ටිපර් රථයක් සිය මෝටර් රථයේ වැදුණේයැයි කියන සිද්ධියකින් පසු විශ්‍රාමික බි‍්‍රගේඩියර්වරයකු පහරදුන්නේ යැයි ටිපර් රථ රියදුරෙක් හා ඔහු බේරාගැනීමට පැමිණ පහර කෑමට ලක්වූ එම ලිපිකරුවෙක් හෝමාගම පොලිසියට පැමිණීලි කළහ.
පොලිසිය බලා සිටියදීම කළ මෙම පහරදීම තම ජංගම දුරකතනවලින් වීඩියෝ කළ අයටද බි‍්‍රගේඩියර් හා ඔහු සමග සිටි මේජර්වරුන් දෙදෙනෙකු පහරදුන් බවද පහරකෑමට ලක්වූ රියදුරා පවසයි.
වැලිපිල්ලෑවේ පෞද්ගලික ආයතන රියදුරකු වන පාදුක්කේ ගුණවර්ධන ලියනගේ ප‍්‍රියන්ත හා හා ඔහු සේවය කළ ආයතනයේ ලිපිකරු මොරගහහේනේ නාවලගේ ශාන්ත කුමාර මහතා මේ ප්‍රහාරයට ලක් වුහ.
බි‍්‍රගේඩියර්වරයා හා ගත් මේජර්වරුන් දෙදෙනා පහරදුන් බවත්, පසුව පනාගොඩ කඳවුරට දුරකථනයෙන් අමතා තවත් නිල ඇඳුම් ඇඳගත් නිලධාරීන් දෙදෙනෙක් හා සිවිල් ඇඳුමෙන් සිටි කිහිප දෙනෙක්ද ගෙන්වා ඔවුන් ද පහරදුන් බව පහර දුන් බව ඔවුහු කියති. අනතුරෙන් මෝටර් රථයට එතරම් හානියක් සිදුව නැති බව පොලිසිය කියයි. කට උත්තර ලබාගැනිමෙන් අනතුරුව පොලීසිය වාහනය මුදා හළේය.
ලිපිකරු මෙසේ කියයි
අපේ රියදුරු ප‍්‍රියන්ත කතා කරලා කිව්වා ටිපර් එක හමුදාවේ මහත්තයෙක්ගේ වාහනයේ යම්තමට ගෑවුණු බව .දැන් එයාලා තමන්ට ගහනවා කියලා කිව්වා. මම වහාම එතනට ආවා. ඒ එනකොට අපේ රියදුරුට හොඳටම පහරදීලා තිබුණා. මම ආවම මගෙන් ඇහුවා උඹට තියෙන අමාරුව මොකක්ද කියලා. මට උත්තර දෙන්න ඉඩ නොදී හමුදා නිලධාරින් මා පැත්තකට අරන් ගිහින් වාහනයේ ඔළුව හප්පා හොඳටම ගැහුවා. පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීනුත් එතන හිටියා. එයාලා වීඩියෝ කර කර හිටියා මිසක් කිසිවක් කළේ නැහැ. අපට ගහලා තියෙද්දිත් කට උත්තර අරන් හමුදාවේ අය යැව්වා. අපිට රෝහල් ගත වෙන්න කියලා තුණ්ඩුවක් දුන්නා. එතන හිටපු සමහරුන් මේක වීඩියෝ කළාම ඒ ජංගම දුරකතනයත් උඳුරාගත්තා.එයාලත් පොලිසියට පැමිණිලි කළා.
හෝමාගම සහකාර පොලිස් අධිකාරී බැසිල් ක‍්‍රිෂාන්ත මහතා කීවේ එවැනි පහරදීමක් ගැන පැමිණිල්ලක් ලැබී ඇති බවයි ‘ අපි ඒ ගැන පරීක්ෂණ කරනවා‘.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ඔක්කොම අපිට (දී)
ටිපර් රියැදුර පරෙස්සමෙන් වාහන ගෙනියන්න ඕකෙන් පුරුදු වෙයි. හමුදාවට දොස් කියන එවුන්ට බැරිද පනාගොඩ කඳවුර ලඟට ගිහින් දොස් කියන්න? ඔය වගේ රියදුරන්ට ගහන්නම තමයි ඕන. (ස)
ආනන්දගේ කතාව ඇත්ත (දී)
අයියෝ සල්ලි (දී)
ලංකාවටම ලැජ්ජාවක් (දී)
ඔය ටිපර් කාරයෝ වාහන එලවන්නේ පොඩි වාහන සත පහකට මාඉම් නොකර (ම)
හමුදාවේ ඉන්නා මේ වගේ සීමිත අතලොස්සක් දෙනා නිසා තමයි, ඔය උතුරේ මානව හිමිකම් කඩවීම ගැන චෝදනාත් එල්ල වෙලා තියෙන්නේ. දැන් ඔය පහුගිය කාලේ වැලිවේරිය රතුපස්වල ජනතාව බොන්න වතුර ඉල්ලද්දී හමුදාවේ පිරිසක් ගිහින් ඔවුන්ට වෙඩි තිබ්බා. අපි දැක්කා එහිදී ලංකාදීප මාධ්‍යවේදිනියකටද ඇතුළු මාධ්‍යවේදීන්ට හමුදාවේ පිරිසක් අමානුෂිකව පහර දෙන අයුරු. ඒ කණ්ඩායමටද අද වෙනකන් කිසිම දඩුවමක් නෑ. යුද්දේ මෙහෙය වූ හමුදාපති වන සරත් ෆොන්සේකා ජෙනරාල් වරයාත් යම් යම් චෝදනා මත සිරගත වුවා නම්, අනිකුත් නිලධාරීන්ට එල්ල වෙන චෝදනා විභාග නොකර ඉන්න හේතුවක් නැහැනේ. කරුණාකර මෙහි වීඩියෝ ඇත්තම් ඒවාද ප්‍රසිද්ධ කර, අදාල නිලධාරීන් හමුදාවෙන් නෙරපා දඩුවම් ලබා දී හමුදාව සුද්ධ ප්‍රවිත්‍ර කරන්න. නැතිනම් මේක හමුදාවට මහා කළු පැල්ලමක්.මේ ආයතන නඩත්තු වෙන්නේ සිවිල් ජනයාගේ බදු මුදලින් නිසා අපටත් මේ ගැන සොයා බැලීමේ අයිතියක් තිබෙනවා. (බ)
කොහොමත් හමුදාවේ දැන් ඉන්නේ ඔය වගේ තුට්ටු දෙකේ අය තමයි (බ)
මම මෙයින් ගත් ආදර්ශය මෙයයි. ලොක්කෙක් නම් පොඩ්ඩන් තැලීමට නීතිය අතට ගැනීමට පුළුවන. විශ්‍රාමිකවීමද ඊට බාධාවක් නොවේ. (නි)
ඔන්න ඕකයි අද රටේ තත්ත්වේ. (හේ)
රණවිරුවන්ගෙන් සමාජයට වන හානිය සමාජ විද්‍යා විශ්ලේෂකයන් දැන්වත් ගවේෂණය කරන්න පටන් ගත යුතුයි.(හේ)
හොඳ වැඩේ ටිපර් රියදුරාට.මම හිටියා නම් හොඳට සළකනවා. පාරේ යන්නේ එයාලගේ අම්මලාගේ අප්පලාගේ බූදලයක් වගේ.පොඩි වාහන ගණන් ගන්නෙම නැහැ. (නි)
කටුස්සන්ගේ කරේ රත්තරන් බැන්දෙත් අපිම තමයි.(දිල්)
මේ හැම දෙකටම කවූද වගකියන්නේ.? විනය පිරිහීමට හේතුව සධාචාරයෙන්, ආගම ධර්මෙන්, ඈත්වීම විනාසය කරා ගමන් කරයි. (ර)
මම උදේ ආවේ ඔය අනතුර උන තැනින්. මම දැක්කා ඔය අනතුර හමුදාවේ අයට මම හිතින් බැණ බැණ ආවේ. පොලිස් කට්ටිය නිකන් බලා ගෙන හිටියා. කතාව ඇත්ත. මෙය ලොකු අනතුරක් නෙවේ. (ර)
මේ බ්‍රිග්‍රේඩියර්ට මෙරට යුද හමුදාවේ ශ්‍රේෂ්ඨතම හමුදා විනය උගන්වල නැතිව ඈති. (ර)
දෙයි හාමුදුරුවනේ මේක තමයි හැම තැනම වෙන්නේ අසාධාරණය සාදාරන සමාජයක් ඕනේ කියන්නේ එකයි ලොව දියුණු කිසිම රටක හමුදාව පොලිසිය මේවගේ හැසිරෙන්නේ නැහැ. (ස)
ගුටි කෑ රියදුරාට සාධාරණයක් ඉටුවේද? (නි)
මිනිස්සු හැමදාම කියන්නේ ඕක තමයි (දී)
සමහර ටිපර් රියදුරෝ තිරිසන්නු වගේ.අහිංසක ජීවිත සියදහස් ගානක් මේ වනවිට බිලිගෙන තිබෙනවා.සියදහස් ගානක් ආබාධිතයන් කර තිබෙනවා.රිය ධාවනයේදී කිසි විනයක් නැහැ (නි)
පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමා මේ සිද්ධිය ගැන මොකද කියන්නේ? මෙතනදීත් පොලිස් නිලධාරීන්ට තිබුනේ නැද්ද අම්මා මතක් කරලා බැනලා හරියට රාජකාරිය කරන්න? (නි)
අර මහත්තයා දැන් කියයි හමුදාවේ අයට නිවට වෙන්ඩ බෑ කියලා. අනේ කාලේ වනේ වාසේ (නදී)
අද කාලෝ කොල්ලෝ බයයි (නදී)
ටිපර් රියදුරාගේ වරදක් ඇති. නැත්නම් නිකම්ම හමුදාවේ උදවිය ප්‍රහාර එල්ල කරන්නේ නැහැ. ඔය සිද්ධියේ දෙපැත්තක් තියනවා. මම අත්දැකීමෙන් දන්නවා ටිපර් රියදුරන් බොහොම අවිනීතයි.හමුදාවේත් ඉන්නේ අපේම සමාජයේ අය. ඒක නිසා පූර්ව නිගමන වලට එන්න එපා (නි)