IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


බ්‍රිග්‍රේඩියර් /මේජර්ලා මැරයෝ වෙති

ටිපර් රථයක් සිය මෝටර් රථයේ වැදුණේයැයි කියන සිද්ධියකින් පසු  විශ්‍රාමික බි‍්‍රගේඩියර්වරයකු  පහරදුන්නේ යැයි ටිපර් රථ  රියදුරෙක් හා ඔහු බේරාගැනීමට පැමිණ පහර කෑමට ලක්වූ එම  ලිපිකරුවෙක් හෝමාගම පොලිසියට පැමිණීලි කළහ.

පොලිසිය බලා සිටියදීම කළ මෙම පහරදීම තම ජංගම දුරකතනවලින් වීඩියෝ කළ අයටද බි‍්‍රගේඩියර් හා ඔහු සමග සිටි මේජර්වරුන් දෙදෙනෙකු පහරදුන් බවද පහරකෑමට ලක්වූ රියදුරා පවසයි.

 වැලිපිල්ලෑවේ පෞද්ගලික ආයතන රියදුරකු වන පාදුක්කේ ගුණවර්ධන ලියනගේ ප‍්‍රියන්ත හා  හා ඔහු සේවය කළ ආයතනයේ ලිපිකරු  මොරගහහේනේ  නාවලගේ ශාන්ත කුමාර මහතා මේ ප්‍රහාරයට ලක් වුහ.

බි‍්‍රගේඩියර්වරයා හා ගත් මේජර්වරුන් දෙදෙනා  පහරදුන් බවත්, පසුව පනාගොඩ කඳවුරට දුරකථනයෙන් අමතා තවත් නිල ඇඳුම් ඇඳගත් නිලධාරීන් දෙදෙනෙක් හා සිවිල් ඇඳුමෙන් සිටි කිහිප දෙනෙක්ද ගෙන්වා ඔවුන් ද පහරදුන් බව පහර දුන් බව ඔවුහු කියති. අනතුරෙන් මෝටර් රථයට එතරම් හානියක් සිදුව නැති බව පොලිසිය කියයි. කට උත්තර ලබාගැනිමෙන් අනතුරුව පොලීසිය වාහනය මුදා හළේය.

ලිපිකරු මෙසේ කියයි

අපේ රියදුරු ප‍්‍රියන්ත කතා කරලා කිව්වා ටිපර් එක හමුදාවේ මහත්තයෙක්ගේ වාහනයේ යම්තමට ගෑවුණු බව .දැන් එයාලා තමන්ට ගහනවා කියලා කිව්වා. මම වහාම එතනට ආවා. ඒ එනකොට අපේ රියදුරුට හොඳටම පහරදීලා තිබුණා. මම ආවම මගෙන් ඇහුවා උඹට තියෙන අමාරුව මොකක්ද කියලා. මට උත්තර දෙන්න ඉඩ නොදී හමුදා නිලධාරින් මා පැත්තකට අරන් ගිහින් වාහනයේ ඔළුව හප්පා හොඳටම ගැහුවා. පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීනුත් එතන හිටියා. එයාලා වීඩියෝ කර කර හිටියා මිසක් කිසිවක් කළේ නැහැ. අපට ගහලා තියෙද්දිත් කට උත්තර අරන් හමුදාවේ අය යැව්වා. අපිට රෝහල් ගත වෙන්න කියලා තුණ්ඩුවක් දුන්නා. එතන හිටපු සමහරුන් මේක වීඩියෝ කළාම ඒ ජංගම දුරකතනයත් උඳුරාගත්තා.එයාලත් පොලිසියට පැමිණිලි කළා.

හෝමාගම සහකාර පොලිස් අධිකාරී බැසිල් ක‍්‍රිෂාන්ත මහතා කීවේ එවැනි පහරදීමක් ගැන පැමිණිල්ලක් ලැබී  ඇති බවයි ‘ අපි ඒ ගැන පරීක්ෂණ කරනවා‘.

 

 



අදහස් (0)

බ්‍රිග්‍රේඩියර් /මේජර්ලා මැරයෝ වෙති

සෝමා Friday, 05 December 2014 03:51 PM

මේ ඔක්කොම අපිට (දී)

:       0       0

ඩිල්ශාන් Saturday, 06 December 2014 04:28 AM

ටිපර් රියැදුර පරෙස්සමෙන් වාහන ගෙනියන්න ඕකෙන් පුරුදු වෙයි. හමුදාවට දොස් කියන එවුන්ට බැරිද පනාගොඩ කඳවුර ලඟට ගිහින් දොස් කියන්න? ඔය වගේ රියදුරන්ට ගහන්නම තමයි ඕන. (ස)

:       0       0

මොහොමඩ් Friday, 05 December 2014 04:09 PM

ආනන්දගේ කතාව ඇත්ත (දී)

:       0       0

ගාමින්ද Friday, 05 December 2014 04:16 PM

අයියෝ සල්ලි (දී)

:       0       0

මිලින්ද Friday, 05 December 2014 04:20 PM

ලංකාවටම ලැජ්ජාවක් (දී)

:       0       0

සංජය Saturday, 06 December 2014 05:02 AM

ඔය ටිපර් කාරයෝ වාහන එලවන්නේ පොඩි වාහන සත පහකට මාඉම් නොකර (ම)

:       0       0

සමන් රත්නායක Friday, 05 December 2014 10:41 AM

හමුදාවේ ඉන්නා මේ වගේ සීමිත අතලොස්සක් දෙනා නිසා තමයි, ඔය උතුරේ මානව හිමිකම් කඩවීම ගැන චෝදනාත් එල්ල වෙලා තියෙන්නේ. දැන් ඔය පහුගිය කාලේ වැලිවේරිය රතුපස්වල ජනතාව බොන්න වතුර ඉල්ලද්දී හමුදාවේ පිරිසක් ගිහින් ඔවුන්ට වෙඩි තිබ්බා. අපි දැක්කා එහිදී ලංකාදීප මාධ්‍යවේදිනියකටද ඇතුළු මාධ්‍යවේදීන්ට හමුදාවේ පිරිසක් අමානුෂිකව පහර දෙන අයුරු. ඒ කණ්ඩායමටද අද වෙනකන් කිසිම දඩුවමක් නෑ. යුද්දේ මෙහෙය වූ හමුදාපති වන සරත් ෆොන්සේකා ජෙනරාල් වරයාත් යම් යම් චෝදනා මත සිරගත වුවා නම්, අනිකුත් නිලධාරීන්ට එල්ල වෙන චෝදනා විභාග නොකර ඉන්න හේතුවක් නැහැනේ. කරුණාකර මෙහි වීඩියෝ ඇත්තම් ඒවාද ප්‍රසිද්ධ කර, අදාල නිලධාරීන් හමුදාවෙන් නෙරපා දඩුවම් ලබා දී හමුදාව සුද්ධ ප්‍රවිත්‍ර කරන්න. නැතිනම් මේක හමුදාවට මහා කළු පැල්ලමක්.මේ ආයතන නඩත්තු වෙන්නේ සිවිල් ජනයාගේ බදු මුදලින් නිසා අපටත් මේ ගැන සොයා බැලීමේ අයිතියක් තිබෙනවා. (බ)

:       0       0

රනා Friday, 05 December 2014 10:41 AM

කොහොමත් හමුදාවේ දැන් ඉන්නේ ඔය වගේ තුට්ටු දෙකේ අය තමයි (බ)

:       0       0

උපාලි Friday, 05 December 2014 07:05 PM

මම මෙයින් ගත් ආදර්ශය මෙයයි. ලොක්කෙක් නම් පොඩ්ඩන් තැලීමට නීතිය අතට ගැනීමට පුළුවන. විශ්‍රාමිකවීමද ඊට බාධාවක් නොවේ. (නි)

:       0       0

පෙරේරා Saturday, 06 December 2014 07:03 AM

ඔන්න ඕකයි අද රටේ තත්ත්වේ. (හේ)

:       0       0

නන්දන පනාගොඩ මිලානෝ Friday, 05 December 2014 10:49 AM

රණවිරුවන්ගෙන් සමාජයට වන හානිය සමාජ විද්‍යා විශ්ලේෂකයන් දැන්වත් ගවේෂණය කරන්න පටන් ගත යුතුයි.(හේ)

:       0       0

නුවන් Friday, 05 December 2014 07:30 PM

හොඳ වැඩේ ටිපර් රියදුරාට.මම හිටියා නම් හොඳට සළකනවා. පාරේ යන්නේ එයාලගේ අම්මලාගේ අප්පලාගේ බූදලයක් වගේ.පොඩි වාහන ගණන් ගන්නෙම නැහැ. (නි)

:       0       0

ආනන්ද Friday, 05 December 2014 11:19 AM

කටුස්සන්ගේ කරේ රත්තරන් බැන්දෙත් අපිම තමයි.(දිල්)

:       0       0

ලසන්ත Friday, 05 December 2014 11:41 AM

මේ හැම දෙකටම කවූද වගකියන්නේ.? විනය පිරිහීමට හේතුව සධාචාරයෙන්, ආගම ධර්මෙන්, ඈත්වීම විනාසය කරා ගමන් කරයි. (ර)

:       0       0

අශාන් Friday, 05 December 2014 11:56 AM

මම උදේ ආවේ ඔය අනතුර උන තැනින්. මම දැක්කා ඔය අනතුර හමුදාවේ අයට මම හිතින් බැණ බැණ ආවේ. පොලිස් කට්ටිය නිකන් බලා ගෙන හිටියා. කතාව ඇත්ත. මෙය ලොකු අනතුරක් නෙවේ. (ර)

:       0       0

රත්න Friday, 05 December 2014 12:09 PM

මේ බ්‍රිග්‍රේඩියර්ට මෙරට යුද හමුදාවේ ශ්‍රේෂ්ඨතම හමුදා විනය උගන්වල නැතිව ඈති. (ර)

:       0       0

ප්‍රසාද් Friday, 05 December 2014 01:26 PM

දෙයි හාමුදුරුවනේ මේක තමයි හැම තැනම වෙන්නේ අසාධාරණය සාදාරන සමාජයක් ඕනේ කියන්නේ එකයි ලොව දියුණු කිසිම රටක හමුදාව පොලිසිය මේවගේ හැසිරෙන්නේ නැහැ. (ස)

:       0       0

සෙන්දනායක Friday, 05 December 2014 01:50 PM

ගුටි කෑ රියදුරාට සාධාරණයක් ඉටුවේද? (නි)

:       0       0

ඇන්තනි Friday, 05 December 2014 02:02 PM

මිනිස්සු හැමදාම කියන්නේ ඕක තමයි (දී)

:       0       0

ඉන්දික Saturday, 06 December 2014 02:01 AM

සමහර ටිපර් රියදුරෝ තිරිසන්නු වගේ.අහිංසක ජීවිත සියදහස් ගානක් මේ වනවිට බිලිගෙන තිබෙනවා.සියදහස් ගානක් ආබාධිතයන් කර තිබෙනවා.රිය ධාවනයේදී කිසි විනයක් නැහැ (නි)

:       0       0

රොකී Saturday, 06 December 2014 02:36 AM

පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමා මේ සිද්ධිය ගැන මොකද කියන්නේ? මෙතනදීත් පොලිස් නිලධාරීන්ට තිබුනේ නැද්ද අම්මා මතක් කරලා බැනලා හරියට රාජකාරිය කරන්න? (නි)

:       0       0

අරවින්ද Friday, 05 December 2014 03:20 PM

අර මහත්තයා දැන් කියයි හමුදාවේ අයට නිවට වෙන්ඩ බෑ කියලා. අනේ කාලේ වනේ වාසේ (නදී)

:       0       0

අකිත Saturday, 06 December 2014 11:11 AM

අද කාලෝ කොල්ලෝ බයයි (නදී)

:       0       0

ප්‍රියන්ත Saturday, 06 December 2014 03:20 AM

ටිපර් රියදුරාගේ වරදක් ඇති. නැත්නම් නිකම්ම හමුදාවේ උදවිය ප්‍රහාර එල්ල කරන්නේ නැහැ. ඔය සිද්ධියේ දෙපැත්තක් තියනවා. මම අත්දැකීමෙන් දන්නවා ටිපර් රියදුරන් බොහොම අවිනීතයි.හමුදාවේත් ඉන්නේ අපේම සමාජයේ අය. ඒක නිසා පූර්ව නිගමන වලට එන්න එපා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 703 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 556 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site