කොළඹ - බදුල්ල ප්‍රධාන මාර්ගයේ හපුතලේ බෙරගල අතර ඉහළ කන්දෙන් ගල් පෙරලීමේ අවදානමක් ඇති බැවින් එම මඟ දෙපස පදිංචි පුද්ගලයින් 200 දෙනකු පමණ හල්දුම්මුල්ල දෙමළ මහා විදුහලට යැවූ බව බදුල්ල ආපදා කරණ මධ්‍යස්ථානය කියයි.
ප්‍රදේශය පුරා දැඩි මීදුමක් ද පවතින බැවින් වාහන ධාවනයේදී සුපුරීක්ෂාකාරී වන ලෙස ඉල්ල සිටින අතර රාත්‍රී කාලයේ වාහන ධාවනයෙන් වැලකී සිටින ලෙස රියැදුරන්ගෙන් ඉල්ලා සිටියි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරි වැඩේ තමයි.(හේ)
අනේ ලංකාව වෙන්න යන හරියක්.(හේ)
අපි නිවාඩුවට ගෙදර යන්නේ මේ පාරෙන්,ගොඩක් වෙලාවට රෑවෙලා.දැන් යන්න වෙන්නේ කොයි වෙලාවේ මැරෙයිද කියලා බයෙන් තමයි. එහෙම වුණොත් ගෙදර මිනිස්සු......? (නි)
අය වැය බේගල් වලට ගල් පැලෙනවා වගේ.(හේ)
සොබාදහමත් කැළඹිලා.මිනිසුන්ගේ කෘරකම් හමුවේ සොබාදහම අසරණ වෙද්දී ඒ තුලින් ලබන පලවිපාක හමුවේ දහාදුක් විදින්නෙත් මිනිසාම තමයි.(හේ)
ඕනිම වේලාවක ගල් පෙරලිය හැකි,නාය යා හැකි ඉතාමත් අවදානමි මාර්ගයක් තමයි බෙරගල, ඒවැනි අවධානමි වැලක්වීමට විකල්ප පියවර ඉතාමත් ඉක්මනින් නොගතහොත් තවත් අවාසනාවන්ත පුවත් අපට අසන්නට නොලැබේ යැයි සිතිය නොහැක.(හේ)
අපේ කාටත් කරදරයක් නොවේවා.(හේ)
මේ පිළිබදවත් අවදානය යොමු කරන්න.දෙයක් වෙන්න කලින්.(හේ)
කරදරයක් සිදුනොවේවා යනු මගේ පැතුමයි (නි)
අනේ දෙවියනේ! නැවතත් මීරියගල්ල අනතුර වගේ නම් කරදරයක් නොවේවා! (නි)
කිසිම කරදරයක් නොවේවා! (නි)
බෙරගල හන්දිය (හල්දුම්මුල්ල ) අවට මිනිසුන් ඉහළින් ඇති ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානයට යන්නේ කන්ද නගිමින්.මෙම කන්ද නායගියොත් දුම්රිය ස්ථානයත් අවදානමට පත්වේවි. (නි)
බෙරගල නාය යන්නට ඉඩ ඇති බව මගේ සාමාන්‍ය දැනුම අනුව මම 1981 දී සිටම ප්‍රකාශ කළෙමි. මා විශේෂඥයෙකු හෝ සාස්තරකාරයෙකු නොවූවත්, එය එසේ සිදුවනු ඇත! (නි)