තව සුළු මොහොතකින් දිවයිනට පැමිණෙන බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධන මහතා වහා අත් අඩංගුවට ගන්නා ලෙස රජයට බලකරමින් තෙරිපැහැ සිරිධම්ම හිමියෝ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පරිශ්‍රයෙහි පිහිටි බුදු මැදුර ඉදිරිපිට උපවාසයක් ඇරඹීය.
රතුපස්වල ජල ගැටළුවේදී වැලිවේරියේ ගැමිියන් කළ උද්ඝෝෂනයට යුධ හමුදාව වෙඩි තැබීමෙන් පසු එයට අණ දුන් බව කියන බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධන මහතා තුර්කියේ තානාපති කාර්යාලයේ පත්වීමක් ලැබ මෙරටින් පිටව ගියේය.
2025 දෙසැම්බර් මස 18
338
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
210
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1003
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බ්‍රිගේඩියර් අත් අඩංගුවට ගනු
නිශේන් Tuesday, 15 September 2015 07:13 AM
අපි බලමු මොකද වෙන්නේ කියලා ඊළඟට? (නි)
අතුල Tuesday, 15 September 2015 08:33 AM
අනේ මෙහෙව් රටක්. මිනී මරුවනට ස්ත්‍රී දුෂකයින්ට කම්බා හොරුන්ට තානාපති පට්ටම්, උසස්වීම්, ඇමතිකම්. පාලකයිනි මිනිසුන් ගොනාට ඇන්දවීමේ මේ ලලිත කලාව නවත්වන්නේ කවදද? (බ)
බිංදු Tuesday, 15 September 2015 08:46 AM
වෛරයෙන් වෛරය නොසන්සිඳේ. (බ)
සුරේෂ් Tuesday, 15 September 2015 10:02 AM
ජනාදිපති තුමනි රතුපස්වලට සාධාරණය දැන්වත් ඉටු කරන්න.(ම)
මොහමඩ් Tuesday, 15 September 2015 10:18 AM
අනේ මන්දා (බ)
චන්ද්‍ර වීරසිංහ Wednesday, 16 September 2015 08:55 PM
හමුදාවේ අය කොහොමද තුර්කියේ පත්වීම් ලබන්නේ? හැංගිමුත්තන් කළාට ඔය දැන් එන්නේ එළියට!! (නි)
එස්. කල්පගේ Tuesday, 15 September 2015 10:28 AM
රජයේ නිලධාරීන්ට වෙනම නීතියක් නැත. රණවිරුවොත් නීතියට යටත් විය යුතුය.(බ)
බිමල් Tuesday, 15 September 2015 05:49 AM
කෙනෙකුව අත් අඩංගුවට ගන්න උසාවි නියෝගයක් ඕන නේද? (ම)
සරණපාල Tuesday, 15 September 2015 05:51 AM
අපේ හාමුදුරුවන්ට ජය වේවා. (ම)
හුසේන් මොහමඩ් Tuesday, 15 September 2015 05:57 AM
වැරැද්දක් කරලා නම්, දඬුවම් ලැබෙන්නොන.. එහෙම නොවුනොත් ඒවාට බලකිරීම හැම පුරවැසියෙකගේම වගකීමක් වගේම නිදහසේ ජීවත්වීමේ අයිතිවාසිකමක්. හාමුදුරුවනේ, අපි ඔබ සමගයි. ඔබට ජය.. (ම)
ප්‍රසාද් Tuesday, 15 September 2015 06:07 AM
දැන් පුළුවන් නම් කියන්න රට බේරගත්ත රණවිරුවෙක් නිසා අත්අඩංගුවට ගන්න එපා කියල.(ම)
චන්ද්‍ර වීරසිංහ Tuesday, 15 September 2015 09:28 PM
කඳුළු ගෑස් සහ දණහිසට පහළින් වෙඩිතැබීම දැන් අතීතයට එක්වෙලාද? (නි)
ඔෂාන් Wednesday, 16 September 2015 12:58 AM
ඒ ගැමියන්ට සාධාරණය ඉටුකරන්න (නි)