කොළඹ රාජකීය විදුහල සහ මහනුවර ත‍්‍රිත්ව විදුහල අතර 69 වැනි ‘බ‍්‍රැඞ්බි පලිහ’ වාර්ෂික රග්බි තරගයේ දෙවැනි අදියර තරගය හෙට (15) රාජකීය විදුහල් රග්බි පිටියේදී පැවැත්වේ.
මහනුවරදී පැවැති පළමු අදියර තරගයෙන් ත‍්‍රිත්ව විදුහල ලකුණු 37-25 ක් ලෙස ජය ලබමින් ලකුණු 12 ක් ඉදිරියෙන් සිටියි. අදියර දෙකේම ලකුණු එකතුව අනුව ශූරතාව හිමිවේ.
මෙම තරගයේ විනිසුරු ලෙස ශ‍්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ටතම රග්බි විනිසුරුවකු ලෙස පිළිගැනෙන අන්තර්ජාතික රග්බි විනිසුරු ඩිල්රෝයි ප‍්‍රනාන්දු මහතා කටයුතු කිරීමට නියමිතය. ඒ මහතා මේ තරගයෙන් පසුව සිය වසර 22 ක රග්බි විනිසුරු දිවියෙන් සමුගැනීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd