුන් දැක නිවන් දකින්නට හේතු වේවා කියා පතමි. (දී)
ශාලික, අදුරේ ජීවත් උන අහිංසක මිනිසුන්ට සූර්ය කෝෂ ලාම්පුවක් දුන්නේ මේ මනුස්සයා. දහස් ගානක් ඉස්කෝලවලට පුස්තකාල දුන්නේ මේ මනුස්සයා. කොටි එක්ක බය නැතුව උන්ගේ සීමාවට ගියේ මේ මනුස්සයා. වැව් ඉව්රේ නියර දිගේ ඇවිදින්න පුළුවන් මහා ඇමති මේ මනුස්සයා. හැම පෝයටම උඩමළුවේ බණක් කියෙව්වේ මේ මනුස්සයා. තව මොනාද දැනගන්න ඕනා. බදාදට මහජන දිනේ නිසා අවුරුදු ගානක් බදාදා දවසේ දවල්ට කාල නැහැ. මහා පාරේ ගත්තත් දුරකථනය උත්තර දෙනවා. ඕන ප්‍රශ්නයක් ඒ මොහොතේ විසදනවා.(නදී)
එතුමට සුවබර නින්දක්! (නි)
ගාමිණී -සිරි ආයෙනම් ඔය චාන්ස් එකඔයාට හම්බ වෙන්නේ නැහැ බර්ටි මහත්තයට නිවන්සුව (දී)
අඩු පාඩු සහ වෙනත් දේවල් තිබුනත් අනුරාධ පුර නගරයට කල සේවාවන් අනගි බවනියි ඔබට නිවන් සුව. (දී)
ඔබට නිවන් සුව අත් වේවා! (නි)
ඔබ කල සේවාවන් විශිෂ්ටයි ඔබට නිවන් සුව.(දී)
කුමක් ජය ගත්තද මරණය ජයගත නොහැක (නි)
රජරට දුක්විදින ජනතාව මෙතුමාට චරිත සහතිකේ දුන්නේ ජීවත්වෙලා ඉන්න විට. ඒ නිසා මම කට වහගන්නම්.(නදී)
රටට කරපු සේවය සහ යන ලෝකයට ගෙනියන දෙය කුමක්ද යන්න අපට කියන්න (නි)
"උපන්නොත් යම් කෙනෙක් මෙලොවේ - මරණයත් කොටා ඇත නළලේ " මිය ගියාට පසු ඕනෙම කෙනෙක්ගේ හොඳ මිසක් නරක කියන පුරුද්දක් අපේ අතර නැහැනේ?එතුමාට නිවන් සුව පතමු!(නදී)
.ඔබට නිවන් සුව.(නදී)
දැන් ඉන්න නායකයෝ වගේ බර්ටිත් හිතුවේ නැහැ මැරෙයි කියලා.ඔබට නිවන් සුව, (නි)
මෙතුමා යන්නේ දිව්‍යය ලෝකයටද? ඔබේ අදහස් දක්වන්න (නි)
නිවන් සුව අත්වේවා! අලුත් අය රඟන්නේ බර්ටිලා අමාරුවෙන් ගුටි කාගෙන හදපු වේදිකා වල තමයි. (නි)
මොනවා වුණත් ඔබ ධෛර්යවන්තයෙක්.ඔබට නිවන් සුව අත්වේවා! (නි)
මැරුණ අයට අගෞරව කරන එක හොද නැහැ. (නි)
ඔබට නිවන් සුව අත් වේවා!! (නි)
මිනිස්සු මොනදේ කිව්වත් ඔබතුමා අති උතුම් යහපත් මහා ඇමති කෙනක්. ඔබ අපට කල සේවය ගොඩක් වටිනවා. තමන්ගේ අම්මට තාත්තටත් මිනිස්සු බනිනවා. ඒවා පහත් වැඩ. ඔබතුමාට අජරාමර නිවන්සුවම අත්වේවා.(නදී)
බලවත් ශෝකය පල කරන අතර 94 ඡන්දෙදි ඔබගේ කැපවීම අගය කොට සළකමු.පසුකාලීනව ඔහුගේ හැසිරීම මම අනුමත නොකරමි.නිවන් සුව අත්වේවා (නි)
හුඟක් දෙනෙක් දැන් බර්ටිගේ හොඳ දකින්නේ ඔහු මැරුන නිසා වෙන්න ඕනෑ. අපි මොනවා ප්‍රාර්ථනා කළත්, ඔහු යන්නේ කොහෙටද කියලා ජීවත්ව ඉදිද්දීම ඔහු කළ කී දෑ වලින් තීරණය වෙලා ඉවරයි. (නි)
දිරිමත් කෙනෙක්. ඔබට නිවන් සුව පතමු (නි)
එයා කළ දේ අනුව යන දිහාවක යයි.අපිවත් බොරුවට තිත තියන්න උත්සාහ කරමු. (නි)
ගරු මහා ඇමතිතුමනි, ඔබට නිවන්සුව පතමි (නි)
අනුරාධපුර අපේ රජාණනි, යලිත් අප අතරේම ඉපදෙන්න. ඔබය අපට හැමදාමත් රාජා. ඔබට නිවන් සුව! (නි)
රජකම් කළත් කළකම් පලදෙයි. හැමදාම මහ ඇමතිට මෙහෙම අකාලයේ මැරෙන්න වෙයි කියලා හිතෙන්න නැතුව ඇති. (නි)
නිවන් සුව අත්වේවා ! (නි)
අපේ රජාණෙනි, ඔබට නිවන් සුව! (නි)
සාමදානයේ සැනසිල්ල ලැබේවා! (නි)
මිනිස්සු වෙනුවෙන් ජීවත් වූ නිහතමානී මිනිසෙක්. ඔබට නිවන් සුව (නි)
අගේ ගරු හිටපු මහා ඇමතිතුමාට නිවන් සුවය පතමු. (නි)
සමාදානයේ සැතපේවා . සර්ව බලදාරි අල්ලාහ් දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා!(නදී)
මැරුනා නෙමෙයි එතුමව සමහරු එකතුවෙලා මරාගත්තා (නි)
රජවරු දැන් නැහැ ලංකාවේ (නි)
ඇමතිකම නොලැබුන දුකත් එතුමට තියෙන්න ඇති (නි)
මුලදී තිබුන ජනතා ආකර්ෂණය අවසන් කාලයෙදී නැත්තට නැතිවුණා. මොහුගේ ජීවිතයෙන් නව පරපුරේ දේශපාලකයන් පාඩමක් ඉගෙන ගනිත්වා (නි)
මැරෙනකල් මහා ඇමති කිවුවේ මෙතුමා නේද? (නි)
මිනිස්සු වෙනුවෙන් ජීවත් වූ නිහතමානී මිනිසෙක්. ඔබට නිවන් සුව (නි)
ඔබට සුවබර නින්දක්! (නි)
ඔබට නිවන් සුව අත් වේවා! ගඟට කපන ඉණි ගඟදිය රැගෙන යති... සැපට වැඩුණු කය පොළොවට දිරා යති... අපට නොවේ බඹුටත් මරු ළඟාවෙති.... පිනට දුන්නු දේ පමණක් ඉතුරු වෙති.... මලේ සුවඳ නැතිවෙයි පෙති හැලුණාම... ගතේ රුසිරු නැතිවෙයි රැලි වැටුණාම.... ගඟේ මහිම නැතිවෙයි දිය සිඳුණාම.... දුන්දේ සුවඳ පවතී ලොව හැමදාම.... (නි)
උතුරු මැද වෙනස් කළ මහා ඇමති.... අඩුපාඩු ,ගැහිලි තියෙන්න ඇති. ඒත් අනිත් අයට වඩා වැඩක් කළා. නිවන් සුව ලැබේවා! (නි)
අපෝ අර ඒ කාලෙ යූඑම්පි අයගෙ තිබුණු උද්දච්චකම නැති කරපු එකම කොච්චර ලොකු දෙයක්ද! (නි)
නිවන් සුව! (නි)
එහෙදි දොස්තර ජෝහ්න්පුල්ලේ ව මුණ ගෙහුනොත් තමයි ප්‍රශ්නේ. (දී)
ඔබට නිවන් සුව
අනුරපුරේ හිටිය එකම නායකයා ඔබයි.බහුතරයකට ඔබේ වටිනාකම දැනෙන්නේ ඉදිරියේදීයි. ඔබට නිවන් සුව! (නි)
ඔබතුමා කරන ලද සේවය අගය කරමි. සුනාමි ව්‍යයසනයෙන් අසරණ වුණ මිනිසුන්ට ඔබතුමා සේවය කරන ලදී. අප රටට සේවය කළ ඔබට මවිසින් කරන ලද පින් අත් වේවා. (නි) චුලා
නිවන් සුව ලැබේවා! (නි)
බර්ටි ප්‍රේමලාල් හොදයි කියන 50-60 විතර මෙතන අදහස් දාලා.හැබැයි වෙනත් අදහසක් කියන්න තිබෙන ලක්ෂ ගණනක් මොනවත් නොකියා නොලියා ඉන්න බවත් මතක තියාගන්න. (නි)
අපරාදේ මේ පාරත් මහා ඇමතිකම දුන්නා නම් මැරෙනකම්ම මහා ඇමතිකමේ ඉන්න එතුමාගේ ලොකු ආසාවක් තිබුනා. (නි)
මට දොස්තර ජෝහ්න්පුල්ලේ මතක් වෙනවා (දී)
නැවත අප අතරම ඉපදේවා කියලා කියමුද? (නි)
නිවන් සුව ! (අ)
මෙතුමාට නිවන් සුව. (අ)
ඔබට නිවන් සුව පතමි.නොසේලුන හිතක් තිබූ මිනිසෙක්. (අ)
ඔබතුම පහුගිය කලේ බොහොම හිත් අමාරුවෙන් ඉන්න ඇති..ඔබට නිවන් සුව ලැබේව. (අ)
මොනදේ වුනත් අනුරාධපුරය ගැන රටටම යන්න එක හේතුවක් තමයි නැතිවුනේ (අ)