වැලිවේරිය, රතුපස්වල කම්හලකින් වතුර අපවිත්‍ර වෙතියි කළ උද්ඝෝෂණයට වෙඩි තැබීමෙන් තරුණයන් තිදෙනකු මිය ගොස් තවත් පිරිසක් තුවාල ලැබීමේ සිද්ධියට වගකිව යුතු බව කියන බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධන තුර්කියේ සිට අද (15) කටුනායකින් දිවයිනට පැමිණි නමුත් වැලිවේරිය ජනතාව මග හැර ඔහු වෙනත් මගකින් පිටවී ගිය බව ගුවන්තොටුපළ ආරංචි කියයි.
වෙඩි තැබීමට අණ දුන් පුද්ගලයා ලෙස ඔහු අත් අඩංගුවට ගන්නැයි කියමින් හිමි නමක් එහි උපවාසයක්ද ඇරඹීය.
රතුපස්වල සිද්ධියෙන් පසු බ්‍රිගේඩියර් ගුණවර්ධන ගිය රජයෙන් තුර්කියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ රාජ්‍ය තාන්ත්‍රික පත්වීමක් සඳහා යැවීය.
එම කාලය අවසන් වීමෙන් පසු අද ඔහු පැමිණියේය.
සමාජය සුබ සානද නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතා උපවාස කළ තෙරිපැහැ සිරිධම්ම හිමියන්ට දුරකතන ඇමතුමක් ගෙන කීවේ තමා මේ ගැන පොලිස්පති සමඟ සාකච්ඡා කළ බවයි. ඒ සම්බම්ධයෙන් හැකි ඉක්මනින් නීතිය ක්‍රියාත්මක කරන බවට පොලිස්පති පොරොන්දු වූ බව ඇමැතිවරයා දැන්වීය. තමා පෞද්ගලිකවම ද මේ ගැන සොයා බලන බව ඇමැති කීවේය.
ඒ අනුව තෙරිපැහැ සිරිධම්ම හිමියෝ සිය සත්‍යග්‍රහය අවසන් කළහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමද අප්පේ මෙහෙම වුණේ? (නි)
අනේ අනේ මෙහෙමත් වැඩ! (නි)
ලංකාව නීතියක් තිබෙන රටක් කියලා දැන්වත් ලෝකෙට කියන්න පුළුවන් වෙන්න වැඩකරනවා නම් හොඳයි (නි)
ස්වභාව ධර්මයේ දඬුවමින් කවදාහරි දුක්විඳින්න වෙන එක නම් නවත්වන්න කාටවත් බැරිවෙයි (නි)
අද ගියාට හැමදාම මෙහෙම යන්න බැහැනේ (නි)
බ්‍රිගේඩියර්ටත් අණදීපු තව කවුරුහරි ලොක්කෙක් ඇතිනේ එයා ගැන කවුරුත් කතා කරන්නේ නැහැනේ. (බ)
මිනි මැරීමට දඩුවම පිට රටක තානාපති කමක් අපරාධය සහ දඩුවම (බ)
බ්‍රිගේඩියර්ට අණදීපු කෙනෙක් නැද්ද? (නි)
ඔක්කොම වැඩ පස්ස දොරෙන්! (ම)
පස්සේ දොරින් ගියාට මේවට සම්බන්ද හැමෝටම ස්වභාවධර්මයේ දඬුවමින් මිදෙන්න නම් බෑ (අ)
සමහර විට යහ පාලන ආණුඩුවෙන් ඇමැති කමක් දෙන්න වෙන්න ඇති මෙයාව ගෙන්නන්න ඇත්තේ.(හේ)
මිනිස්සු තාමත් මෙයාලට මුලා වෙනවනේ (අ)
හමුදාවේ බ්‍රිගේඩියර් කෙනෙක් වෙන්න මේ රට වෙනුවෙන් විශාල සේවයක් කරපු කෙනෙකුට .ඇයි ත්‍රස්තවාදියෙකු ලෙසට සලකන්නේ .ඉහලින් ආපු අනක් නැතිව මෙතුමාට කාටවත් අන දෙන්න බෑ .වෙඩි තියන්න .මහලොකු විප්ලව කාරයෝ ගම්වල මිනිස්සු පාරට බස්සල ඒ අයගේ අරමුණ ඉටුකරගන්නවා .අන්තිමට ඒවාට දැන් ගෙඩියට යවන්න හදන්නේ මේවා මැඩපවත්වන්න යන හමුදා නිලදාරීන් තමා.71/88/89 කැරලි ගහපු මැඩපවත්වපු අයටත් මෙහෙම කලාද ? 700ක් විතර පොලිසියේ මරල දාපු අයට කේපීලට විරුද්ධව එකෙක්වත් එදත් පාරට බැස්සේ නෑ අදත් පාරට බහින් නෑ .අන්තිමට වෙන්නේ හමුදාවට බැඳෙන්න කොල්ලෙක් නැතිවෙන එක විතරයි (බ)
එයා ඔය ආපු තැනට ගියෙත් පස්ස දොරින් නේද? (බ)
වැරදි වලට වරප්‍රසාද ලබපු යුගය ඉවරයි. දැන්වත් වැරදි වලට දඬුවම් ලැබිය යුතුයි. (බ)
මොහුට උපරිම දඩුවම් දෙන්න (බ)
පස්ස දොරින් එලියට යන්නත් කාගේ හරි ලොකු උදවුවක් ඕන නේද, (බ)
අපිටත් දවසක හඳ පායයිනේ (නි)
අනේ අපොයි !! (නි)
පුදුම වැඩනේ මෙහේ බලනකොට තියෙන්නේ (නි)
පවු! අසරණ කොල්ලෝ ටිකක් මැරුන එක විතරයි වුණේ (නි)