රතුපස්වල ජල ගැටළුවේදී වැලිවේරිය නගරයේ පැවැති උද්ඝෝෂණයේදී  නිරායුධ ගැමියන්ට වෙඩි තැබීමට අණ දුන් බව කියන  බ්‍රිගේඩියර්  දේශප්‍රිය ගුණවර්ධන මහතා තව සුළු මොහොතකින්  දිවයිනට පැමිනීමට නියමිතය.

යුධ හමුදා වෙඩි තැබීමෙන් පාසැල් සිසුන් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙකු මියගොස් 40 කට වැඩි පිරිසක් තුවාල ලැබුහ.

ජල සටනේදී මාරාන්තික උපවාසයක යෙදුණු තෙරිපැහැ සිරිධම්ම හිමියෝ අද රතුපස්වල ගම්වැසියන් පිරිසක් සමග කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට වැඩම කර ඇති බව වාර්තා වෙයි.

උන්වහන්සේ රජයෙන් ඉල්ලා සිටින්නේ යුධ හමුදා වෙඩි තැබීමෙන් මියගිය සහ තුවාල ලැබු තරුණයින්ට යුක්තිය ඉටු කර දෙන ලෙසයි.

ගුණවර්ධණ සුරිය ආරච්චිගේ දොන් අනුර දේශප්‍රිය මහතා අද කටාර් ගුවන් සේවයට අයත් කිව්.ආර් 664 දරණ ගුවන් යානයෙන් මෙරටට පැමිණීමට නියමිතය.

අද පෙරවරු අටට මෙරටට ළඟාවීමට නියමිතව තිබු යානය මදක් පමා වී  පෙරවරු 10.30 ට මෙරටට පැමිණීමට නියමිතය.

IMG_20150915_091934 IMG_20150915_091939 IMG_20150915_091947

 1