IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


බ්‍රිගේඩියර් පස්ස දොරින් එළියට

වැලිවේරිය, රතුපස්වල කම්හලකින් වතුර අපවිත්‍ර වෙතියි කළ උද්ඝෝෂණයට වෙඩි තැබීමෙන් තරුණයන් තිදෙනකු මිය ගොස් තවත් පිරිසක් තුවාල ලැබීමේ සිද්ධියට වගකිව යුතු බව කියන බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධන තුර්කියේ සිට අද (15) කටුනායකින් දිවයිනට පැමිණි නමුත් වැලිවේරිය ජනතාව මග හැර ඔහු වෙනත් මගකින් පිටවී ගිය බව ගුවන්තොටුපළ ආරංචි කියයි.

වෙඩි තැබීමට අණ දුන් පුද්ගලයා ලෙස ඔහු අත් අඩංගුවට ගන්නැයි කියමින් හිමි නමක් එහි උපවාසයක්ද ඇරඹීය.

රතුපස්වල සිද්ධියෙන් පසු බ්‍රිගේඩියර් ගුණවර්ධන ගිය රජයෙන් තුර්කියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ රාජ්‍ය තාන්ත්‍රික පත්වීමක් සඳහා යැවීය.

එම කාලය අවසන් වීමෙන් පසු අද ඔහු පැමිණියේය.

සමාජය සුබ සානද නියෝජ්‍ය  ඇමැති රන්ජන් රාමනායක  මහතා උපවාස කළ තෙරිපැහැ සිරිධම්ම හිමියන්ට දුරකතන ඇමතුමක් ගෙන කීවේ තමා මේ ගැන පොලිස්පති සමඟ සාකච්ඡා කළ බවයි. ඒ සම්බම්ධයෙන් හැකි ඉක්මනින් නීතිය ක්‍රියාත්මක කරන බවට පොලිස්පති පොරොන්දු වූ බව ඇමැතිවරයා දැන්වීය. තමා පෞද්ගලිකවම ද මේ ගැන සොයා බලන බව ඇමැති කීවේය.

ඒ අනුව තෙරිපැහැ සිරිධම්ම හිමියෝ සිය සත්‍යග්‍රහය අවසන් කළහ.

IMG_20150915_095314 IMG_20150915_100413 IMG_20150915_105835

 

 

 

 



අදහස් (0)

බ්‍රිගේඩියර් පස්ස දොරින් එළියට

කරුණාරත්න Tuesday, 15 September 2015 12:22 PM

කොහොමද අප්පේ මෙහෙම වුණේ? (නි)

:       0       0

ඩිලාන් Tuesday, 15 September 2015 12:29 PM

අනේ අනේ මෙහෙමත් වැඩ! (නි)

:       0       0

තිලක්-ඩුබායි Tuesday, 15 September 2015 12:32 PM

ලංකාව නීතියක් තිබෙන රටක් කියලා දැන්වත් ලෝකෙට කියන්න පුළුවන් වෙන්න වැඩකරනවා නම් හොඳයි (නි)

:       0       0

තිලක්-ඩුබායි Tuesday, 15 September 2015 01:34 PM

ස්වභාව ධර්මයේ දඬුවමින් කවදාහරි දුක්විඳින්න වෙන එක නම් නවත්වන්න කාටවත් බැරිවෙයි (නි)

:       0       0

නජිත් Tuesday, 15 September 2015 01:35 PM

අද ගියාට හැමදාම මෙහෙම යන්න බැහැනේ (නි)

:       0       0

රුක්ෂාන් ජයතිලක Wednesday, 16 September 2015 03:46 AM

බ්‍රිගේඩියර්ටත් අණදීපු තව කවුරුහරි ලොක්කෙක් ඇතිනේ එයා ගැන කවුරුත් කතා කරන්නේ නැහැනේ. (බ)

:       0       0

මාගලී ෆොන්සේකා Tuesday, 15 September 2015 08:36 AM

මිනි මැරීමට දඩුවම පිට රටක තානාපති කමක් අපරාධය සහ දඩුවම (බ)

:       0       0

රුක්ෂාන් Wednesday, 16 September 2015 03:46 AM

බ්‍රිගේඩියර්ට අණදීපු කෙනෙක් නැද්ද? (නි)

:       0       0

ධම්ම Tuesday, 15 September 2015 08:51 AM

ඔක්කොම වැඩ පස්ස දොරෙන්! (ම)

:       0       0

ශාන්ත පත්මබන්දු Tuesday, 15 September 2015 08:55 AM

පස්සේ දොරින් ගියාට මේවට සම්බන්ද හැමෝටම ස්වභාවධර්මයේ දඬුවමින් මිදෙන්න නම් බෑ (අ)

:       0       0

ජයලත් Tuesday, 15 September 2015 03:14 PM

සමහර විට යහ පාලන ආණුඩුවෙන් ඇමැති කමක් දෙන්න වෙන්න ඇති මෙයාව ගෙන්නන්න ඇත්තේ.(හේ)

:       0       0

කුරුවිට Tuesday, 15 September 2015 09:01 AM

මිනිස්සු තාමත් මෙයාලට මුලා වෙනවනේ (අ)

:       0       0

ප්‍රියන්ත ගාමිණී Wednesday, 16 September 2015 10:05 AM

හමුදාවේ බ්‍රිගේඩියර් කෙනෙක් වෙන්න මේ රට වෙනුවෙන් විශාල සේවයක් කරපු කෙනෙකුට .ඇයි ත්‍රස්තවාදියෙකු ලෙසට සලකන්නේ .ඉහලින් ආපු අනක් නැතිව මෙතුමාට කාටවත් අන දෙන්න බෑ .වෙඩි තියන්න .මහලොකු විප්ලව කාරයෝ ගම්වල මිනිස්සු පාරට බස්සල ඒ අයගේ අරමුණ ඉටුකරගන්නවා .අන්තිමට ඒවාට දැන් ගෙඩියට යවන්න හදන්නේ මේවා මැඩපවත්වන්න යන හමුදා නිලදාරීන් තමා.71/88/89 කැරලි ගහපු මැඩපවත්වපු අයටත් මෙහෙම කලාද ? 700ක් විතර පොලිසියේ මරල දාපු අයට කේපීලට විරුද්ධව එකෙක්වත් එදත් පාරට බැස්සේ නෑ අදත් පාරට බහින් නෑ .අන්තිමට වෙන්නේ හමුදාවට බැඳෙන්න කොල්ලෙක් නැතිවෙන එක විතරයි (බ)

:       0       0

සාදිස් Tuesday, 15 September 2015 09:36 AM

එයා ඔය ආපු තැනට ගියෙත් පස්ස දොරින් නේද? (බ)

:       0       0

ලුම්බිණි Tuesday, 15 September 2015 10:29 AM

වැරදි වලට වරප්‍රසාද ලබපු යුගය ඉවරයි. දැන්වත් වැරදි වලට දඬුවම් ලැබිය යුතුයි. (බ)

:       0       0

ක්‍රිෂාන් Tuesday, 15 September 2015 10:36 AM

මොහුට උපරිම දඩුවම් දෙන්න (බ)

:       0       0

නිහාල් Tuesday, 15 September 2015 11:00 AM

පස්ස දොරින් එලියට යන්නත් කාගේ හරි ලොකු උදවුවක් ඕන නේද, (බ)

:       0       0

නිලංග Wednesday, 16 September 2015 11:59 AM

අපිටත් දවසක හඳ පායයිනේ (නි)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Tuesday, 15 September 2015 09:00 PM

අනේ අපොයි !! (නි)

:       0       0

තිලක්-ඩුබායි Tuesday, 15 September 2015 12:18 PM

පුදුම වැඩනේ මෙහේ බලනකොට තියෙන්නේ (නි)

:       0       0

තිලක්-ඩුබායි Tuesday, 15 September 2015 12:18 PM

පවු! අසරණ කොල්ලෝ ටිකක් මැරුන එක විතරයි වුණේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 338 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 210 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1003 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site