සම්ප්‍රදායික ඉස්ලාමීය බර්කා ඇඳුමින් සැරසී උසාවියට පැමිණීම පිළිගත නොහැකිබව ලන්ඩනයේ විනිසුරුවරයෙක් තීරණයක් දී ඇත.
ලන්ඩන් නුවර ෆින්ස්බරි පාර්ක් හිදී වෙනත් නඩුවක සාක්ෂිකරුවෙකුහට තර්ජනයකළ බවට චෝදනා ලබාසිටි 21 හැවිරිදි මුස්ලිම් තරුණියක සිය සර්වාංගය සම්පුර්ණයෙන් වැසෙන අන්දමේ සම්ප්‍රදායික ඇඳුමක් පැළඳ උසාවියට පැමිණි අවස්ථාවේදී මෙම ප්‍රශ්නය පැනනැගී ඇත.
අදාළ චෝදනාව සම්බන්දයෙන් තමන්ගේ වරද හෝ නිර්දෝෂීභාවය ප්‍රකාශය කිරීමට ප්‍රථමයෙන් විත්තිකරුගේ මුහුණ තමන්ට පෙනෙන අයුරින් විවර කළ යුතුබව විනිශ්චයකාර වරයා උසාවියට පැවසීය.එසේ නොමැතිව විත්තිකුඩුවේ ඉන්නා පුද්ගලයා කවුරුන්දැයි නිසැකව හඳුනාගැනීමට අපහසුබව විනිසුරුවරයා පැවසීය.
තමන්ගේ ආගමික විශ්වාසයට අනුව එය කිසිසේත්ම සිදුකළ නොහැකිබව විත්තිකාර තරුණිය කියා සිටියාය.
තමන් ඇයගේ මානව අයිතිවාසිකම සම්පුර්ණයෙන්ම පිළිගන්නාබව පැවසු විනිසුරුවරයා කියා සිටියේ උසාවියකදී කිසියම් ප්‍රකාශයක් කරන විට එම ප්‍රකාශය කරන්නේ කවුරුන්දැයි විනිසුරුවරයා නියතවශයෙන්ම දැනසිටීම යුක්තිය පසිදීමෙදී ඉතාමත් වැදගත් ක්‍රියාමාර්ගයක් වන බවය.
උසාවියේ පෙනීසිටින්නේ කවුරුන්දැයි හරිහැටි නොදැක තීරණයක් ගැනීම කළ හැකිදෙයක් නොවනබවද ඔහු පවසා ඇත.
විත්තිකරුගේ නීතීඥවරිය කියාසිටියේ ස්ත්‍රීන් ඉදිරියේදී ඇයගේ මුහුණ පෙන්වීම ප්‍රශ්නයක් නොවන බවත් පිරිමියෙකුට ඇයගේ මුහුණ ප්‍රසිද්ධියේ පෙන්වීම ඇයගේ ආගමික විශ්වාසයට පටහැනි බවය.
මේ නිසා මේ පිළිබඳව කළහැකි එකම පිළියම ඇයගේ සේයාරුවක් පෙන්වීමට හෝ ගැහැණු පොලිස් නිලධාරිනියකට ඇයගේ මුහුණ පෙන්වීමට බවද නීතීඥවරිය කියා සිටියාය.
එම ඉල්ලීම ප්‍රතික්ෂේපකළ විනිසුරුවරයා කියා සිටියේ උසාවියේ වැඩකටයුතු කිරීමේදී රටේ පිළිගත් නීතිය මුල්තැනට තැබෙන බවයි සම්ප්‍රදානුකුල ගතිපැවතුම් ගැන සලකා නීතියේ අවශ්‍යතා වෙනස් කළ නොහැකි බවද විනිසුරු කීවේය.
මීට වසර කිහිපයකට පෙර සරණාගතයෙකු ලෙස බ්‍රිතාන්‍යයේ ජීවත්වූ සෝමාලි ජාතිකයෙකු වෙළඳසලක් මංකොල්ල කෑමට ගිය අවස්ථාවේ පොලිස් නිලධාරිනියක් වෙඩිතබා ඝාතනයකළේය.
ආරක්ෂක කැමරාවල සටහන්ව තිබු චායාරුප පරීක්ෂාකර මංකොල්ලකරු හඳුනාගැනීමට පොලිසියට හැකිවිය.
එම අවස්ථාවේ සෝමාලි ජාතිකයා කළේ ඔහුගේ සොහොයුරියගේ බර්කා ඇඳුම පැළඳගෙන ඇයගේ විදේශ ගමන් බලපත්‍රය පාවිච්චිකර සොමාලියාවට පැනයාමය.
සෝමාලියාවේදී තමන්ට ජීවිත තර්ජන ඇතයි කියා බ්‍රිතාන්‍යයේ සරාණාගත පහසුකම් ලබා සැප පහසු ජීවිතයක් ගතකළ ඔහු අන්තිමේ පොලිසියෙන් බේරීමට සෝමාලියාවටම පැනයාම බ්‍රිතාන්‍ය සංක්‍රමණ නීතිරීති වල ඇති හාස්‍යජනක යථාර්ථය ඉස්මතුකර පෙන්වුබව ඒ දිනවල කතා බහට ලක්වී තිබුණි.
ප්‍රංශය සහ ජර්මනිය වැනි යුරෝපා රටවල බර්කා වාරණයක් පිලිබඳ සාකච්ඡාකරන නමුත් මධ්‍යස්ථවාදි නිදහස් මතධාරීන් බහුල ඉතාම මටසිලිටු ළිහිල් නීති රීති අනුගමනය කරන බ්‍රිතාන්‍යයේ එවැනි ක්‍රියාදාමයකට ඉඩක් ඇත්තේ නැත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද ලංකාවේ ඇති වී ඇති ස්ත්‍රී දුෂණ හා අපචාර වැලක්වීමට සෑම කාන්තාවකටම බුර්කාව ඇදීම කරන්න (දී)
මිනිසුන්ගේ මූලික අයිතිවාසිකම් තහවුරු කරන එක පරිස්සමෙන් කළ යුතු දෙයක්. ඒකයි මේ හැම ප්‍රශ්නයක්ම. (නි)
නීතිය හරියට පිලිපැදිය යුතුයි. එහෙම නැතිනම් ඒවාට හරියන රටකට යා යුතුයි. මම නම් ඔය මුහුණ වහන එක ගැන දන්නේ නැහැ. නමුත් එයට හැමෝවම බලන්න පුළුවනි නම් කොහොමද අනිත් අයට එයාව බලන්න බැරි.(නදී)
මේ ඇඳුම් දාගෙන ඕන ජරා වැඩක් කරන්න අනුමැතිය දෙන්න. ගහලා එලවන්න කියන්න උන්ගේ රටට.(නදී)
මානව හිමිකම් වලට ගරුකරනවා කිය කියා එංගලන්තය වගේ රටවල් ලෝකේ තියන ඕනෑම ත්‍රස්තවාදී කණ්ඩායමකට, ඕනෑම අපරාධකරුවෙකුට ආරක්ෂාව සපයනවා.ඒ මගින් අපි වගේ රටවල් වලට විශාල ප්‍රශ්න ඇති වෙනවා.ඒ ඒ රටවල් වලටත් දරාගන්න බැරි ලොකු ප්‍රශ්නයක් ආපු දවසට තේරේවි අහක යන නාගයෝ රෙද්ද අස්සේ දා ගත් රගේ. (නි)
බුර්කාව, හිජාබ් මේ ඇඳුම ඉස්ලාම් ධර්මයේ හදුන්වා දීලා තිබෙන්නේ කාන්තාවන්ගේ ආරක්ෂාව සඳහා. අපි පොදු ප්‍රවාහන (බස් රථ - දුම්රිය වල ) ගමන් කරනකොට දකිනවා ගැහැණු අය ඇඳගෙන ඉන්න ඇදුම් කොහොමද කියලා. සරාගී පෙනුමෙන් අඩනිරුවත පෙන්වන කාන්තාවන් තමා අනවශ්‍ය ලිංගික අඩම්තේට්ටම් වලට මුහුණ පාන්නේ. මේව බලලා ඒ තුලින් වින්දනයක් ලබන අය මේ ඇඳුමට විරුද්ධ වීම පුදුමයට කරුණක් නොවේ. තමන්ගේ සහෝදරිය හෝ බිරිඳ මේ විදියට හැසිරෙන්න ඕනෙයි කියලා හිත පිරිමි අයත් මේවට විරුද්ධ වෙනවා.සමහරු ලියල තිබෙනවා මුහුණේ අවලස්සන වහ ගන්න තමයි මේක අදින්නේ කියලා. තව කෙනෙක් කියනවා ඇඟ පුරා තුවාල වෙනවා කියලා. අපිට බාහිර පෙනුමෙන් කිසිම ගනුදෙනුවක් නැහැ. ගැහැණියකගේ ලස්සන රඳා පවතින්නේ ඇගේ පිරිසිදු චරිතයෙන්. ඔයාලා කියන මුහුණේ ලස්සන අපිට දූවිල්ල හා සමානයි. ඒ වගේම ඇඟේ තුවාල ඇති වුනොත් බෙහෙත් අරන් සනීප කරගන්න පුළුවන්. නමුත් දෙවියන් කෙරෙහි ඇති විශ්වාසය තුවාල වුනොත් ඒවාට බෙහෙත් නැහැ. නන්ද මහතාගේ - අදහසින් තේරුම් කරලා තියන දෙය තම මමත් කියන්නේ. ආගම ධර්මය අනුව ජීවත් වෙන්න සියලුම දෙනාට සම උරුමය ලබාදිය යුතුයි. කාගේවත් අයතිවාසිකම් / නිදහසට අනුන් හොට දැමීම සුදුසු නැහැ කියලා මම හිතනවා.(ස)
මෙය ලංකාවට තර්ජනයක්. ඇන්දත් කමක් නැහැ මූන පේන්න. ත්‍රස්තවාදායට හොද බුරුලක් මේ ඇදුම.(නදී)
අනිවාර්යෙන්ම මේක තහනම් කළ යුතුයි. මේක නිසා ඉදිරියේදී හොරු මංකොල්ලකාරයෝ වැඩි වෙයි. රටේ ආරක්ෂාව ගැන හිතලා ගන්න ඕනෑ තීරණයක්.. (නි)
අම්ම කෙනෙක් හරි තාත්ත කෙනෙක් හරි කියනවනම් තමන්ගේ දුව අඳින විදිය තමන්ට පාලනය කරන්න බහ කියල මේ ය තමන් ගැන ලජ්ජා වෙන්න ඕන.දෙමව්පියෝ නැතුව වෙන කව්ද මේ ය පාලනය කරන්නේ.මටත් තරුණ දුවරු ඉන්නවා ,ජීවත්වෙන්නේ බටහිර රටක මම කියල තියෙන්නේ කාලයෙන් කාලයට මෝස්‌තර එනවා නමුත් මගේ මව ඇන්දේ බොහොම සංවර ඇඳුම් මමත් එහෙමි අනෙත් ය කරන හැම දේම නොකර වෙනස් යමක් කරන්න ඔබලාට කොන්ද පන තියෙන්න ඕන කියල.එයාල කවදාවත් හෙළුවැලි ඇඳුම් අඳින්නේ නැහැ.එහෙම එකක් දැක්කත් කියන්නේ මේක මහල තියෙන්නේ අහවල් ගෑනුන්ට කියල.(අ)
රෝමයට ගියාම රෝම කාරයෙක් වගේ ඉන්න කියල කියමනක් තියෙනවා. ඔය ඇඳුම අතහරින්න බැරිනම් මොකටද බටහිර රටවලට යන්නේ. දෙගොල්ලන්ටම මල කරදරේ.(නදී)
මේ ඇඳුම සම්ප්‍රදායික මුස්ලිම් ඇඳුමක් නෙමේ. අරාබි රටවලින් පිට අඳින අය අන්තවාදී අදහස් තිබෙන උදවිය. කොටින්ම ත්‍රස්තවාදියෝ. ජීවත්වන රට කුමක් උවත් එම රට කෙසේ හෝ තමන්ගේ ග්‍රහණයට ගන්න යටි කුට්ටු උවමනාව හිත යට තියෙන කට්ටිය. කිතුලට නැග්ග එකාට කියන්න ඕන තරම් බොරු තියනවා වගේ දිව හැරුන හැරුන පැත්තට බොරු කිව්වට තේරෙන මිනිහට තේරෙනවා.(නදී)
නීලට තෑග්ගක් දෙන්න වටිනවා හොරේ අල්ල ගත්තට.(නදී)
ෙහාද තීරණයක්.ඉන්න රෙට් නීතියට ගරැ කරන්න බැරිනම් කැමති රටකට යන්න කියන්න (දී)
නියමයි , යම් රටකට ඕනෑම කෙනෙක් යන්නේ තමන්ගේ කැමැත්තෙන්, නැත්නම් එංගලන්තය මුස්ලිමුන්ව බලහත්කාරයෙන් ගෙනාවේ නැහැ නේ. තමන්ගේ තීරණයෙන් කැමැත්තෙන් අවනම් ඒ රටේ නීතියට අනුව ඉන්න ඕන, නැත්නම් නොගිහින් ඉන්න ඕන. මටනම් පෙනෙන්නේ මුස්ලිම් කතුන් තමන්ගේ මානව නිදහස තමන් විසින්ම කප්පාදු කොරගෙන තිබෙන්නේ, (දී)
මුස්ලිම් ආගමේ තියන පලවෙනි කෝලම තමා මේ ඇදුම. තමන් ඇග වහගෙන වටේම පිරිමි දිහා බල බල යනවා මේ ගෑනු. (නදී)
බර්කා ඇදුම ලංකාවෙත් තහනම් කළ යුතුයි යන්න මගේ අදහසයි (නි)
කුම්බලා මාළු කෑවා නම් විඳවන්න ලැහැස්ති වෙන්න බළලෝ. (නි)
ඒක හොදයි (නි)
අවශ්‍ය වුවහොත් මුහුණ නිරාවරනය කර හදුනාගැනීමට ඉඩ සලස්වන්න පුළුවන්. (නි)
හොද පුනරාගමනයක් (නි)
දවසක් බස් එකේ යනකොට මා ළගින් වාඩි වුනා මේ ඇදුම ඇදගෙන කාන්තාවක්. පුදුම වෙනසක් දැනුනා මගේ නහයට (නි)
නන්ද මහතාගේ අදහසට අපිත් එකගයි. ඒත් දැන් දැන් රටේ අපරාධ වැඩියි නේද?, ඔය ඇඳුම ඇතුලේ ඉඳගෙන ඕනෑම කෙනෙක්ට අපරාධ කරන්න පුළුවන්.අපේ මුස්ලිම් සහෝදරියන්ට අර 70 දශකයේ වගේ සාරි ඇදලා සාරි පොටෙන් ඔලුව වහගන්න පුළුවන් නේද? (නි)
පිට රටකට ඇවිල්ලා ජීවත් වෙනවා නම් ඒ රටේ නීතියට ගරුකළ යුතුයි. එහෙම කරන්න බැරිනම් තමන්ගෙ විශ්වාසයන්ට ගරුකරන වෙනත් රටක් පදිංචිය සඳහා තෝරා ගත යුතුයි යන්න මාගේ පිළිගැනීමයි. (නි)
මල විකාර.
ඔය බර්කාව දාගෙන වෙස් මාරු කරගත්ත පිරිමියෙක් පසුගිය කාලේ මුස්ලිම් කාන්තාවක් මරලා රන් බඩු කොල්ලා කාපු කතාවක් බියගම පොලිසියෙන් වාර්තාවී තිබුණා. (ස)
බුර්කාව එපා කියන්නේ ඇයි?අතීතයේ සිටම අපේ රටේ සහ වෙනත් රටවල බුර්කාව අදිනු ලබයි (නි)
හාරූන් අන්සාර්, දැන් ඔය කියන විදියට රටේ හැම කාන්තාවම ඔය ඇදුම ඇන්දොත් අපචාර හා දුෂණ සියල්ල නතර විය යුතුයි. එහෙමනම් ඇයි අරාබි රටවල් වල තාමත් ස්ත්‍රී දුෂණ සිද්ධ වෙන්නේ? එහෙමනම් ඔය ඇදුම ඒකට විසදුම නෙමෙයිනේ. අනික භික්ෂුණියකගේ ඇදුම කියන්නේ ෂරියා වහගන්න අදින ඇදුමක් විතරක්ම නෙමෙයි. සිවුරක් මහන ක්‍රමයක් පවා තියෙනවා. එයට වෙනමම අර්ථයක් තියෙනවා. එහෙමනම් පෙර සිංහල රජ දවස සීගිරි ලලනාවන් හිටපු මේ රටේ හැම ගැහැනියක්ම අතවරයට ලක්විය යුතුයි. නමුත් එසේ සිදුවී නැහැ. අනික ඔයාලගේ ආගමේ ඔය කියන තරම් කාන්තාවන්ට ගරු කරනවානම් අපේ රටෙන් යන සැම ගෘහ සේවිකවක්ම වගේ මුස්ලිම් හාම්පුතුන්ගේ අතවරයට ලක්වන්නේ කෙසේද? (නි)
ඇමරිකාව කල වැඩේ හරි නිතිය කාටත් පොදුයි (දී)
ප්‍රසන්න, ඔයා හරි. මෙතන සිංහල නම් වලින් අදහස් පල කරන කොන්ද පන නැති කට්ටියකුත් ඉන්නවා. (නි)
බර්කා ඇඳුම අද හැමතැනකම මොකොල්ලකෑම් සදහා යොදා ගැනීම බහුලව සිදුවන දෙයක්. සමහර අවස්ථාවාදීන් මෙයින් ප්‍රයෝජන ගන්නා බව පැහැදිලියි.රටක ආරක්ෂාව වෙනුවෙන් ඔවුන්ගේ ගෞරවයටත් හානියක් නොවන අයුරින් එයට විසදුමක් සෙවිය යුතුයි. (නි)
ලහිරු ලියලා තිබෙන දේවල් වලට මම පිළිතුරු දුන්ො නම් එයාගෙය් මගෙයි අතර කිසිම වෙනසක් නැතිවෙනවා. අනෙක් සහෝදරයන් සමග වෛරයක් ඇතිකරගන්න මම කැමති නැහැ. ඔහේ වගේ අය නිසා තමා අද යාපනයේ අපේ හමුදාවටත් මේ ආණ්ඩුවටත් විරුද්ධව දමිල අය පිල්ලේ මහත්මියට පේන්න බෝඩ් අල්ලාගෙන ඉන්නේ. මුලින්ම අනුන්ගේ ආගම් වලට ගරු කරන්න පුරුදුවෙන්න. මේවා මහා ලොකුකම් කියලා හිතන්න එපා. නූගත්කමේ විපාක තමා. (නි)
ගෆූර්, තමන්ගේ ආගමට ජාතිය විනාශ කරන්න අර අදිනකොට මොන කෙනාද ත්‍රස්තවාදියෝ නොවෙන්නේ? ලෝකය පුරා ඇතිවන හැම වාර්ගික අර්බුදයකම එක පාර්ශවයක් අනිවාර්යයෙන්ම හිමිකරගන්නේ කවර ජාතීන්ද? (නි)
නියම වැඩේ. ආරක්ෂාව ගැන හිතලා වත් බුර්කාව තහනම් කළ යුතුයි. (දී)
මුණ දැක්කා කියලා මොකක්ද වෙන්නේ. මුස්ලිම් අය තාමත් ජීවත් වෙන්නේ පරණ කාලේ අදහස් එක්ක. (නි)
සමහර ගැහැනුන් කරකියාගන්න දෙයක් නැති නිසා මේවා අදිනවා. (නි)
නුවන් ඔයා කියන විදිහට මේක තහනම් කලොත් අපේ රටේ (ස්ත්‍රී දූෂණ, මංකොල්ලය, මිනීමැරුම්, පාගා ගැනීම්, අල්ලස් ගැනීම්, සොරකම්, රාජ්‍ය දේපල අයතා පරිහරණය කිරීම්, කප්පම් ගැනීම්, පැහැර ගැනීම්, මත් ද්‍රව්‍ය , ළමා අපචාර, නිධන් හැරීම් හා මාධ්‍ය නිදහසට බාධා කිරීම් සහ අනෙකුත් සියලුම අපරාධ නතර වෙනවා. මොකද මේක තම ලංකාවේ සිදුවෙන ලොකුම අපරාධය කාන්තාවන් තමන්ගේ මුළු ශරීරය වැසෙන පරිදි ඇදුම් අදින එක. "අය්යෝ සල්ලි" මේකට තමා නුවන් කියන්නේ "අතීසාරයට අමුඩ ගහනවා කියලා" (නම නුවන් වුනාට තිබෙන්නේ අනුවන අදහස්) (ස)
නියම වැඩේ තමයි ඒකත්... (නි)
නයි රෙදි අස්සේ දා ගෙන මේ පර සුද්දෝ කනෝ කනෝ කියන දවස වැඩි ඈතක නොවෙයි.(අ)
හොදම හොඳ ආරම්භයක් (නි)
ඉස්ලාම් ආගමේ කොහේවත් මුහුණු වැසිය යුතුයි කියලා නැහැ. අපේ මුස්ලිම් කාන්තාවන් ඉස්ලාම් දහම ඉගෙන ගත යුතුයි. කරුණාකර ප්‍රශ්න ඇති කරන්න එපා.(නදී)
ආගමික රීතියත්, රටක තිබෙනෙ නීතියත් එකම වියයුතු නැහැ. ආගමික රීතින් බොහෝවිට සාම්ප්‍රදායිකවන අතර සමාජ සංවර්ධනයත් සමඟ වෙනස් වන්නේ නැහැ. ඒවගේම ආගමෙන් ආගමට පරස්පර විරෝධියි. හැබැයි රටක් නිතිය, සමාජ සංවර්ධනයත් සමඟ වෙනස් කිරිමට නැත්නම් සංශෝධනය කිරීමට සිදුවන්නේ එම රටේ සමස්ථ ජනතාවගේ සුබසිද්ධිය, ආරක්ෂව වැනි කරුනු නිසයි. මෙය හොඳින් තෙරුම් ගත යුතුයි. (අ)
ඔය ඇදුමින් මේ රටවලත් ගොඩක් වැරදි කරනවා (නි)
රවී ඔබගේ අදහසයි මගෙත් අදහස. (නි)
ඕනෑම රටක මුලික නීතියට ආගමික හෝ අනෙකුත් නීති යටත් විය යුතුයි.බැරිනම් පිළිගන්න අකමැති නම් රටින් පිට විය යුතුයි නේද? (නි)
මේ එංගලන්තේත් දේශපාලනය ,.ඉන්දියාවේ වගේමයි ,....උන්ගේ ඡන්දය ගිලිහෙයි කියල කිසිම පක්ෂයක් කෙලින් තීන්දු ගන්නේ නැහැ. ඒක නිසා තමයි කොටි සංවිදානය එංගලන්තයේ සෙල්ලම් දමන්නේ.(නදී)
ඔය කළු ඇදුම් අඳින ගැහැණු මූණේ අවලස්සන වහ ගන්න ඔහොම කරනවා ඇත්තේ. (ස)
ලන්ඩන් නඩුකාරයාගේ තීන්දුව හරියටම හරි .. ලංකාවෙත් ඔය වගේ ඇදුම් ඇඳගෙන හිටිය මාලිගාවත්තේ මිනිමරුවෙක් අල්ලගත්තා . මට සැකයි උපුල් සහ සිරිමල් සිංහල නම් දාගෙන හිටියට.මුස්ලිම් වෙන්න ඇති. (ස)
මේ ඇඳුම සාම්ප්‍රදායික මුස්ලිම් කාන්තා ඇඳුමක් නොවෙන බවයි දැන ගන්නට ඇත්තේ. ලංකාවේ 70 දශකයට පෙර මුස්ලිම් කාන්තා ප්‍රජාව සාරිය ඇඳලා සාරි පොටෙන් තමයි ඔලුව වහ ගත්තේ . මුණ වහන සම්ප්‍රදායක් නම් තිබිලා නැහැ. (නි)
ප්‍රසන්න, මම කියපු කතාවේ මිනීමරුවත් මාලිගාවත්තේ කෙනෙක්. එයාගේ සහෝදරියත් එක්කයි එම මිනීමැරුමයි මන්කොල්ලයයි කරලා තිබුනේ. (දී)
ෆස්රුල් ගෆූර් , මේ මිනිස්සුන්ගේ හිතේ කහට තියන් ඔය කතා කරන්නේ. මේ ඔක්කොටම මුල ඊර්ෂ්‍යාව තමා. වෙන මොකුත් නැහැ. ඔවුන්ට කියන්න වෙන කිසි දෙයක් නැති නිසා ඔය කියවන්නේ.මං නම් ඇත්තටම ඔය ඇඳුමට ගරු කරනවා ,මොකද මගේ දුව අඳින පළඳින විදිහ දැන් මටවත් නවත්වගන්න බැරි ගානට ගිහිල්ලයි තියෙන්නේ.අපේ රටේ දුවලත් අම්මලත් අඳින්නේ එකම විදිහට.අද අම්මලත් හිර කර කර අඳිනවා හරිම අවලක්ෂණයි (නි)
හිජබ්, බුර්කා, නිකාබ් ශුද්ධ කුරානයේ ඉස්ලාමිය කාන්තාවට ලබාදී තිබෙන අතිවාසිකමක්. නමුත් බුර්ක,නිකආබ් ඇඳුම් අඳින කාන්තාවන්ට,මෙවැනි අවස්ථාවල මුහුණ නිරාවරණය කර තමන්ගේ අනන්‍යතාවය පිළිඹිබු කිරීමට පැහැදිලිව ඉස්ලාමය අනුමැතිය ලබාදී තිබෙනවා.උදා:- බැංකු කටයුතු, වෛද්‍යවරයෙක් මුණ ගැසීමේදී සහ උසාවිය. ඉස්ලාමය තුල බල කිරීමක් නැත.. මෙය තහනම් කිරීමට කිසිදු අවශ්‍යතාවයක් නැත. මේ සිදුවීමේදී ඇයට ඉස්ලාම් අනුමැතිය ලබාදී තිබේ.පෞද්ගලික අදහස් වන මිසක් ඉස්ලාමය තුල මෙවැනි දෙයක් නැත. (ස)
මුහුණ වැසීම අනිවාර්ය නැති අතර එසේ මුහුණ වසාගැනීම ස්ත්‍රියකගේ අයිතියයි. නමත් හදිසි අවස්තාවක හෝ නීතිමය පදනමක් මත මුහුණ පෙන්වීම අනිවාර්යවේ. එසේ කල නොහැකි යයි යම් ස්ත්‍රීයක් කියනවා නම් එය ඇයගේ පෞද්ගලික අදහස් වන අතර ඉස්ලාමීය නිතිය නොවේ. නොදන්නා දේ දන්නා අයගෙන් අසා දැනගන්න. බොරු තර්ක කරන්නන් කරන්නේ ඇවිලෙන ගින්නට පිදුරු දැමීමක් වැනිය දෙයකි. (නදී)
කල යුතුම උනත් කරන්න කොන්ද පන තියෙන කෙනෙක් නැහැ නේ?(නදී)
මෙතැනදී එක දෙයක් කරන්න පුළුවනි. තමන්ගේ අපහසුතාවය නිසා කාන්තා නඩුකාරයෙක් ඉදිරිපිට නඩුව අහන්නට ඉල්ලා සිටින්නට පුළුවනි. (නදී)
ඒ තීන්දුවට මම එකඟයි
මාධවී ඔයාලා එක්තරා වර්ගයට අයත් ත්‍රස්තවාදීන්. එක රටක් තුළ සාමය තර්ජනය වන ආකාරයේ ක්‍රියා කිරීම්, අදහස් පළකිරීම්, ජාතීන් අතර අසමඟිය ඇතිකිරීම් මේවා සියල්ල ත්‍රස්තවාදය තමා. ඔයාලා වගේ කිසිම පිළිවෙලක් නැතුව ඇදුම් අදිනවට වඩා මේ ගොඩාක් හොඳයි. නීල් - අපි දන්නවා කවුද පිරිමි දිහා බලන්නේ පස්සේ හිනා වෙන්න හිනා නොවෙන්නේ කියලා. ලංකාවේ සිදුවෙන ගොඩක් මිනීමැරුම් අනියම් සම්බන්ධවලට සම්බන්ධ සිද්ධීන් මුල් කරගෙන. ඉතින් මුළු රටම දන්නා කවුද ඔය වගේ කරන්නේ කියන එක. (ස)
මුස්ලිම් ජනතාවට තම ආගම අදහන්ට අයිතිය තිබිය යුතුයි.එහෙත් අත්‍යවශ්‍ය විටක නම්‍යශීලී ලෙස ක්‍රියා කිරීමටත්, ඒ ඒ අවස්ථා වලදී ඊට ගැලපෙන අයුරින් කටයුතු කිරීමටත් ඒ ය සුදනම් විය යුතු නොවේද.(අ)
අපි මල් බලන්න ආසයි. ඒත් මල් කඩන්න අල්ලන්නේ නැහැ. ඕක අරාබිකරයේ දුවිලි කුනාටු වලින් මුණ බේරගන්න ආව එකක්ලු.(නදී)
මානව හිමිකම් උල්ලන්ගනයක්ද?
ලංකාවෙත් ඔය දේම කරන්න බැරිද ? (අ)
ෆස්රුල් ගෆූර් - කටාර් ඔය කියන විදියට කරන්නනම් රටකට මොකටද නීතියක්. ඔය ඇදුමට මුවා වෙලා ලෝකේ මොන තරම් හොර මැරකම් සිදු වෙනවද? ඔයාලගේ ආගමික නිදහස කියලා වල් බුරු සම්ප්‍රදායක් ඇතිකර ගත්ත පලියට රටක නීතියට හෝ ආරක්ෂාවට තර්ජනයක් වන ආකාරයෙන් කටයුතු කරන්න ඔයාලට බැහැ. ඔයාලගේ අය කොහොම කිව්වත් කාන්තාවක් සාමාන්‍ය ලෙස සාරියකින්, ගවුමකින් සැරසිලා යනවනම් ඔය කියන විදිහේ ප්‍රශ්න ඇතිවෙන්නේ නෑ. එහෙම ඇතිවෙනවා නම් ඒ ඇතිවන්නේ විකාර මානසිකත්වයක් ඇති අයෙකුට මිස සාමාන්‍ය අයෙකුට නෙවෙයි. සමහරවිට අල්ල එහෙම කෙනෙක් නිසාද දන්නේ නෑ. (ස)
'බුර්කාව එපා කියන්නේ ඇයි?අතීතයේ සිටම අපේ රටේ සහ වෙනත් රටවල බුර්කාව අදිනු ලබයි" අනිත් රටවල කෙසේ වෙතත් අපේ රටේ එහෙම එකක් නම් තිබුනේ නෑ. නිකන් මෝඩ කතා නොකිය ඉන්නවද. ඔය බුර්කව තහනම් කල යුතු විකාර ඇදුමක් බව මගේ අදහසයි.(ස)
බුර්කාව ලංකාවෙත් තහනම් කළ යුතුයි. ආගමිකව හිතලා නෙවේ සෞඛ්‍ය ගැන හිතලා. සාරියයි ඊට උඩින් බුර්කාවකුත් දාගෙන ගිනි මද්දහනේ යන කොට හොඳ ගණන් ඇති. ගඳ ගහන එකත් ටිකක් වැඩියි. (නි)
ඔය ඇඳුම් අඳින අය ලංකාවට ගැළපෙන්නේ නැහැ. ඇඳුමට ගැළපෙන රටක ඉන්න ඕනෑ.ගොඩක් රටවලට මේ ඇඳුම පෙන්නන්න බැහැ.දැනටමත් ලොකු ආන්දෝලනයක් තිබෙනවා ලෝකය පුරා මේ ඇඳුම ගැන සහ ආගම ගැන.ලිප ගිනි මෙළවෙන තෙක් කකුළුවා දිය කෙලියේ... (නි)
නිරුවතින් යන්න පුලුවන් නම් මොකෝ වහගෙන යන්න බැරි. මේවා ඒ ගොල්ලන්ගේ පෞද්ගලික දේවල් .හාරූන් අන්සාර් ඔබේ අදහස හරි (නි)
මම බන්දුල පෙරේරා එක්ක එකඟයි. බර්කාව ලංකාවේ තහනම් කළ යුතුයි. (අ)
...මේක තමයි නීතිය හරියට කිරියාත්මක කිරීමේ තිබෙන වැදගත්කම..රටේ නීතියට...වෙනත් කිසිවක් අදාළ නොවේ.අපේ ..රටේ නීතිය වල් වැදිලා තිබෙන්නේ ප්‍රතිපත්තියක් නොමැතිකම නිසයි.(අ)
මේක අද පැෂන් එකක් කරගෙන තියෙන්නේ.ඉස්ලාම් ආගමේ මෙවැනි දෙයක් කියා නැත. මේ හිජබ්, බුර්කා එක ත්‍රස්තවාදීන්ට, හොරුන්ට හොඳ වාසි ඇඳුමක්. (ස)
කරන්න තියෙන්නෙ එකම දෙයයි. එංගලන්ත නීතිය අනුව ජීවත් වෙන්න කැමති නැත්තම් ඒ අයට පවු නොදී ආපු තැනකට යනෙ එක. ගිහින් ඒ නීති අනුව ජීවත් වෙන එක.(අ)
ඔය ඇඳුමේ ඝනකමට ශරීරයට දාඩිය දන්නේ නැද්ද තුවාල සමේ රෝග වැඩිවෙනවා........ ගෑණු අයට ඕකත් දුකක් බන්දුල ගේ කීම හරි. (ස)
ඒ ඒ ජන කණ්ඩායම් වල සිරිත් විරිත් වෙනස් කරන්න දෙන්න බැහැ (දී)
ප්‍රන්සයේ නම් උසාවියක තබා රජයේ ආයතනයක්වත් ඇතුල්වීම නීතියෙන් තහනම් මේ බුර්කා ඇඳුමෙන්. වෙනත් රටවල නිතිය මම නොදනී. ප්‍රන්සයේ මුස්ලිම් කාන්තාවන්ට බුර්කා පැළඳීම තහනම් නැත. නමුත් කිසිම රජයේ ආයතනයකට ඇතුල්වීම බුර්කා පැළඳගත් මුස්ලිම් කාන්තාවන්ට තහනම්. ගුවන් තොටුපලකින් හෝ වෙනත් ක්‍රමයකින් රටට ඇතුළුවන මුස්ලිම් කාන්තාවන් බුර්කාව අයින් කර මුහුණ පෙන්නා ගමන් බලපත්‍රයේ තිබෙන මුහුණ හා සමාන බව ඔප්පු කල යුතුය.(නදී)
නීලා,ඉස්සෙල්ලා ඔබලා යටත්වෙලා තියෙන්නේ මොන නීතියටද මොන සංස්කෘතියටද කියන්න.පස්සේ බුර්කා ගැන බලමු (නි)
තම තමන්ගේ ආගමට අනුව ඇඳුම් අඳින්න දැනගන්න. මුස්ලිම් ගැහැණුන්ගේ ඇඳුම් ගලවන්න නැතුව.(දී)
ප්‍රංශයේ බුර්කාව තහනම් වන්නේ රජයේ ආයතනයන්ට ඇතුල් වීමට පමණක් නොවෙයි. සියලුම පොදු, මහජනයා ගැවසෙන ස්ථාන වල. බසය, දුම්රිය, මහපාරත් ඇතුළුව. යුරෝ 150 ක දඩයක් හිමියි. (ස)
ලෝකේ කොහේ උනත් ආගමික නිදහස තියෙන්න ඕනේ (දී)
උපුල් කියන කතාව හරියටම හරි. (නි)
ඒ මිනිස්සුන්ගේ සදාචාරයට අපි ගරහන්න හොද නැහැ (දී)
අද අපේ රටේ කොච්චර ගැණු ළමයි දුෂණය වෙනවද?අපි අදහස් ලියන මේ වෙලාවෙත් කීදෙනෙක් ගැණු ළමයි දුෂණය වෙන්න ඇත්ද? මේකේ බරපතල කම ගත්තොත් අද ලංකාවේ අවු; 5 සිට 85 දක්වා වයස් සීමාවක් නැතුව ස්ත්‍රීන් දුෂණය කරනෝ.. හේතුව:- ආගම් තියෙනවා ආගමට අනුව ජීවත් වෙන්නේ නෑ.රටේ නීතියක් තියෙනවා ප්‍රයෝගිකව ක්‍රියාත්මක වෙන්නේ නැ.ඒ නිසා සමාජය පිරිහිලා දුෂණය අතින්. හැම ධර්මයක්ම කියන්නේ ස්ත්‍රීන්ව ආරක්ෂා කරන්න ඕන කියලා.. නමුත් ඒක ප්‍රයෝගිකව වෙන්නේ ඉස්ලාම් දහමෙනුයි.මුස්ලිම්වරු හැටියට අපි දහමට පිටින් යන්නේ නැ. එදිනෙදා දුෂණය,අපයෝජනය කරන කාන්තාවන්,ගෑනු ළමයි අතරේ,මුස්ලිම් අය නැත.හිටයත් ඉතාම අඩුයි. මුස්ලිම් නොවන අය දුෂණය වෙන්නේ ඇයි? පැහැදිලිවම දහම අත්හැරිම. ක්‍රිස්තියානි ආගමේත් ඉස්ලාම් ආගමේ වගේම කාන්තා ඇඳුම් ගැන බයිබලයේ සදහන් වෙලා තියෙනවා.මරිය තුමියගේ ඇඳුම් බලන්න මුස්ලිම් කාන්තා ඇඳුම් එක්ක සසඳන්න .සිස්ට කෙනෙක් බලන්න හිජාබ් එකත් ඔලුවේ. ගිහිල්ලා අහන්න ඇයගෙන්.භික්ෂුණියක් දිහා බලන්නකෝ මුහුණ විතරයි පේන්නේ.අනිත් සියළු අංගයන් ආවරණය කරලා ඇයි? බුදුන්වහන්සේ දේශනා කරලා තියෙන නිසා.මෙතන බුර්කාවට විරුද්ධව අදහස් දාන අය නොදැනුවත්වම තම තමන්ගේ ආගමටත්, කාන්තාවටත් අපහාස කරනවා ඒ ගැන කණගාටුයි! (ස)